පැණි වළලු සහ මහාචාර්යය ගංගානාත් දිසානායක

Oct 31, 2012
114
94
0
පැණි වළලු සහ මහාචාර්යය ගංගානාත් දිසානායක

පැණි වළලු සහ මහාචාර්යය ගංගානාත් දිසානායක ..( prof. ganganath dissanayake )

559524_258636547592011_976190634_n.jpg


602486_141140969356877_438556884_n.jpg


562697_141141202690187_1202291072_n.jpg



මහාචාර්යය ගංගානාත් දිසානායක නොදන්නා කෙනෙක් නැතිතරම් . එයා තමයි ලංකාදීප පත්තරේට පැණි වළලු තීරු ලිපිය ලියන්නේ ...
පුදුම ලිවීමේ හැකියාවක් එතුමාට තියෙන්නේ
මගේ මේ ලිපියේ අරමුණ ගැන පැහැදිලි කරොත් මට ඇත්තටම ඕන වෙන්නේ ඔයාලටත් ඒ ලිපි පෙන්නන්න .
මොකද ඒවගෙන් අපේ ජිවිතයට ගන්න පුළුවන් දේ බොහෝයි .

මම එතුමාගේ එක තීරු ලිපියක් මෙතන පොස්ට් කරන්නම් .
අනික් ලිපි ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න : http://www.facebook.com/pani.walalu.9
එතුමා ලියන අලුත්ම ( පැණි වළලු ) තීරු ලිපි බලන්න හැම ඉරිදාම ලංකාදීප > රසවිත කොටස බලන්න .
( ලංකාදීපේ රසවිත, තක්සලාව , සදැල්ල කියල කොටස් තියනවා . ඒකයි මම එහෙම කිවුවේ )

මෙන්න එහෙනම් එක තීරු ලිපියක් :

_________________________________________________________

හදිස්සිය


379290_126529104151397_1272698031_n.jpg


උදේ ඉර එළිය තීරු තීරු ගස්වල කොළ අතු අස්සෙන් බේරිල ඇවිත් කොබෝනීල ගස්වල කොළවලට වැටිල ඒවගේ ඉතුරු වෙච්ච පිනිත් එක්ක දිලිසෙනව. පිනිවලින් පෙඟිච්ච පිහාටු පුම්බගෙන ඒව ගස ගස කහ පාට හොටවල් උල් කර කර ඒ ගස්වල උඩිනුත් යටිනුත් එල්ලිල දෙමළිච්චෝ කෑ ගහනව. කවුද කියල අඳුරන්න බැරි එක එක ජාතියෙ කුරුල්ලො එක එක සද්දවලින් ගස් අස්සවල ඉඳන් කෑ ගහනව. කුරුල්ලන්ගෙ සද්දවලින් ඉතිරෙන්න තරමට කන් පිරෙනව.
දවස් දෙක තුනකට ලංකාවට ආපු මොරි සචෝ ආපහු යන්න ලෑස්තිවෙලා කලින්ම ඇඳගෙන ගෙයින් එළියට බැහැල ඇස් දෙක පියාගෙන කුරුල්ලන්ගෙ සද්දෙ අහනව. මොරි කියන්නෙ එයාගෙ නම. සචෝ කියන්නෙ සමාගමක අයිතිකාරයා කියන එකයි. එයා ජපානෙ ලොකු මිනින්දෝරු සමාගමක අයිතිකාරයා. ලෝකෙ මුල්ම රොබෝ මිනින්දෝරුවො වැඩ කරන රථය හැදුවෙත් ඒගොල්ලො.

මං ගෙයින් එළියට බහිනකොටත් එයා සිගරට් එකක් උර උර ඇස් දෙක පියාගෙන කුරුල්ලන්ගෙ සද්දෙ අහනව. මං ”සා, ඉකිමෂෝ” ”එහෙනම් යමු” කියනකොට එයත් ”හයි හයි” කියාගෙන හයියෙන් හයියෙන් ඇවිත් කාර් එකේ ඉස්සරහ දොර ඇරල නැගල වාඩිවෙලා සිගරට් අළු බඳුන ඇරල ඒකට සිගරට් එක දාල දොර වහගෙන සීට් බෙල්ට් එකත් දාගත්ත. මමත් ඩර ඇරයිවිං සීට් එකට නැගල දොර වහගෙන කාර් එක ස්ටාට් කරල යන්න පිටත්වුණා කටුනායකට.
”මෙහෙ එළවනකොට සීට් බෙල්ට් දාන්න ඕනෑ නැද්ද?” මොරි සචෝ මගෙන් අහනව. ‘නෑ. දැන් නං නීතියකුත් ඇවිත් තියෙනව. ඒත් ඉතිං කවුරුවත් දාන්නෙ නෑ. ඇඟ හිරවෙනවට අකමැති හින්දද මන්ද. මටත් දැන් පුරුද්දට ගිහිං දාන්න හිතෙන්නෙ නෑ” මං කියනව.
”ඇත්තද, ජපානෙ නං හැමෝම දානව. සීට් බෙල්ට් නොදා යන්න තහනම්. හයිවේවල යනකොට නං බස්වල ඉන්න මිනිස්සුත් දාන්න ඕන. ආරක්ෂාවට හොඳයිනෙ දාගෙන යන එක. මොකද අනතුරක් වුණත් තමන්ට වෙන හානිය චුට්ටක් හරි අඩු වෙනවනෙ. මෙහෙ තියෙන්නෙත් ඔක්කොම ජපන් වාහනනෙ. ඒවායේ සීට් බෙල්ට් තියෙනවනෙ. නිකං තියෙන එකේ දාගෙන ගියාම මොකද වෙන්නෙ. තදවෙන ගතිය නං කොහොමත් තියෙනවනෙ. හැමෝම ඔය ඉණට පටි හෙම බැඳගෙන ඉන්නෙ. මං දැක්ක හුඟ වෙලාවට මිනිස්සු බස්වල තද වෙලා යනව. මං හිතන්නෙ ලංකාවේ මිනිස්සු කිසිදෙයක් ලොකුවට ගණන් ගන්නෙ නෑ. නීතිය විතරක් නෙමෙයි ජීවිතේට තියෙන ආශාව වුණත් එහෙම වෙන්නැති. ඒකත් එක අතකින් හොඳයි බාග වෙලාවට.” සචෝ මගෙ දිහා බල බල හිනාවෙවී කියනව. මං වම් පැත්තට සිග්නල් දාල කාර් එකේ වේගය අඩු කරල හෙමිහිට අයින් කරල සීට් බෙල්ට් එක දාගත්ත. අපි ආයෙත් යන්න පිටත් වුණා.
මට ඉස්සරහින් වෑන් එකක් යනව. වාහන තදබදේ හන්ද ඒකත් අපේ කාර් එකත් අතර පරතරය අඩි දෙකක් විතර තියෙන්නැති. ”ජපානෙ නං එළවන වේගයෙන් පහළොවක් අඩුකරලා ඉතිරි පර ප මාණයට වැඩි මීටර් ගාණක් ඉස්සරහ වාහනේ ඉඳල අඩු ගාණේ පරතරය තියාගන්න ඕනෑ. වේගය 20 නම් 10 කවත් පරතරයක් තිබිය යුතුයි. නීතිය එහෙමයි. කවුරුත් ඒක කඩන්නෙ නෑ. මොකද ඒ නීතිය තියෙන්නෙ හැමෝගෙම හොඳටනෙ. ඉස්සරහ එක්කෙනා එකපාරට බ්රේක් ගැහුවොත් හැප්පෙන්න පුළුවන්නෙ.” සචෝ කියනව.
