.. hari oya peniya hoda nema kiyamuko.. hebei oya ekak wath wasa newe. eka nisa bewa kiyala wena awlak wenne ne..
Ow ow wena awul wenne naha because natural ingredients,habai ithin corona honda wenawada?
අන්න එතන තමයි උඹලට වැරදුන තැන
ඉඟුරු කියන්නේ හොඳ දේශීය අවුෂධයක්
මඤ්ඤොක්කා යනු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්නා කාබෝහයිඩ්රේට් ප්‍රභව වලින් තුන්වන තැනට පත්වන බෝගයයි.
මඤ්ඤොක්කා සමඟ ඉඟුරු හෝ ඉඟුරු වලින් සාදන ලද කිසිදු ආහාරයක් නොගත යුතුය.
ඉඟුරු තුළද ලිනමරේස් එන්සයිමය බහුලව පවතින අතර එමගින් මඤ්ඤොක්කා වල පවතින සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් සංයෝගය, හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් විය හැක.
මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි විද්‍යාත්මක පසුබිමතමයි ඔය කිවුවේ.
මඤ්ඤොක්කා විෂවීමකදී පහත ලක්ෂණ පහළ විය හැක.
හුස්ම ගැනීමේ වේගය වැඩිවීම (Rapid Respiration)
රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට, වඩා පහත මට්ටමකට වැටිය හැක ( Dropping of Blood Preassure)
පපුව ගැහෙන බව (Palpitation, Rapid pulse)
නිදිමත ගතිය හා හිසරදය.(Drowsiness and Headache)
ආමාශ හෝ බඩේ වේදනාවන් (Stomach pain)
වමනය (Vomiting)
දියරමය මළ පහ වීම , පාචන තත්වයන් (Diarrhoea)
මනස ව්‍යාකූල වීම ( Mental Confusion ),
මාංශපේශීන්ගේ ඇති වන හිරිවැටීම් හා ගැස්සීම් (Twitching)
ක්ලාන්තය හා සිහි නැතිවීම ( Convulsions) දීර්ගකාලීනව විෂ සුළුවශයෙන් ශරීර ගතවීමෙන් ගලගණ්ඩය ( Goitre)
යකඩ උරාගැනීම අඩු වීම
ඇවිදින විට විසීවෙන සුළු ගතියක් ( Unstable gait) පවා ඇති විය හැක.
විශාල ප්‍රමාණවලින් සෑහෙන කාලයක් ආහාරයට ගතහොත් ක්‍රමක්‍රමයෙන් ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩිවී මරණය පවා සිදුවිය හැක.
මඤ්ඤොක්කා ආහාරයට ගැනීමෙන් පසු ඉහත ලක්ෂණ පහළ වුවහොත් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යෝග්‍යය.