පැනමා ඇළ ඓතිහාසික ප්‍රසාරණය
1913 වසරේ ඔක්තෝම්බර් මස 9 ඇමෙරිකානු ජනපති වුඩ් රෝ විල්සන් විසින් ධවල මන්දිරයේ සිට විවෘත කල පැනමා ඇල එක්සත් ජනපදයේ ආර්ථිකයට සහ ඔවුන්ගේ ලෝක ව්‍යාප්ත යුද ශක්තියට අතිශය වැදගත් ව්‍යාපෘතියක් වූ බවට විවාදයක් නැත.කාලයත් සමග පැනමා ඇල දොර ප්‍රමාණයෙන් විශාල වූ කන්ටේනර් ප්‍රවාහන නෞකාවලට ප්‍රමාණවත් නොවීය.ඒ නිසා ඒවාට දකුණු ඇමෙරිකාව වටා යාත්‍රා කර පැසිෆික් සාගරයට හෝ අත්ලාන්තික් සාගරයට පිවිසීමට සිදුවිය.පසුගිය ජූනි මාසයේදී ඊට පිළියමක් ලැබුණි.ඒ ඇළ මාර්ගය පුලුල් කිරීමේ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස ඇළ දොර ඔස්සේ එතෙක් ගමන් කිරීමට හැකිවූ උපරිම විශාලත්වය සහිත නෞකාවක් මෙන් 2 1/2ක් විශාල ඇළ දොරක් නිර්මාණය කෙරිණි.මෙම ව්‍යාපෘතියට ඇ.ඩො.බිලියන 5.25ක් වැයකර තිබේ.
මෙම ප්‍රසාරණය ඔස්සේ ආසියාවෙන් නැගෙනහිර ඇමෙරිකානු වරායවලට භාණ්ඩ ප්‍රවාහනයේදී වැයවන වියදම අවම කරගත හැකිය.ආසියානු භාණ්ඩ ඇමෙරිකාවේ බටහිර සිට නැගෙනහිරට දුම් රිය මාර්ග ඔස්සේ ගෙන ඒමට වඩා මුහුදින් ප්‍රවාහනය ලාබදායක වීම මේ ඔස්සේ ලැබෙන තවත් වාසියකි.පැනමා ඇළ පුලුල් කිරීම නිසා කන්ටේනර් ප්‍රවාහනය කරන CMA CGM Benjamin Franklin වැනි දැවැන්ත නෞකාවට වුවද දැන් ඇමෙරිකාවේ බටහිර වෙරළේ සිට නැගෙනහිර වෙරළට පහසුවෙන් ලගාවිය හැකිය.මෙම නෞකාවේ කන්ටේනර් 18,000ක් ගෙන යා හැකිය(අඩි 20 දිග කන්ටේනර් ).දැන් මෙම නෞකාවට කන්ටේනර් 13,000 සමග පැනමා ඇළ හරහා යෑමේ හැකියාව තිබේ.
මෙම ව්‍යාපෘතිය ලෙහෙසි පහසු එකක් නොවිය.ඊට අවශ්‍ය වු අධි ශක්ති කොන්ක්‍රීට් ප්‍රමාණය ඝන මීටර් මිලියන 5ක් වූ අතර ඉන් නිව්යෝක් සිට ශාන්ත ලුවිස් දක්වා මහා මාර්ගයක් ඉදිකිරීමේ හැකියාව තිබේ.අලුත ඉදිකල දියගුල් නෞකා සඳහා විවෘත කිරීම 2016 ජූනි 26 වෙනිදාට යෙදී තිබිණි.දැනට භාවිතාවන ඒවා සියවසක් පමණ පැරණිය.
පැනමා ඇළ ඉදිකිරීම ඇරඹුවේ ප්‍රංශය විසින්ය.එහිදී කහ උණ සහ විවිධ අනතුරු හේතුවෙන් සේවකයින් සියගණනක් මරණයට පත්වූ අතර ඉන්පසු ව්‍යාපෘතියේ කටයුතු ඇමෙරිකා එක්සත් ජනපදය විසින් භාරගන්නා ලදි.එතැන් පටන් පැනමා ඇළ පාලනය කලේ ඇමෙරිකාවයි.කාලයත් සමග පැනමා ඇළේ අයිතිය සම්බන්ධව ගැටලු ඇතිවන්නට වූයේ ඊට පැනමාව අයිතිවාසිකම් කීමත් සමගයි.පැනමා ඇළේ ආරක්ෂාවට එක්සත් ජනපදය සිය හමුදාව පැනමා රාජ්‍යය තුල ස්ථාපනය කර තිබිණි.වැඩිදෙනෙක් නොදන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ පැනමා ආක්‍රමණය සාර්ථක කරගැනීම එරට සිටි ඇමෙරිකානු හමුදාවේ සහාය අතිශය වැදගත් විය.1977 වසරේදී අත්සන් කල ගිවිසුමකට අනුව 2000 වසරේ පටන් පැනමා ඇළේ සම්පුර්ණ පාලනය පැනමා රාජ්‍යයට හිමිවිය.