”මෙහෙ කවුරුත් නීතිය පිළිපදින්නෙ නෑ සචෝ ඔන්න බලන්න මං මීටර 10 ක් පස්සෙන් හිටියම වෙන දේ” කියල මං ඉස්සරහ වෑන් එකට වැඩිය මීටර 10 ක් දුරින් පස්සෙන් යන්න ගත්ත. එතකොටම තීරළව වීල් එකක් මාව ඉස්සර කරගෙන ඇවිත් මැද ඉතුරු වෙච්ච මීටර 10 ට වාහනය දාගත්ත. මං එයාට යන්න ඇරල තව මීටර 10 ක් ඈතින් හිටිය. එතකොටම කාර් එකක් ඇවිත් මැදට මූණ දාගත්ත. මං එයාටත් යන්න ඉඩ ඇරල තව මීටර 10 ක් පස්සෙන් හිටිය. එතකොට මෝටර් සයිකල්කාරයො තුන්දෙනෙක් නටාගෙන වගේ ඇවිත් මැදින් ඉඳන් යන්න ගත්ත. ”මෙහෙම ගියොත් යන්න වෙන්නෙ නෑ.” මං ආයෙම අඟල් ගාණේ පරතරය හිටින්න යන්න ගත්ත. සචෝ හිනා වෙනව. උදේ හන්ද වාහන තදබදේ දිගටම. අපි ගාටනව වගේ හිරවෙලා යනව. එහෙම යන එක ඉවසන්න බැරුව පාරෙ වම් පැත්තෙ තාර කට්ටෙ පන්නල පස් ගොඩැලි දිගේ තඩි බස් වම් පැත්තෙන් ඉස්සර කරගෙන යනව. ලොරි ඉස්සර කරගෙන යනව. ¥විලි කන්දරාව අහසට නගිනව. පාර අයිනෙ ඉන්න මිනිස්සු මූණු ලේන්සුවලින් වහගෙන අහකට පනිනව. මෝටර් බයිසිකල් තීරව් වීල් වම් පැත්තෙන් ඉස්සර කරගෙන පේමන්ට් දිගේ මිනිස්සු බේර බේර යනව.
සචෝගේ ඇස් උඩ ගිහිං. ”හරිම භයානකයි නෙ. මෙහෙ ඕන පැත්තකින් ඉස්සර කරන්න පුළුවන්ද? ජපානෙ නම් දකුණු පැත්තෙන් විතරයි. කවුරුවත් වම් පැත්තෙන් ඉස්සර කරන්නෙ නෑ.” එයා කියනව. ”මෙහෙත් බෑ. ඒත් ඉතිං මිනිස්සු එහෙම කරනව” මං කියනව.
පිටිපස්සෙ අඟල් දෙකක් ළඟින් තියෙන තඩි බස් එක හෝන් ගහනව. සචෝ සං බයවෙලා. ”ඇයි එයා හෝන් ගහන්නෙ?” මගෙන් අහනව. ”ඒ හෝල්ට් එකේ ඉන්න මිනිස්සුන්ට” මං කියනව. ”ජපානෙ නම් කවුරුවත් හෝන් ගහන්නෙ නෑ. හෝන් එක පාවිච්චි කරන්නෙ කාගෙ අතින් හරි මාර්ග නීති කඩන පුරුද්දක් වුණොත් ඒකට අපරමගෙසාදය පළ කරන්න විතරයි. හැමෝම නීතිය අකුරට රකින හන්ද හෝන් සද්ද කවදාවත් දැනෙන්නෙ නෑ. අන්න අර බස් එක සිග්නල් ලයිට් එකේ රතු වැටිල තියෙද්දිත් යනව. හරි භයානකයිනෙ. අයියෝ ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර හදිස්සිය.” සචෝ බය වෙලා කියනව.

