මොහු කලකට ඉහතදී තරබාරු පුද්ගලයකු ගේ ඡායාරූප මාලාවක් ලබාගත්තා. එම පුද්ගලයා වලසෙකු මීපැණි කන ආකාරයට ඡායාරූප ගැනීමට ඔහුට සිත්වුණා. මේ පුද්ගලයාගේ අත මි පැණි වලින් වැසි ඇති විට අතින් මි පැණි බේරෙන ආකාරය දුටු බ්ලේක් ට එහි ඇති අමුතුම කලාත්මක ගතියක් පෙනෙන්නට වුණා. මේ සමඟම ඔහු මීපැණි යොදාගෙන කළහැකි ඡායාරූපකරණයකට යොමු වුනා. මේ කටයුත්ත සඳහා ඔහු නොයෙක් වයස් පරතර වල සිටින පුද්ගලයන් යොදාගත්තා. අවුරුදු එකහමාරේ ළදරුවෙකු වගේම අවුරුදු 85ක් වයස කාන්තාවක් දක්වා වයස් පරාසය පැතිර තිබුණා. මි පැණි රාත්තල් 4500ක් පමණ මේ සඳහා යොදාගෙන තිබුණා. මේ කටයුත්ත සඳහා දායක වුණු පුද්ගලයන්ටත් අමුතුම ආකාරයේ අත්දැකීමක් ලැබුණා.
මේ වසරේ පෙබරවාරි මස මේ ඡායාරූප ඇතුලත් “Preservation Monograph” ඡායාරූප පෙළ ඔහු විසින් එළිදක්වනු ලැබුණා.
upta ganima sira.lkමේ වසරේ පෙබරවාරි මස මේ ඡායාරූප ඇතුලත් “Preservation Monograph” ඡායාරූප පෙළ ඔහු විසින් එළිදක්වනු ලැබුණා.
Last edited:





