පැතුම්ගේ පුස්තකාලය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අපි හිතන්නේ අපේ උපන් දා සිට ලැබුන අත් දැකිම් සහ එකතු කර ගත්ත දැනුම උපයෝගී කර ගෙන.

    අත්දැකීම් සහ දැනුම කියන්නේ ඔළුවට දාන දත්ත වගේ. ඒ දත්ත උපයෝගී කර ගෙන තමයි අපේ දැක්ම, දර්ශනය, මතය නිර්මාණය වෙන්නේ.

    අපි වැඩිපුර අත් දැකීම් ලබලා නම්, අපි වැඩිපුර දැනුම එකතු කර ගෙන නම්, අපි ඔළුවට දාගෙන තියෙන දත්ත ප්‍රමාණය වැඩියි. ඒ දත්ත මත නිර්මාණය වෙන දැක්ම හා මතයත් සරුයි.

    අත් දැකීම් එකතු කර ගන්න විවිධ දේවල් කරන්න පුළුවන් වගේම දැනුම එකතු කර ගන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඒ දැනුම අතරින් පොත් වලට ලැබෙන්නේ සුවිශේෂි තැනක්.

    මේ මගේ දැනුමේ එක උල්පතක්. පොත්.
    දේශපාලනයට ආවාට පස්සේ එකතු කර ගත් දැනුමේ ලොකු කොටස් කාරයෝ....

    පැතුම් කර්නර්

    #පැතුම්ගේ_කතාව
     
    • Haha
    Reactions: ndilshan1989

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඡන්දය කල් යයි ද?

    මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කියන්නේ ආණ්ඩුවේ හෙළුව එළිවීම වගේ දෙයක්. ඉන් ලැබෙන ප්‍රතිඵලය නිසා අනිවාර්යයෙන් ආණ්ඩුවක් අස්ථාවර වෙනවා. එවිට තව දුරටත් මේ ආකාරයෙන් ආණ්ඩුව පවත්වා ගෙන යෑම කළ නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

    ඒ නිසා සිය දූර කාලය රැක ගැනීමේ ඒකායන පැතුමින් සිටින ආණ්ඩුවේ පාර්ශවයේ ප්ලෑන් එක තියෙන්නම මේ ඡන්දය කල් දා ගන්න. ඒකට තමයි සියළු සැළසුම් ක්‍රියාත්මක වෙන්නේ.

    ව්‍යවස්ථාවට අනුව පළාත් පාලන මැතිවරණයට කොමිසම සැරසුනත් ඒක කරන්නේ ආණ්ඩුවේ වුවමනාවට මිසක් කොමිසමේ වුවමනාවට නොවෙයි. ඒ නිසා ආණ්ඩුවේ ස්ථාවරය තමයි අවසානයේදී ක්‍රියාත්මක වෙන්නේ.

    මුලින්ම ට්‍රයි කළේ කැබිනට් තීරණයක් මගීන් තැන්පත් මුදල් බාර ගන්න එපා කියලා.

    ආණ්ඩුව එක පැත්තකින් සල්ලි නැති බයිලාව දැන් දිගටම කියනවා. ඒක එළියට පෙන්වන්න පැන්ෂන් නොගෙවන, රජයේ සේවක පඩි නොගෙවන තත්ත්වයක් පවා පෙන්නුම් කරනවා. එක එක ඇමතිලා විතරක් නොවෙයි මුදල් අමාත්‍යාංශ ලේකම් පවා එළියට ඇවිත් කිව්වේ සල්ලි නෑ කියලා. ඒත් සතිපතා බැඳුම් කර නිකුත් කර බිලියන 100, 200 හොයා ගන්න ඔවුන්ට බිලියන 10ක් කියන්නේ කජ්ජක්. හැබැයි මිනිස්සුන්ට ඕවා නොතේරෙන නිසා වැඩේ අදිනවා.

    අනික් පැත්තෙන් අලුතින් හදිසියේ ගෙනාපු මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත. ඒකට අනුව මේ මැතිවරණයටත් බලපවත්වන පරිදි තමයි සම්මත කර ගෙන තිබෙන්නේ. ඒ අනුව පනතේ කටයුතු ම්නුව කෙරෙන්න කියලා ඡන්දය කල් දා ගන්න පුළුවන්. සපෝට් එකට නඩුවක් දෙකක් දා ගන්නත් පුළුවන්.

    අරගලයේ මුල් අදියරෙන් පසුව ආපු මාස 6 රනිල් වික්‍රමසිංහ ගෙවා ගත්තේ වසන්ත මුදලිගේ ව බේර ගන්න එකට යොමු කරවලා. හැමෝම ඒක මූලික කාරණාව කර ගත්ත නිසා වැඩි අවදානයක් තිබුනේ එතනට.

    දැන් නාමයෝජනත් කැඳවලා ඡන්දය කල් තියනවා. දැන් ඡන්දය පවත්වනු කියලා උද්ඝෝෂණ රට පුරා තියෙයි. රට පුරා අපි හැමෝම ඡන්දයයක් ඉල්ලන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුව විසුරවලා කරන පාර්ලිමේන්තු මැතිවරණයක්. හැබැයි දැන් අපිට ඒක ඉල්ලන්න බෑ. මොකද පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා අරගෙන. ඉල්ලන්න වෙන්නේ පළාත් පාලන ඡන්දයක්. ඇත්තෙන්ම ඕනේ පාර්ලිමේන්තුවක්.

    මේකෙන් ජන ප්‍රතිරෝදය පාර්ලිමේන්තුව දෙසට එල්ල වීම වළක්වා ගන්නවා. මාස 6 ක් වත් වැඩේ ඇදගෙන යන්න මේ තුරුම්පුව රනිල්ට ඇති. පාර්ලිමේන්තුව විසුරුවා නොගෙන ඉන්න පුළුවන්.

    ඒ වගේම අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා ගැනීමට ඔහුට ඇති හැකියාව නිසා පොහොට්ටු මංත්‍රී කණ්ඩායම අල්ලේ නටවා ගන්න දැන් ඔහුට පුළුවන්. දෙපැත්තෙන්ම දැන් ඔහු තමන්ගේ තැන හදා ගෙන ඉවරයි. ආන්න ඒකයි කිව්වේ අපි සතුරා වෙනස්, උපක්‍රම වෙනස්. ඒ නිසා අපිත් වෙනස් විදියට මුහුණ දෙන්න ඕනේ කියලා. හැබැයි ඒක කර ගන්න අපිට ලැබුනේ නෑ.

    දැන් අපි බැටළුවෝ වගේ රනිල්ගේ පදේට නටන පිරිසක් බවට පත් වෙලා.

    ඉන්දියාවෙන් IMF එකට යවපු ලියුමක් දැක්කා. ඉන්දියාවේ මුදල් ඇමති මෙහේ සංචාරය කළා. දැන් මොඩි ආරාධනා කරලා එහේ එන්න කියලා. මාර්තු වෙන කොට IMF ආවොත් රනිල් පැන්නිල්ල කෙසේ වෙතත් රාජපක්ෂලාවවත් යවා ගන්න බැරි වෙනවා.

    මේ මගේ සරළ දැක්ම.
    රට වෙනස් කරන්න තාම පුළුවන්.
    ඔබ වෙනස් වෙන්න සූදානම් නම්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්