social media හරහා කොච්චර දේවල් රටේ වෙනවද? සමහර දේවල් social media වලින් පටන් අරගෙන තමයි TV එකේ news වලටත් යන්නෙ. ළඟදිම වෙච්ච දේ තමයි පහන්තුඩාවෙ සීන් එක. ඒ නිසා ඔය බලපෑමක් නැත්තෙ ඒවයෙ අඩුවක් කියන එක නිසා කියල පිළිගන්න බෑ. ඒකට එකම හේතුව මිනිස්සුන්ට තමන් ගනවත් විශ්වාසයක් නැති කම. රටේ දේශපාලනේ වෙනස් කරන්න ඕන නම් ඒක පටන් ගන්න හොඳටම පුලුවන් ඔය social media වලින්. ඒ අය විතරක් වෙනස් වෙලා බලන්නකෝ කොච්චර දේවල් වෙනස් වෙයිද කියලා. ගම් වල ඉන්න නාකි මිනිස්සුයි, මෝඩ බයියොයි ගැන නෙවෙයි මම කියන්නෙ. හිතන්න පුලුවන් මිනිස්සු ටික වෙනස් උනාම ඇති මුලින්. ඔය පාවෙන චන්ද දායකයො ටික වෙනස් කරන්න බැරිද social media වලින්. ඒ ටික වෙනස් කරා කියන්නෙ ජනාධිපති කෙනෙක් පත්වෙන්න තියෙන ඉඩත් නැති කරන්න පුලුවන්. social media වලින් බලපෑමක් වෙන්නෙ නැත්නම් Iraj ලට කෝටි ගනන් ආණ්ඩුවෙ සල්ලි දීලා, සේනාදිපතිලා ගෙන් සල්ලි අරන් campaign කරනවද? වෙනම පඩි ගෙවලා
@erozan ලා තියාගෙන ඉන්නවද?
හිතන්න පුලුවන් මිනිස්සුත් "අනේ ඔහොම බෑ, ඔහොම කරන්න පුලුවන්ද, මූ මොකෙක්ද දන්නෙ නෑ, සෙන්සර් පල්ලෙවත්ත වගේ තව එකෙක් etc.... " ඔව්ව කියන එකෙන් මොකක්ද වෙන හොඳ? මොලයක් තියෙන මිනිස්සුන්ට බැරි ඇයි කවුරු වෙනස් නොවුනත් මම වෙනස් වෙනව කියලා වෙනස් වෙලා outcome එක පස්සෙ බලන්න?
මම කරන දේශපාලනේ තමයි මේ.