පැනමා ඇළ ප්‍රසාරණය කිරීමේ ව්‍යාපෘතිය සිදුවන අයුරු ක්‍රි.ව. 2015 .
ඇලේ පැසිෆික් පැත්තේ සවිකරන දැවැන්ත වානේ ගේට්ටුවක්
වම්පසින් පෙනෙන්නේ පැනමා ඇළ ප්‍රසාරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෙරෙන ඉදිකිරිම්ය.අනෙක් පස Miraflores දියගුල් දක්නට ඇත.
ඇළ මාර්ගයේ පැසිෆික් සාගරයට විවෘත වන පැත්තේ පළමු නව දියගුල ප්‍රවාහනය කරන අයුරු
දියගුල විවෘත කිරීමට පෙර ඒ හරහා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්
තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නව දියගුල ඔස්සේ ගමන් කරන අයුරු
අලුත ඉදිකල Agua Clara දියගුල ඔස්සේ ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්
පැනමා ඇළේ දියගුල් සියවසක් පමණ පැරණිය.මේ නිසා දියගුල් හරහා ගමන් කල හැකි නෞකාවල උපරිම පළල අඩි 106කි.මේ නිසා ආසියාවෙන් එන විශාල නෞකාවලට දකුණු ඇමෙරිකාව වටා යාත්‍රා කර උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළට ලගාවීමට හෝ එම භාණ්ඩ නැගෙනහිර වෙරළින් ගොඩ බා දුම් රිය ඔස්සේ බටහිර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සිදුව තිබිණි.
දැනට භාවිතා කරන ඇළ මාර්ගයේ ගමන් කල හැකි උපරිම පළල සහිත නෞකා "Panamax" නමින්ද,ඇළ මාර්ගය පළල් කිරීම නිසා දැන් අඩි 180 පළල නෞකාවලටද පැනමා ඇළ ඔස්සේ ගමන් කල හැකිය.එම නෞකා "New Panamax" නමින් හඳුන්වයි.
නව ව්‍යාපෘතියේදී භූමිකම්පා සහ ලවණ ජලය හමුවේ සියවසක් පමණ කාලයක් පවතින කොන්ක්‍රීට් ව්‍යුහයක් නිර්මාණය කිරීම ඉංජිනේරුමය වශයෙන් විශාල අභියෝගයකි.
සෑම දියගුලකම ගේට්ටු දෙක බැගින් තිබේ
එක් ගේට්ටුවක් රාත්තල් මිලියන 8 ක් බරය.
පැරණි දියගුල් මෙන් නොව අලුත් ඒවාහි තිබෙන්නේ එක් මාර්ගයක් පමණි.
දැවැන්ත වානේ ගේට්ටුවක් සවි කිරීමට සූදානමින්
මෙහි දැක්වෙන දැවැන්ත තටාක දියගුල් ක්‍රියාත්මක කිරීමේදී වැදගත් වේ
දියගුල් ගේට්ටුවක් රැගෙන එන අයුරු
ඉදිකිරීම් අතරතුර
දියගුල් ගේට්ටු රැගෙන යන අයුරු
Source:businessinsider.com
-HarshaLulzSec-