පිටිපස්සෙන් පොලිස් සයිරන් නළා සද්දයක් ඇහෙනව. මං කාර් එක තාර කට්ටෙන් පන්නල කානුව හරියට වෙන්න අයින් කරගන්නව. එතකොටම විදුලි වේගෙන් දකුණු පැත්තෙන් නිල් පාට පොලිස් ජීප් එකක් අපිව පහු කරගෙන යනව. ජීප් එක ඇතුළෙන් එළියට දාපු රතු ඉර තියෙන සුදුපාට ග්ලවුස් දාපු අත් තුන හතරක් ”වාහන අයින් කරගන්න අයින් කරගන්න” කියල සංඥා කරගෙන යනව. ඊළඟට ලොකු කාර් එකක් විදුලි වේගෙන් යනව. ඊළඟට හතර පැත්තට තුවක්කු එල්ල කරගෙන හමුදාවේ අය රෞද්රක මූණෙන් වාඩි වෙලා ඉන්න ඇරපු ජිප් එකක් විදුලි වේගෙන් යනව. ඊළඟට තවත් වාහන වගයක් ඒ වේගෙන්ම ගියාට පස්සෙ අපි ආපහු ගමන පටන් ගත්ත.
”ඒ කවුද? මොකද එහෙම හයියෙන් යන්නෙ?” සචෝ අහනව. ”ඒ ඇමැති කෙනෙක් මගේ හිතෙ” මං කියනව. ”ඇත්තද? ජපානෙ නං ඇමැතිගොල්ලො වැඩිපුර යන්නෙ කෝච්චිවල. පාරෙ ගියත් ඉතිං සාමාන්යව විදියට තමා වෙනසක් නෑ.” සචෝ කියනව.
මහා ¥විලි වලාවලින් පාර වැහෙනව. ලොකු බැකෝ, දොඹකර එහා මෙහා යනව. ”ලංකාවෙ පළමුවැනි හයිවේ එක හදනව මාතරට. ඉස්සෙල්ල ගාල්ලට. එච්චර දිග නෑ මගේ හිතේ. කිලෝ මීටර් අනූවක් විතර. මේ අවුරුද්ද අන්තිමට අරීවි.” මං එබිල ජනේලෙන් බලන ගමන් කියනව.
”ඇත්තද? කොච්චර දෙයක්ද? ජපානෙ පළමුවැනි හයිවේ එක හැදුවේ මීට අවුරුදු පනහකට කලින්. නගෝයාවලට. කිලෝ මීටර හාරසිය ගාණක් ඒක. ඒ කියන්නෙ අවුරුදු සීයක් පරක්කුයි නේද?” සචෝ මගෙ මූණ දිහා බලල දුකෙන් වගේ කියනව.
දැන් නම් පාරෙ වාහන අඩුයි. මං වේගය වැඩි කරල පුරුද්දට හෝන් ගහල ඉස්සරහ වාහනෙට ඉස්සර කරනව. ඊළඟ ලොරිය කොට කොටා යනව. මං ආයෙත් වේගය වැඩි කරල ඒකටත් ඉස්සර කරල යනව. සචෝ පුංචි ඇස් ලොකු කරගෙන කාර් එකේ වහලේ හයි කරල තියෙන හැන්ඞ්ල් එකේ වම් අතින් එල්ලිලා ඉන්නව.
”ඇයි හයියෙන් යන්නෙ. අපට හදිස්සියක් නෑනේ. ඉස්සරහ යන වාහනේට ඉස්සර කරාට වැඩක් නෑනේ. ඒක ඉස්සරහින් තව එකක් යනවමයි. ඒකට ඉස්සර කළාට ඒක ඉස්සරහිනුත් තව එකක් යනව” සචෝ සන්සුන්ව කියනව. මට ලැජ්ජ හිතුණ. වාහනේ වේගය අඩු කරල හෙමීට යන්න ගත්ත.
