පැතුම් කර්නර් ගැන රසිකගේ කියවීම #Weneednewleaders #noLeftism #GotaGoHome #ඇයටමනාපයක් #WeAreWithPK

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පැතුම් කර්නර් මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙනවා කියලා දැනගන්න ලැබුණා. මම දන්න විදියට පැතුම් එන්නේ රංජන් රාමනායක ගේ පක්ෂයෙන්.
    රංජන් ගේ ක්‍රමයේ showman දේශපාලනයට මම විරුද්ධයි. ඒකෙන් වෙන්නේ දේශපාලනය නාඩගම්පොළක් හෝ සංදර්ශන මඩුවක් වෙන එක විතරයි. රංජන් සමග සිටින වඩිවේල් සුරේෂ් කියන්නේ දේශපාලන ලෝකොත්තරයෙක්. ටී.එම්. ඩිල්ෂාන්ලා ගැන කතා කරන්න මම මගේ වචන නාස්ති කරන්නෙ නැහැ.

    ඒත් පැතුම් ඒ පක්ෂය සමග මැතිවරණයට ඉදිරිපත් වීම ලොකු අවුලක් විදියට මම දකින්නේ නැහැ. අලුතෙන් දේශපාලනය කරන විට පිටිය තෝර තෝරා තරග කරන්නට ලැබෙන්නේ නැහැ. තමන්ට ලැබෙන පිටියේ පුළුවන් අන්දමින් තරග කළ යුතුයි. මම හිතන්නෙ පැතුම් කරන්න ඇත්තේ ඒක. කෙනෙකුට ඒක මතුපිටින් බලලා "අපරාදේ" කියලා කියන්න පුළුවන්. ඒත් මම ඒ දිහා බලන්නේ සුබවාදීවයි.
    පැතුම් කියන්නේ මට වඩා හුඟක් හොඳ මිනිහෙක්. ඔහු මං වගේ 'දසයෙක්' නොවෙයි. මා මැතිවරණ දේශපාලනය නොකරන්නේ මම මැතිවරණ දේශපාලනයට ගැළපෙන තරම් හොඳ මිනිහෙකු නොවන නිසයි. "උඹලට මාව එපා නම් මට උඹලව දහ පාරක් එපා" කියන එක මගේ ප්‍රතිපත්තියයි. මට මිනිසුන් කෙරෙහි විශාල දයානුකම්පාවක්, මානව භක්තියක් ඇතිවන්නේ නැහැ. මගේ ක්‍රමයට යමක් කරන්න බැරි නම් මම ඒක අතඇරලා දාලා මගේ වැඩක් බලාගන්නවා. මම වගේ මිනිහෙකුට ගැළපෙන්නේ සමාජ දේශපාලනයයි.

    ඒත් පැතුම් කියන්නේ ඊට හාත්පසින් ම වෙනස් චරිතයක්. ඌ ඇත්තට ම හොඳ, අවංක, සටකපටකම් නැති මනුස්සයෙක්. තමන් අමාරුවෙන් උපයන ධනය වියදම් කරගෙන, පරදින්නට බලාගෙන හරි ඡන්දය ඉල්ලන ජාතියේ මිනිහෙක්. මිනිසුන් තමන්ට කොතරම් බැන්නත්, අපහාස කළත් මිනිසුන්ට වැඩක් කිරීමේ උණ සනීප නොවෙන මිනිහෙක්. මොන තරම් කට්ටක් කාගෙන හෝ තමන්ගෙ අරමුණ කරා යන්න උත්සාහ කරන එකෙක්. ඇත්තට ම මැතිවරණ දේශපාලනය කරන්න ඕනෙ එහෙම මිනිස්සු තමයි.

    පැතුම් බැනුම් අහන තරමක් බැනුම් අහන්නේ, අපහාස විඳින තරමක් අපහාස විඳින්නේ, අමාරුවේ වැටෙන තරමක් අමාරුවේ වැටෙන්නේ ඔහුගේ අධික අවංක බව, හැඟීම්බරකම සහ අතින් කයිට් කරගෙන හරක් බලන ගතිය හින්දයි. මොන තරම් බැනුම් අහගෙන හරි ඔහු තමන්ට අවංකව හිතෙන දේ කියනවා. ඒක හොඳ මිනිහෙකු ගේ ලක්ෂණයක්.
    මම පුද්ගලිකව හිතන්නේ එහෙම මිනිසුන් දෙතුන් දෙනෙකු හෝ ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි. මහා පරිමාණ සොරුන්, වංචාකාරයන්, ත්‍රාඩයන් සහ කප්පම්කාරයන් බහුල තැනකට අධික අවංකකම වගේ සුළු දුර්වලකම් තියෙන මනුස්සයෙකු යැවීම අපරාධයක් නෙවෙයි.

    ඉතින් ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න කෙනෙකු නම්, ඔබට "මයික් එකට" ඡන්දය දෙන්නට තරම් අහවල් අමාරුවක් තියෙනවා නම්, පැතුම් කර්නර් ගැන හිතලා බලන්න. පැතුම් නිසා ම මයික් එකට දෙන්න කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ මයික් එකට දෙනවා නම් පැතුම් ගැන හිතලා බලන්න කියලා විතරයි..
    මොනවා වුණත් පැතුම් වගේ කෙනෙක් ඔබේ ඡන්දයට උපරිම සාධාරණය ඉටු කරන්න මහන්සි වෙනු ඇතැයි කියලා නම් මට විශ්වාසයි.. ඒ වගේ ම පරදින්න බලාගෙන හරි ඡන්ද කරන අත්දැකීමත් මිනිහෙකු ගේ දේශපාලන ජීවිතයට බෙහෙවින් වැදගත් වෙනවා.
    -
    රසික ජයකොඩි
    12 - 10 - 2024

    src
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2024-10-12-11-43-30-59-4641ebc0df1485bf6b47ebd018b5ee76.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ජෙප්පො වගේම
    උන්ගේ කයි වලට මිනිස්සු අහු උනානේ...
    මුගේ ඒවට ඡන්ද වත් නෑ නේ...

    ඉස්සර මේකේ එකෙක් හිටියා නේද පැතුම දාන දාන එක මේකේ දාන එකෙක් 🤔