පැතුම්ගේ නඩුව ඉවර නැහැ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පාර්ලිමේන්තුවට සන්දේශයක් බාර දීමට ගිය පිරිසක් අත් අඩංගුවට ගෙන දැමූ නඩුවක් අද දින කඩුවෙල උසාවියේ අවසන් වී තිබෙනවා.

    ඒ වසර දෙකකට කිට්ටු කාලයක් තිස්සේ නඩු ඇසිමෙන් අනතුරුවයි.

    ඒ ජුලි 13 පොල්දූව මංසන්ධියේදී අරගලයේ අවසන් දිනයට අදාලව මා අත් අඩංගුවට ගෙන එහි මුළු වගකීම මා මත තබා පැනවූ නඩුව නොවන බව කරුණාවෙන් සළකන්න.

    එම නඩුව කොටුව අලුත් කඩේ උසාවියේ තවමත් විභාග වන බවත්, එහි මා හට යොමු කළ චෝදනා මේ වන විට නීතිපතිට යොමු කර ඇති බවත්, නඩුවේ මීළඟ දිනය මැයි මාසයට යෙදී ඇති බවත් කරුණාවෙන් දන්වා සිටිමි.

    තොරතුරු විමසූ අයට බොහෝම ස්තුතියි!

    පැතුම් කර්නර් #හරිත