ඔය හදන තරම් යන්නේ නෑ බන්..ඕකෙන් 40%ක් විතර මැදපෙරදිග යනවා..ඉතුරු ටික එක එක වංචාකාරයන්ට අහුවෙනවා..අනික් ටික යුරෝප් ඕස්ට්‍රේලියා ඇප්ලයි කරලා රිජෙක්ට් වෙනවා..ඉතුරු ටික නිකම් රැල්ලට හදන උන්..මම දැක්කා නිව්ස් වල කියනවා රට යන්නේ නැත්තම් පාස්පෝට් හදන්න එපා කියලා..ගිය මාස වල පනස්දාහක් ද කොහෙද හදලා රට ගිහින් තියෙන්නේ පන්දාහලු..ඔන්න ඔහොම ගානක් කිව්වා මට හරියට මතක නෑ..ඔය රැල්ලට ගියාට එහෙම රටවල්වල ජොබ් ක්ශණිකව හොයාගන්න නෑ බන්..ඒකට කාලයක් යනවා.මොනවහරි පුහුණු වෙලා හරි පිලිවෙලට ගියොත් පුලුවන් වෙයි...ඔය රැල්ලට යන ගොඩක් එවුන් අපරාදේ ඩුබායි වල පාලම් යට එහෙම ඉදලා ජීවිතේට ආයේ හොද රටකට යන්න බැරිවෙන්න පාස්පෝට් එකට මාක් එකකුත් හදාගෙන ඩිපෝර්ට් වෙලා එනවා ඕවර්ස්ටේ ඉදලා..අපරාදේ ඉතින් ...