CMA CGM Benjamin Franklin නෞකාව

පැනමා ඇළ

පැනමා ඇළේ ඉදිකිරීම් ඇරඹීම
ඇමෙරිකානු ජනපති තියෝඩර් රූස්වෙල්ට් පස්කපන යන්ත්‍රයක් යොදාගෙන පැනමා ඇළ කනින අයුරු ක්‍රි.ව.1906.
දියගුල් ඉදිකරන අයුරු ක්‍රි.ව.1910.සෑම එකක්ම අඩි 78 උස සහ අඩි 36ක් පළල් වේ.
පැනමා ඇළ ඔස්සේ ගමන් කල පළමු නෞකාව වූයේ SS Ancon නම් සිමෙන්ති ප්‍රවාහනය කල එකකි ක්‍රි.ව.1914.

ඇමෙරිකා එක්සත් ජනපදයේ USS Missouri නම් යුද නැව 1945 වසරේදී පැසිෆික් සාගරයේ සිට නිව්යෝක් බලා යන ගමනේදී පැනමා ඇළ පසුකරමින්.දියගුල ප්‍රමාණය නෞකාවේ විශාලත්වයෙන් අනුමාන කල හැකිය.
පැනමා ඇළ ප්‍රසාරණය කිරීමේ ව්‍යාපෘතිය සිදුවන අයුරු ක්‍රි.ව. 2015 .
ඇලේ පැසිෆික් පැත්තේ සවිකරන දැවැන්ත වානේ ගේට්ටුවක්
වම්පසින් පෙනෙන්නේ පැනමා ඇළ ප්‍රසාරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෙරෙන ඉදිකිරිම්ය.අනෙක් පස Miraflores දියගුල් දක්නට ඇත.
ඇළ මාර්ගයේ පැසිෆික් සාගරයට විවෘත වන පැත්තේ පළමු නව දියගුල ප්‍රවාහනය කරන අයුරු
දියගුල විවෘත කිරීමට පෙර ඒ හරහා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්
තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් නව දියගුල ඔස්සේ ගමන් කරන අයුරු
අලුත ඉදිකල Agua Clara දියගුල ඔස්සේ ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්
පැනමා ඇළේ දියගුල් සියවසක් පමණ පැරණිය.මේ නිසා දියගුල් හරහා ගමන් කල හැකි නෞකාවල උපරිම පළල අඩි 106කි.මේ නිසා ආසියාවෙන් එන විශාල නෞකාවලට දකුණු ඇමෙරිකාව වටා යාත්‍රා කර උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළට ලගාවීමට හෝ එම භාණ්ඩ නැගෙනහිර වෙරළින් ගොඩ බා දුම් රිය ඔස්සේ බටහිර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සිදුව තිබිණි.
දැනට භාවිතා කරන ඇළ මාර්ගයේ ගමන් කල හැකි උපරිම පළල සහිත නෞකා "Panamax" නමින්ද,ඇළ මාර්ගය පළල් කිරීම නිසා දැන් අඩි 180 පළල නෞකාවලටද පැනමා ඇළ ඔස්සේ ගමන් කල හැකිය.එම නෞකා "New Panamax" නමින් හඳුන්වයි.
නව ව්‍යාපෘතියේදී භූමිකම්පා සහ ලවණ ජලය හමුවේ සියවසක් පමණ කාලයක් පවතින කොන්ක්‍රීට් ව්‍යුහයක් නිර්මාණය කිරීම ඉංජිනේරුමය වශයෙන් විශාල අභියෝගයකි.
කොන්ක්‍රීට් පරීක්ෂා කිරීම ආදිය නිසා ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූ අතර පසුගිය වසරේදී නවතම දියගුලක ආස්තර පිපිරී යෑමක් සොයාගන්නා ලදි.ඊට හේතුව වූයේ නිසිපරිදි සවිගැන්වීම නොකිරීමයි.මෙම අත්වැරැද්ද නිවැරදි කරගැනීමට කාලය වැයවිය.
ඇළ මාර්ගයේ දියගුල් ගේට්ටු 16ක් තිබේ.ඒවා වෙනස් සැලසුම් තුනකින් නිමවා තිබේ.ඇළේ පැසිෆික් සහ අත්ලාන්තික් පැතිවල භූමිකම්පා නිසා එලෙස නිමවා තිබේ.

Last edited: