පා දහසේ මාරයා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    11056075_10203993373189492_566723295822815789_n.jpg

    11898537_10203993372829483_5763947878687431014_n.jpg

    11891206_10203993372589477_1370700958080018359_n.jpg

    11866311_10203993373069489_4733513419678813339_n.jpg
    11892114_10203993372629478_3166151379094994892_n.jpg
    11866376_10203993373029488_6087295771947326482_n.jpg
    11889522_10203993373269494_2023870683466959005_n.jpg



    පිළිකාව යනු කුමක්‌ද? එහි රෝග ලක්‍ෂණ මොනවාද? පිළිකාවක්‌ ඇතිවන්නේ කෙසේද? පිළිකාවක්‌ වැළඳුනු පසු සුවපත් විය නොහැකිද? ඔබ දැනුවත් කරන ලිපි මාලාවක තවත් කොටසකි මේ.
    පිළිකාව ආවේණිකද?


    සමහර පවුල්වල සාමාජිකයන් කිහිප දෙනෙකුම පිළිකාවන්ට ගොදුරු වී තිබෙනවා. ස්‌ත්‍රීන් අතර වන පිළිකාවන්ගෙන් 90% ක්‌ පමණ වන පියයුරු පිළිකාව හා පිරිමින් අතර බහුල පෙනහළු පිළිකාව සහිත මීයන් ආදර්ශයක්‌ විද්‍යාගාරයක්‌ තුළ පරීක්‍ෂාවට ලක්‌කළ විද්‍යාඥයන් පිරිසකගේ නිගමනය වූයේ පිළිකා ආවේණික විය හැකි බවයි. පිළිකාවන්ට ගොදුරු වන අවයවය මිනිස්‌ පරම්පරාවන්හි සමාන බවයි.


    ආසාදනයෙන් හෝ ස්‌පර්ෂයෙන් පිළිකාව බෝ වේද?
    පිළිකාව ස්‌පර්ශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් බෝ වන බවට දැනට සාක්‍ෂි නැහැ. මේ සඳහා ස්‌වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන්ගේ සිරුරට වරක්‌, දෙවරක්‌ හෝ කිහිපවරක්‌ පිළිකා පටක ඇතුල් හෝ බද්ධ කළද ඉන් පිළිකා හටගත්තේ නැහැ. ඉන් පෙනී යන්නේ සාමාන්‍ය පුද්ගලයන්ගේ සිරුර තුළ පිළිකා හටගැනීමට විරුද්ධව ප්‍රති පිළිකා යාන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බවයි.
    පිළිකාව සුවකළ හැකිද?


    ශරීරයේ වෙනත් කොටස්‌වලට සම්ප්‍රේෂණය වීමට පෙර හෝ යාබද පටකවලට පැතිරීමට පෙර එය හඳුනාගෙන ඉවත් කිරීමෙන් පිළිකාව සුවකළ හැකියි. පසුගිය දශක ගණනාවක්‌ තුළදී විකිරණ ප්‍රතිකාර හා ශල්‍යකර්ම මගින් පිළිකාවට ප්‍රතිකාර කිරීමේ විශිෂ්ට දියුණුවක්‌ ලබාගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රති - පිළිකා ඖෂධ සොයා ගැනීම නිසා පිළිකා පාලනය සෑහෙන ප්‍රවර්ධනයක්‌ දක්‌වනවා.


    පිළිකාවේ විවිධ මුහුණුවර



    කාසිනෝමාව



    මිනිස්‌ ශරීරයේ සම හා අභ්‍යන්තර අවයව මායිම් කරමින් පිහිටි අපිච්ඡදයේ හටගන්නා පිළිකා කාසිනෝමා ලෙස හඳුන්වනවා.




    සාකෝමාව



    සම්බන්ධක පටකයේ හටගන්නා ඕනෑම පිළිකාවක්‌ සාකෝමා වර්ගයට අයිතියි. අදාළ අවයවය අනෙක්‌ අවයවයන්ගෙන් සීමාවන පරිදි සිරුරේ ඕනෑම කොටසක මෙය හටගැනීමට පුළුවනි. තන්තුමය පටකය, පේෂි, මේදය, අස්‌ථි, කාටිලේජ, රුධිරය හෝ වසවාහිනී මීට ගොදුරු වෙනවා.




    ලියුකේමියාව


    මෙය රුධිරය ආශ්‍රිත පිළිකාවක්‌. ඇට මිදුළු හා අනෙක්‌ රුධිර ජනක පටක මගින් අපරිනත හෝ අසාමාන්‍ය ශ්වේතානු නිපදවීම එමගින් සිදුවෙනවා.




    ලිම්ෆෝමාව


    වසා පටකවල හෝ වසා ගැටවල හටගන්නා ඕනෑම උග්‍ර ගැටිත්තක්‌ ලිම්ෆෝමා ලෙස හැඳින්වීමට පුළුවනි.




    පිළිකාවේ රෝග ලක්‍ෂණ හා සංඥ



    පහත ඕනෑම එකක්‌ පිළිකාවක ලක්‍ෂණයක්‌ විය හැකියි.
    පියයුරු ප්‍රදේශයේ තද කොටසක්‌ හෝ ඉදිමුමක්‌.
    ඉන්නකුගේ හෝ ලපයක සිදුවන ශීඝ්‍ර හෝ අසාමාන්‍ය වර්ධනයක්‌
    ජීර්ණයේ හෝ වැසිකිළි යැමේ රටාව අප්‍රතිවර්ත්‍ය ලෙස වෙනස්‌වීමක්‌ (මළ බද්ධය වැනි)
    දුම් බොන්නකු නම් නොනවතින කැස්‌සක්‌ හෝ උගුර බැරැන්ඬි වීමක්‌.
    ඔසප් වීම හැර අන් අවස්‌ථාවකදී යෝනි මාර්ගයෙන් රුධිරය ගැලීම.
    සම, මුඛය හෝ ශරීරයේ වෙනත් විවරවලින් තුවාලයක්‌ නොමැති අවස්‌ථාවල පවා රුධිර ගලනයක්‌.
    සුව නොවන ඕනෑම දදයක්‌ හෝ වණයක්‌.
    හේතු රහිත අසාමාන්‍ය බර අඩුවීමක්‌.
    හේතු රහිත ආහාර අරුචිය.
    හේතු රහිත මද උණ ගතිය.
    මේ ලක්‍ෂණ එකක්‌ තිබුණත් ඔය වෛද්‍ය පරීක්‍ෂාවකට යොමු වීම හොඳම පිළියමයි. මන්ද ඔබ තුළ සැඟවී පැවැති රෝග තත්ත්වයන් අහම්බෙන් හෝ හඳුනාගැනීමට එය උපකාරි වන නිසා.










    වසන්ත විඡේරත්න
    විශේෂඥ වෛද්‍ය -
    O.P. cd.s f.a THE CANER ඇසුරිනි.)