ටික දුරක් යද්දි පොලිස් මෝටර් බයිසිකලයක් ඉස්සරහින් ඈත ඉඳන් මෙහාට එනව ලයිටුත් පත්තු කරගෙන. ඒකෙ පිටිපස්සෙ ඉන්න සුදු හෙල්මට් දාපු පොලිස් එක්කෙනා රතු ඉරි තියෙන සුදු ග්ලවුස් එකක් දකුණු අතට දාගෙන අත උස්ස උස්සා පාරෙන් අයින් වෙන්න කියනව. අපි ඉන්නෙ පාරෙ අනික් පැත්තෙ. ඒ ගොල්ලො දකුණු පැත්තෙ ඉඳන් ඉස්සරහට එනව. ඉතිං අපි අයින් වෙන්නෙ මොකටද? ආයුධ හරි පුපුරණ දෙයක් ගෙනියනව වෙන්නැති කියල හිතන මං ආයෙමත් තාර කට්ටෙ අයිනටම කරල හිමින් යන්න ගත්ත. සුදුපාට මෝටර් බයිසිකලය පස්සෙන් නිල්පාට පොලිස් ජීප් එකක් මහ දවල් ලයිට් ගහගෙන හයියෙන් එනව. මෙන්න ඊළඟට ජයරත්න මිනී ගෙනියන කළු පාට විශාල කාර් එකක් ලයිට් ගහගෙන හයියෙන් එනව. ඊළඟට කළු පාට පැජරෝ එකක් සුදු කොඩියක් ගහගෙන පිඹගෙන එනව. ඊළඟට සුදු කොඩි ගහපු කාර් පේළියක්.
සචෝ බයවෙලා බලන් ඉන්නව. ”ඒ කවුද ගියේ?” එයා අහනව. ”නෑ. ඒ මැරිච්ච කෙනෙක්. මිනිය ගමේ අරන් යනව මයෙ හිතේ” මං කියනව. ”ඇත්තද? ජපානෙ නං ඇම්බියුලන්ස් යනකොට ඉඩ දෙනව. ලෙඩෙක් ගෙනියන හන්ද. ඒත් මැරිච්ච අය ගෙනියනකොට ඉඩ ඉල්ලන්නෙ නෑ. ඇරත් මැරුණම යන්නෙ සාමාන්ය අය යනවටත් වඩා හෙමින්. මෙහෙ සාමාන්ය අයටත් වඩා හයියෙන් මැරිච්ච අය යනවද?” එයා පුදුම වෙලා අහනව. ”නෑ... නෑ... එයා ලොක්කෙක්ගෙ කවුරු හරි වෙන්නැති” මං කියනව.
අන්තිමට අපි කටුනායකට ආව. බැස්සට පස්සෙ මොරි සචෝගෙ මූණෙ ගොඩබිමට ආපු නැවියකුගෙ වගේ මහා සැනසීමක් තිබුණ. අන්තිමට වෙන් වෙද්දි සචෝ මගෙ පිටට අත තියල හිනාවෙලා මෙහෙම කිව්ව.
”දැනටමත් කොහොමත් අවුරුදු සීයක් පරක්කුයිනෙ. ඒ හන්ද කලබල වෙන්නෙ නැතිව හෙමිහිට යන්න. කලබල වුණොත් තව පරක්කු වෙයි.”
මං කොන්ද තුන් හතර පාරක් ඉහළට පහළට නමල ”සමාවෙන්න. මෙච්චර කල් කළා වගේ ඉස්සරහටත් අපිට උදව් කරන්න. සයොනරා” කියල කිව්වා.
ආපහු ගෙදර එද්දි මට මතක් වුණා අජාන් බරසයොහ්මවංසෝ හාමුදුරුවෝ, කිට් නා හං කියන වියට්නාම් හාමුදුරුවෝ කිව්වයි කියල කියපු කියමනක්. ”අපට වැඩි කාලයක් නෑ ඒ හන්ද අපි යන්න ඕනෑ හෙමින්.”


