පැණි' අමාත්‍ය චන්න ජයසුමනගේ පශ්චාත් උපාධි හොර ඒවා..!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකා හොරාචාරියෙක්..! මෙන්න ඇත්ත..!

    පසුගිය දිනවල සුදර්ශන නම් ආයුර්වේද පැණිය රජයේ රෝහල් වලට ලබා දීමට කටයුතු යොදන්නැයි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයකු යැයි කියා ගන්නා රාජ්‍ය අමාත්‍ය චන්න සුදත් ජයසුමන කියා සිටියේය. ඔහු ගේ එම "ඔල්මොරොන්දන් කතාව" ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙකුට කෙසේවත් නොගැලපෙන්නකි. එනිසා ඔහුගේ මහාචාර්ය පදවිය සහ ඊට පදනම් වූ පශ්චාත් වෛද්‍ය උපාධි පිළිබඳව ද බරපතල සැකයක් මතුව ඇත. ඖෂධවේදය ගැන මහාචාර්යවරයෙකු යැයි කියන නමුත් චන්න ජයසුමන විසින් කරන ලද එම ප්‍රකාශය මගින් ඖෂධවේදය හා ඖෂධ ලංකාවේ ලියාපදිංචි කරන ක්‍රමවේදය පිළිබඳව ඔහු තුළ කිසිදු දැනීමක් නොමැති බව මනාව පැහැදිලි වෙයි. අනෙක සිංහ වෙස් ගත් නරින් සිටිනුයේ කතාන්දර වල පමණක් නොවන බව ද අපට රහසක් නොවේ. එනිසා ඔහුගේ පශ්චාත් උපාධියේ සත්‍ය අසත්‍ය ගැන සෙවීමට කටයුතු කළේ එබැවිනි.

    රජරට විශ්වවිද්‍යාලයයීය තොරතුරු දත්ත පද්ධතියේ ඔහුගේ පශ්චාත් උපාධිය පිළිබඳ කිසිවක් සඳහන්ව නොමැති අතර, අන්තර් ජාලයේ පවා PhD සහ FRCP Edinburg යනුවෙන් සඳහන්ව ඇත. නමුත් ඔහු මේ PhD කියන උපාධිය ලබාගත්තේ කොහෙන්ද යන්න සඳහන්ව නැත. එම නිසා ඉතාමත් අපහසුතාවයෙන් පහත සඳහන් අන්තර් ජාල ලින්ක් සොයා ගෙන ඔහුට පශ්චාත් උපාධිය ලැබි ඇත්තේ, RU හෙවත් රජරට විශ්වවිද්‍යාලයෙන් බව සනාථ කර ගැනීමට අපට හැකිවිය. https://www.ringvorlesung-witzenhausen.de/team_member/dr-channa-jayasumana/

    එසේ නම් රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන මෙම මහාචාර්යවරයා තමන්ගේ PhD උපාධිය ලබාගෙන ඇත්තේ ද රජරට විශ්වවිද්‍යාලයෙනි. එසේම එහි සඳහන් වන්නේ ඔහු Toxicology නම් “විෂවේදය“ පිළිබඳ තමන්ගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ඇති බවයි. ආචාර්ය උපාධියක් සඳහා අවම වශයෙන් වසර තුනක කාලයක් පූර්ණ කාලීනව ගත කළ යුතුය. එහෙත් චන්න ජයසුමන එවැනි කාලයක් ගත කළේ දැයි යන්න සැකයක් පහල වී ඇත. එසේම රජරට විශ්වවිද්‍යලය යනු වෝහාරික වෛද්‍ය විද්‍යා {Forensic Medicine} විෂය පථයට අයත් විෂවේදය පිළිබඳ වෙනම අධ්‍යනාංශයක් වත් නොමැති ආයතනයකි. එවැනි ආයතන වල මූලික වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ට විෂවේදය පිළිබඳ අධ්‍යාපනය දීම හැරුණු කොට ඊට වැඩි යමක් සිදු නොවේ. ඒ අනුව කිසිදු පර්යේෂණ සහ සංවර්ධන කටයුත්තක් සිදු නොවන ඒ විෂය සම්බන්ධ මහාචාර්ය වරයකු හෝ ආචාර්ය මණ්ඩලයක් වත් නොමැති රජරට විශ්වවිද්‍යාලයෙන් චන්න ජයසුමනට 'විෂවේදය' පිළිබඳ ආචාර්ය උපාධියක් පිෙග්නමන ලද්දේ කවුරුන් විසින් ද යන්න විශේෂයෙන් සොයා බැලිය යුත්තකි. වඩාත් සරල ලෙසින් කිවහොත් එය කනිෂ්ට විද්‍යාලයකින් උසස් පෙළ විභාගයක් සමත් වූ බවක් පැවසීමට සමානය.

