පැණිවෙදාට සම්බුව දෙන්න යන්නේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,826
    39,795
    113
    Homagama
    මම එදා කිව්වා හොර වෙදාට සම්බුව දෙනවාමයි කියලා. රැවටිච්ච ඇමතිවරුන්ට වෙච්ච චාටරේ වහගන්න දම්මිකට සම්බුව දෙනවාමයි උන්. ඔකට පෙරගමන් තමා මේ



    කොරෝනා වයිරසය මැඩලීම සඳහා පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික වෙදමහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    වෙදමහතා බටහිර වෛද්‍යවරයකුට පහරදුන්නේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

    වෛද්‍යවරයා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී ඔහු සමඟ ඇති වු බහින් බස්වීමක් සමඟ දෙපිරිස අතර ගැටුම්කාරී තත්වයක් උදා වූ බවද එහිදි තමාට පහරදීමක් සිදු බවද වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

    ඒ අනුව ධම්මික බණ්ඩාර මහතාට එරෙහිව මෙම පරීක්ෂණය අරඹා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මාත් මුලින් මෙයාගේ ජාතකේ හෙව්වේ නැහැ ටිකක් positive හිතුවේ
    කාලි මෑණි සින් එක දැක්ක ගමන් පට්ට මානසික ලෙඩෙක් කියලා තේරුනා