_________________________________________________________

එහෙනම් අපි ගියා ..
මට ඕන උනේ ඔයාලගේ ජිවිතයට හොද දෙයක් දෙන්න .
ඔය මෝඩ JOKES බලනවට වඩා මෙහෙම ලිපියක් කියවල ජිවිතයට මොනවම හරි දෙයක් එකතු කරගන්නවානම් කොච්චර හොදද ? :)


_________________________________________________________

වැඩේ හොදයි නම් ..
මේ thread එකෙන් ඔය මොනම හරි දෙයක් ඉගෙන ගත්තනම් ..,
අපිටත් සලකල යන්න හොදේ .. ඔය ගනු ළමයින්ගේ බිකිනි දැකල , නිරුවත් කකුල් දැකල Rep වල වටිනාකම බාල්දු නොකර මේ වගේ වැදගත් දෙයකට ඒවා පාවිච්චි කරන්න .
ස්තුතියි .. තෙරුවන් සරණයි ! :love::love:


:love: - මිට ඔයාට සදා ආදරණිය ලපටි කෙල්ල - :love:
 
Oct 31, 2012
114
94
0
අද එළකිරි එකේ මේ වගේ වැදගත් ලිපියක් දැම්මාම තියන ප්‍රතිචාර අඩුයි ( මේ Thread නැගල යන්නෑ )
එත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
අනේ මන්ද දැන් සමාජ ක්‍රමය ගොඩක්ම බර ලිංගිකත්වයට ...

දැනට මේ ලිපිය 12 දෙනෙක් බලල NO REPLYS ...
ඒත් කෙල්ලෙක් බිකිනියක් අන්දලා , කොට ජංගියක් ගහලා පුක පෙන්නගෙන ඉදියොත් කොල්ලෝ එකට නම් ආහ්හ්... ම්ම්හ්හ්.. .ගානවා ..
Reply ගොඩායි .......


(මේ Thread එකේ ආපහු උඩට යන්න කම්මැලි නම් keyboard එකේ HOME Button එක ඔබන්න )
keyboard_home_button_fadededge.png
 
Last edited:
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ඇත්තටම ඔව්..
දැන් එළකිරි ක්‍රමය ගොඩක් වෙනස් . :no::no:
ඔයා බොහොම හොද උත්සහයක් අරගෙන තියෙනවා සමාජයට හොද යමක් දෙන්න.
thank you :):)
Rep +++ 7
:cool::cool:
 
  • Like
Reactions: rukshrulz

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113

    :rofl::lol: සිරාවට ඔයි අලුතෙන් ආපු සෙට් එකක්ම ඉන්නව එකම ජාතියෙ:oo:
    ලපටි කෙල්ල;13771456 said:
    අඩෝ මන් කොල්ලෙක් බන් . :lol::lol::rofl::rofl:
    මේ avatar එක නිසා තමයි මේ නම යොදා ගත්තේ :)
    :shocked: ඉතින් බන් උබ කොල්ලෙක්නම් ඔය නම ගැලපෙන්නෙ නැහැනෙ දකින උන් හිතන්නෙ නපුංසක කියලා උබ :rofl:
     
    • Like
    Reactions: rukshrulz
    Oct 31, 2012
    114
    94
    0
    good post... rep added

    thanks....

    :rofl::lol: සිරාවට ඔයි අලුතෙන් ආපු සෙට් එකක්ම ඉන්නව එකම ජාතියෙ:oo:

    :shocked: ඉතින් බන් උබ කොල්ලෙක්නම් ඔය නම ගැලපෙන්නෙ නැහැනෙ දකින උන් හිතන්නෙ නපුංසක කියලා උබ :rofl:

    දැන් නම් වෙනස් කරන්න බැහැනේ Bro .
     
    • Like
    Reactions: rukshrulz

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලපටි කෙල්ල;13771510 said:
    thanks....



    දැන් නම් වෙනස් කරන්න බැහැනේ Bro .

    එහෙනම් ඔක අත හැරලා වෙන එකකින් වරෙන් උබ අලුත්නම් නැත්නම් පරන එකෙක්ගෙ ෆෙක්
    ආතල එකක්නම් දිගටම ආතල් දිදි හිට්පන් :rofl:

    කොහොම උනත් තැන්ක්ස් මෙ ලිපියට :cool:
     
    • Like
    Reactions: rukshrulz
    Oct 31, 2012
    114
    94
    0
    එහෙනම් ඔක අත හැරලා වෙන එකකින් වරෙන් උබ අලුත්නම් නැත්නම් පරන එකෙක්ගෙ ෆෙක්
    ආතල එකක්නම් දිගටම ආතල් දිදි හිට්පන් :rofl:

    කොහොම උනත් තැන්ක්ස් මෙ ලිපියට :cool:

    මචන් උබේ නමට Tags වගයක් කවුරු හරි මගේ Thread එකේ .දල ..:(
     
    • Like
    Reactions: rukshrulz

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලපටි කෙල්ල;13771532 said:
    මචන් උබේ නමට Tags වගයක් කවුරු හරි මගේ Thread එකේ .දල ..:(

    රිදුන අය :lol::lol::lol: ගොඩාක් අයට රිදිලා :rofl:
     
    • Like
    Reactions: rukshrulz

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කම නොකිය ඉන්න බෑ........
    ලිපිය නම් හොදයි මචන්.......(සමාවෙන්න ..කන්ෆර්ම් නම් විතරයි මම එළකිරියේ ගෑනු නම් වලින් ඉන්න අයට ඔබ කියල අමතන්නේ.........නැත්තං මචං මා...සොරි වෙන්න ඒ ගැන.....සොරි නොවුනත් කමක් නෑ ඉතින්....:oo:) නමුත්, මහාචාර්ය තුමා ප්‍රේමදාස යුගයේ දී රූපවාහිනිය ගනිකා වෘත්තියේ යොදවපු එකයි මේවයි අතර නම් වෙනස අහසට පොළොව වගේ........

    කියන දේ ප්‍රාෙයා්ගිකව එතුමා ඔප්පු කරල නම් නෑ...............එහෙම බැලුවොත් එතුමා දෙබිඩ්ඩෙක්..............කියන්නේ එකක්....කරන්නනේ වෙන එකක්.........
    මොනව වුණත් උපුටා ගෙන හරි හරවත් යමක් දෙන්න හැදුවට ස්තූතියි...............
     
    • Like
    Reactions: rukshrulz

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    gayankuwait අවජාතකයා, gayankuwait ඇර ගනී.., gayankuwait කලිසම තෙමාගෙන, gayankuwait කුවේට් රඹුටං :P
     
    • Like
    Reactions: rukshrulz

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලපටි කෙල්ල;13771577 said:
    THANKS machan .......



    උබ වැරදි දෙයක් කිවුවේ නැහැ නේ ?:no:
    :cool::cool: එ උනාට සමහරක් උන් හරක්නෙ :dull::dull:

    gayankuwait අවජාතකයා, gayankuwait ඇර ගනී.., gayankuwait කලිසම තෙමාගෙන, gayankuwait කුවේට් රඹුටං :P
    :( මම නිසා විදවන උන් බන්
     
    • Like
    Reactions: rukshrulz
    Oct 31, 2012
    114
    94
    0
    දැක්කම නොකිය ඉන්න බෑ........
    ලිපිය නම් හොදයි මචන්.......(සමාවෙන්න ..කන්ෆර්ම් නම් විතරයි මම එළකිරියේ ගෑනු නම් වලින් ඉන්න අයට ඔබ කියල අමතන්නේ.........නැත්තං මචං මා...සොරි වෙන්න ඒ ගැන.....සොරි නොවුනත් කමක් නෑ ඉතින්....:oo:) නමුත්, මහාචාර්ය තුමා ප්‍රේමදාස යුගයේ දී රූපවාහිනිය ගනිකා වෘත්තියේ යොදවපු එකයි මේවයි අතර නම් වෙනස අහසට පොළොව වගේ........

    කියන දේ ප්‍රාෙයා්ගිකව එතුමා ඔප්පු කරල නම් නෑ...............එහෙම බැලුවොත් එතුමා දෙබිඩ්ඩෙක්..............කියන්නේ එකක්....කරන්නනේ වෙන එකක්.........
    මොනව වුණත් උපුටා ගෙන හරි හරවත් යමක් දෙන්න හැදුවට ස්තූතියි...............

    :eek::eek:
     
    • Like
    Reactions: rukshrulz