පැණි_දොඩම් වලට කණ කොකා අඩයි
සාර්ථක ලෙස තමන් පැණි දොඩම් වගා කර පලදාව ලබා ගත්තත් ඒ සදහා යහපත් මිළක් නොමැති බව නවගත්තේගම ගොවීන් චෝදනා කරයි.
නවගත්තේගම - මහඅන්දර වැව ප්රදේශයේ අක්කර 500 කට වැඩි ප්රමාණයක පැණි දොඩම් වගා කර ඇත.
අක්කරයකට පැණි දොඩම් පැල 500 ක් පමණ සිටවිය හැකි බවත්,වසර දෙකකින් අනතුරුව වසර 10 ක කාලයක් දක්වා එමගින් අස්වැන්න ලබා ගත හැකි බවත් ඔවුන් පවසයි.
තමන් විසින් වගා කරන පැණි දොඩම් සඳහා කිසිඳු රසායනික පොහොරක් හෝ කෘමි නාශක යෙදීමක් සිදු නොකරන බව අවධාරණය කරන ඔවුහු නියං සමයේ වුවත් හොද පළදාවක් පැණි දොඩම් වගාවෙන් ලබා ගත හැකි බව පෙන්වා දෙති.
එමෙන්ම වන අලින්ගෙන් හෝ වෙනත් සතුන්ගෙන් පැණි දොඩම් වගාවන්ට බලපෑමක් නොමැති නිසා ගොවීන් බොහෝමයක් පැණි දොඩම් වගාවට යොමු වී ඇති බවද එම ගොවීන් කියා සිටී.
ඔවුන් පවසන පරිදි මේ වන විට විදේශ රටවල්වලින් ගෙන්වන විවිධ දොඩම් වර්ග හේතුවෙන් දේශීය දොඩම් වගාවට වෙළෙඳපොළ අහිමිව ඇත.
පවතින තත්ත්වයට විසදුමක් ලෙස රජය හෝ පුද්ගලික අංශ මැදිහත් වී තමන් විසින් වගාකරන පැණි දොඩම් මිළදී ගැනීමට කටයුතු කරන්නේ නම් වගා කටයුතු තව තවත් වැඩි කළ හැකි බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටී.
ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු(srilankamirror)
රට දොඩං නිසා පැණි දොඩං ගොවීන් අවුලේ

අපේ දේ ගන්න එපා.රට දේවල්ම ගනින්.රට දියුණු වෙයි එතකොට.
මේ මිනිස්සු එහෙම කියන්නේ මේ මිනිස්සුන්ගේ නොදැනුවත්කමට වෙන්න පුළුවන්.ඇයි ආණ්ඩුවට බැරි මේ වගේ දේවල් export කරන්න වැඩපිළිවෙලක් හදන්න.ලංකාවේ තේ විතරද රට යවන්න පුළුවන්?අනික උබේ කතාවෙන් පේනවා උබ ලංකාව ගැන මෙලෝ හැගීමක් නැති එකෙක් කියලා.ඒ වගේ එකෙක් එක්ක මේවා ගැන කථා කරන එකත් තේරුමක් නැහැ..
uba siyalla dath da?