    ඒ අනුව චන්න ජයසුමන ඔහුගේ PhD උපාධිය ලබාගැනීම ඔහු විසින්ම කරන ලද මගඩියක්ය යන සැකය අප තුළ පහළව ඇත. එසේ නම් මෙය බරපතල වංචාවකි. ආචාර්ය මණ්ඩල ඌණතාව මත මූලික වෛද්‍ය උපාධි පාඨමාලා පවා මහත් අසීරුවෙන් පවත්වාගෙන යන රජරට විශ්ව විද්‍යාලයෙන් චන්න ජයසුමන හිමි කර ගත් මෙම උපාධිය හොර, වංචනික එකක් බව කීමට අප පසුබට නොවන්නේ ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමිනි.

    ඉන් අනතුරුව ඔහුට FRCP Edinburgh නමින් 'වෛද්‍ය උපාධියක්' ඇතැයි ඔහු කියයි. මෙම "වෛද්‍ය උපාධිය" යම් අයෙකුගේ පදවි හා තානාන්තර බලා ප්‍රදානය කරන Fellowship නාමයක් මිස විභායකට මුහුණදී ලබාගන්නා උපාධියක් නොවේ. ඒ නාමයේ ශ්‍රේණි 4 ක් තිබේ. ඒ නාමයන් පවත්වාගෙන යෑම සඳහා එංගලන්තයේ එඩින්බර්ග් රෝයල් කොලීජියට වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුය. එයද ශ්‍රේණි අනුව වෙනස් ය. ඉහළම ශ්‍රේනියේ නාමය පවත්වාගෙන යෑමට වැඩි මුදලක් ගෙවිය යුතු අතර පහළම එකට අඩු මුදලකි. ඒ අනුව චන්න ජයසුමන මෙම දෙවැනි උපාධිය යයි කියා ගන්නා නාමය ඔහු විසින් ලබාගෙන, පවත්වාගෙන යන්නේ එංගලන්තයට මුදලක් ගෙවමිනි. චන්න ජයසුමන ලංකාවේ ජනතාව අන්දා ඇත.

    මේ ආකාරයෙන් බැලූ කල ඔහු තමන්ගේ මූලික MBBS උපාධිය හැරුණු කොට අනෙකුත් සියලු පශ්චාත් උපාධි යැයි හඳුන්වා ගන්නා උපාධි වංචා සහගතව ප්‍රදර්ශනය කරන්නෙකු බව අපගේ නිගමනයයි. ඒ අනුව මොහු දැනට රජරට විශ්ව විද්‍යාලයේ දරන ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය පදවිය ද ඒ සමඟම බරපතල අභියෝගයකට ලක් වේ. මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳ සාමාන්‍ය දැනුම් තේරුම් ඇති අයකුට පවා වැටහෙන මෙම බරපතල වංචාව මෙතෙක් සැඟව පවතිනුයේ චන්න සුදත් ජයසුමන තම කෙබර PhD උපාධියේ තොරතුරු වසන් කරගෙන හිඳින නිසා සහ දේශපාලන අනුග්‍රහය නිසා ය.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    0B71A681-031F-44A4-8245-79A7FFB57489.jpeg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චන්න ජයසුමන මහතාට එරෙහි මඩ පුවත් සම්බන්ධයෙනි!
    මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ උපාධිය, පශ්චාත් උපාධිය සහ පර්යේෂණ ගැන අසත්‍ය කරුණු සදහන් කරමින් මඩ පුවත් කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු අපි නිරීක්ෂණය කළෙමු. රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කඩිනම් කිරීමට පියවර ගැනීමත් සමග උරණ වූ පිරිසකගේ උවමනාවට මෙම පුවත් නිර්මාණය වූ බව පෙනී යයි.
    චන්න ජයසුමන මහතා සිය වෛද්‍ය උපාධිය, පශ්චාත් වෛද්‍ය උපාධිය සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ අධි සාමාජිකත්වය (FRCP Edin) නිසි සුදුසුකම් සම්පුර්ණ කිරීමෙන් ලබා ගෙන ඇත. එම ප්‍රමිතිය පිලිබඳ කවරකුට හෝ ප්‍රශ්නයක් ඇත්නම් එම උපාධි සහ සාමාජිකත්ව ලබා දීමට සම්බන්ධ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කැලිෆෝර්නියා රාජ්‍ය විශ්වවිද්‍යාලය, එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියෙන් විමසීම සුදුසුය.
    මහාචාර්ය ජයසුමන (සහ ඇමරිකාවේ වෙසෙන මහාචාර්ය සරත් ගුණතිලක) ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යභිවර්ධන සංගමය ලබා දෙන AAAS සම්මානය ලබා ගත් පළමු සහ එකම දකුණු ආසියාතිකයන් වේ. තව ද ඔහු බටහිර වෛද්‍ය විද්‍යාව පිලිබඳ OXFORD පාඨ ග්‍රන්ථ 2කට පරිච්ජේද සපයා ඇත. ශ්‍රී ලංකාවේ අඩුම වයසින් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්ය පදවියට පත් චන්න ජයසුමන මහතා අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා සගරාවල පර්යේෂණ පත්‍රිකා 25 කට වඩා පල කර ඇත. ඔහු විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මානය කිහිපවරක් ලැබුවෙකි; ලොව ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විද්‍යා සැසිවාර ගණනාවක ආරාධිත දේශන පැවැත්වූවෙකි.
    චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් ප්‍රචාරය කරන අසත්‍ය පුවත් පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර එමගින් ඒ මහතා රට දැය සමයේ අභිවෘධියට සිදු කරන කටයුතුවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව අවධාරණය කරමු.
    මාධ්‍ය ඒකකය CJ

    උදේ පාන්දර lankaenews බොරු දාන්න එපා ගොනෝ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    චන්න ජයසුමන මහතාට එරෙහි මඩ පුවත් සම්බන්ධයෙනි!

    මහාචාර්ය ජයසුමන (සහ ඇමරිකාවේ වෙසෙන මහාචාර්ය සරත් ගුණතිලක) ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යභිවර්ධන සංගමය ලබා දෙන AAAS සම්මානය ලබා ගත් පළමු සහ එකම දකුණු ආසියාතිකයන් වේ.
    මාධ්‍ය ඒකකය CJ

    උදේ පාන්දර lankaenews බොරු දාන්න එපා ගොනෝ
    AAAS මෙම්බර් වුනා නං ඒ අවුරුද්දේ මෙම්බර් ලිස්ට් එක දාපන්, ඒක පබ්ලික් සයිට් එකක ඇත්තේ! පී එච් ඩී එකේ තීසිස් එකේ පී ඩී එෆ් එකක් ඇතිනේ කොහෙද ඒක තියෙන්නේ??
     
    Last edited:
    • Like
    Reactions: waca

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මුළු මහත් ලෝකය පිළිගන්න මනුස්සයා ට ඔන්න lankaave මාෆියා කාරයෝ ගහන්න අරන්..... මෙතුමා ට සේනක බිබිලේ මහතා ට vada පරෙස්සම් venna veyi
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA

    බොරු මඩ ගහන එක නව්ත්තනකන් JVP එකට ගොඩ යෑමක් නැ ඉතින්. අපරාදේ දීපු චන්දෙ
    මුන් අතේ මාටු වෙන බොරු දාලා තියන චන්ද ටිකත් නැති කරගන්නවා, කුහක කමේ උපරිමය
     
    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    AAAS මෙම්බර් වුනා නං ඒ අවුරුද්දේ මෙම්බර් ලිස්ට් එක දාපන්, ඒක පබ්ලික් සයිට් එකක ඇත්තේ! පී එච් ඩී එකේ තීසිස් එකේ පී ඩී එෆ් එකක් ඇතිනේ කොහෙද ඒක තියෙන්නේ??
    AAAS මෙම්බර් කියලා නෑනේ.එකේ අවෝඩ් එක හම්බුනා කියලානේ තියෙන්නේ.
    මේ AAAS සයිට් එකේ ඒ CKD වලට දුන්නා කියලා තියන පිටුව.

    https://www.aaas.org/page/aaas-award-scientific-freedom-and-responsibility-0
    Screenshot_2020-10-31-08-52-27-256_com.opera.browser.jpg
     
    • Like
    Reactions: senewimala1988

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    චන්න ජයසුමන මහතාට එරෙහි මඩ පුවත් සම්බන්ධයෙනි!
    මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ උපාධිය, පශ්චාත් උපාධිය සහ පර්යේෂණ ගැන අසත්‍ය කරුණු සදහන් කරමින් මඩ පුවත් කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු අපි නිරීක්ෂණය කළෙමු. රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කඩිනම් කිරීමට පියවර ගැනීමත් සමග උරණ වූ පිරිසකගේ උවමනාවට මෙම පුවත් නිර්මාණය වූ බව පෙනී යයි.
    චන්න ජයසුමන මහතා සිය වෛද්‍ය උපාධිය, පශ්චාත් වෛද්‍ය උපාධිය සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ අධි සාමාජිකත්වය (FRCP Edin) නිසි සුදුසුකම් සම්පුර්ණ කිරීමෙන් ලබා ගෙන ඇත. එම ප්‍රමිතිය පිලිබඳ කවරකුට හෝ ප්‍රශ්නයක් ඇත්නම් එම උපාධි සහ සාමාජිකත්ව ලබා දීමට සම්බන්ධ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කැලිෆෝර්නියා රාජ්‍ය විශ්වවිද්‍යාලය, එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියෙන් විමසීම සුදුසුය.
    මහාචාර්ය ජයසුමන (සහ ඇමරිකාවේ වෙසෙන මහාචාර්ය සරත් ගුණතිලක) ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යභිවර්ධන සංගමය ලබා දෙන AAAS සම්මානය ලබා ගත් පළමු සහ එකම දකුණු ආසියාතිකයන් වේ. තව ද ඔහු බටහිර වෛද්‍ය විද්‍යාව පිලිබඳ OXFORD පාඨ ග්‍රන්ථ 2කට පරිච්ජේද සපයා ඇත. ශ්‍රී ලංකාවේ අඩුම වයසින් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්ය පදවියට පත් චන්න ජයසුමන මහතා අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා සගරාවල පර්යේෂණ පත්‍රිකා 25 කට වඩා පල කර ඇත. ඔහු විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මානය කිහිපවරක් ලැබුවෙකි; ලොව ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විද්‍යා සැසිවාර ගණනාවක ආරාධිත දේශන පැවැත්වූවෙකි.
    චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් ප්‍රචාරය කරන අසත්‍ය පුවත් පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර එමගින් ඒ මහතා රට දැය සමයේ අභිවෘධියට සිදු කරන කටයුතුවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව අවධාරණය කරමු.
    මාධ්‍ය ඒකකය CJ

    ජය සුමනා ගේ සෙට් එකට රිදිලා වගේ !!!ඇත්තටම පව්
    මට නම් ඕකේ තියෙන අවුල රජරට විශ්ව විද්‍යාලය වගේ පහසුකම් අඩු මෑතක පිහිටවූ ආයතනයකට Medicine සම්බන්ධ phd එකක් ප්‍රධානය කිරීමට තිබිය යුතු අවම ප්‍රමිතියවත් තියෙනවද කියලා ???
     
    • Like
    Reactions: waca

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,522
    113
    :lol: රතු අලි අමුඩෙ ගහගෙන මඩ වලේ බැහැල එලියෙ ඉන්න එවුන්ට බොරු මඩ ගහනව, උන් දන්නෙ නෑ උන්ගෙ ඇගේ තමයි වැඩිපුරම මඩ ගෑවිල තියෙන්නෙ කියල
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්න ජයසුමන මහතාට එරෙහි මඩ පුවත් සම්බන්ධයෙනි!
    මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාගේ උපාධිය, පශ්චාත් උපාධිය සහ පර්යේෂණ ගැන අසත්‍ය කරුණු සදහන් කරමින් මඩ පුවත් කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය වනු අපි නිරීක්ෂණය කළෙමු. රට තුළ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කඩිනම් කිරීමට පියවර ගැනීමත් සමග උරණ වූ පිරිසකගේ උවමනාවට මෙම පුවත් නිර්මාණය වූ බව පෙනී යයි.
    චන්න ජයසුමන මහතා සිය වෛද්‍ය උපාධිය, පශ්චාත් වෛද්‍ය උපාධිය සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියේ අධි සාමාජිකත්වය (FRCP Edin) නිසි සුදුසුකම් සම්පුර්ණ කිරීමෙන් ලබා ගෙන ඇත. එම ප්‍රමිතිය පිලිබඳ කවරකුට හෝ ප්‍රශ්නයක් ඇත්නම් එම උපාධි සහ සාමාජිකත්ව ලබා දීමට සම්බන්ධ වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, කැලිෆෝර්නියා රාජ්‍ය විශ්වවිද්‍යාලය, එඩින්බරෝහි රාජකීය වෛද්‍යවරුන්ගේ සමිතියෙන් විමසීම සුදුසුය.
    මහාචාර්ය ජයසුමන (සහ ඇමරිකාවේ වෙසෙන මහාචාර්ය සරත් ගුණතිලක) ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යභිවර්ධන සංගමය ලබා දෙන AAAS සම්මානය ලබා ගත් පළමු සහ එකම දකුණු ආසියාතිකයන් වේ. තව ද ඔහු බටහිර වෛද්‍ය විද්‍යාව පිලිබඳ OXFORD පාඨ ග්‍රන්ථ 2කට පරිච්ජේද සපයා ඇත. ශ්‍රී ලංකාවේ අඩුම වයසින් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ මහාචාර්ය පදවියට පත් චන්න ජයසුමන මහතා අන්තර්ජාතික වෛද්‍ය විද්‍යා සගරාවල පර්යේෂණ පත්‍රිකා 25 කට වඩා පල කර ඇත. ඔහු විද්‍යාත්මක පර්යේෂණ සඳහා වන ජනාධිපති සම්මානය කිහිපවරක් ලැබුවෙකි; ලොව ප්‍රමුඛ පෙලේ වෛද්‍ය විද්‍යා සැසිවාර ගණනාවක ආරාධිත දේශන පැවැත්වූවෙකි.
    චන්න ජයසුමන මහතා සම්බන්ධයෙන් ප්‍රචාරය කරන අසත්‍ය පුවත් පිළිකුලෙන් යුතුව බැහැර කරන අතර එමගින් ඒ මහතා රට දැය සමයේ අභිවෘධියට සිදු කරන කටයුතුවලට කිසිදු බලපෑමක් ඇති නොවන බව අවධාරණය කරමු.
    මාධ්‍ය ඒකකය CJ

    උදේ පාන්දර lankaenews බොරු දාන්න එපා ගොනෝ

    උගෙ මාධ්‍ය ඒකකයෙන් ඕක ඇත්තක් කියල පිලිගනීද?

    ඕකෙ ඇත්ත නැත්ත කොහොම උනත් ජයසුමන වගේ "බහුබූත අන්තවාදියෙක්" පොහොට්ටුවට පැටලුන එක ගැන මගේ කනගාටුව
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,522
    113

    "2010-2015 රජය බිද වැටීමට එක හේතුවක් වූයේ එම රජයේ නායකයන්ට සහ ක්‍රියාකාරකම්වලට එල්ල වූ අභූත චෝදනා “මඩ” ලෙස සලකා නොසලකා හැරීමයි. අවසානයේ නැවත නැවත ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ඇත්ත ලෙස ඒත්තු ගැන්වීමට මඩ කරියෝ සමත් වූහ. "