පැන් පිදීමේ අනුසස්...
මෙයින් අනූඑක්වන කපෙහි බන්ධුමතී නගරයෙහි වතුර ඇද දීමෙන් පවුල රකින දුගී කතක් වූවාය. එකල එහි බුදුරදුන් ඇතද මහසගන ඇතද දිළිදු වූ ඇයට දන් දීමට කිසි වස්තුවක් නොතිබිණ. එබැවින් ඕ පහන් සිතින් විහාරයෙහි පැන් තැබීමකළාය.
ඕ තොමෝ මරණින් මතු ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව දෙව්විමනක දහසක් දෙවගනන්ට ප්‍රදානව උපන්නේය. ඕ ආයුෂයෙන්ද, රූපශෝබාවෙන්ද, සැපයෙන්ද, පිරිවරින්ද, ආදිපතයයෙන්ද, රූපයෙන්ද, ශබ්ධයෙන්ද, ගන්ධයෙන්ද, රසයෙන්ද, ස්ප්‍රෂ්ටවයෙන්ද, යන කරුණු දශයෙන් අන් දෙවගනන් ඉක්ම සිටියාය. සසර සැරිසරන්නාවූ ඕ ඒ පිනෙන් පනස් වරෙක දෙව් රජුන්ගේ මෙහෙසිය වූවාය. විසි වරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. අනූඑක් කපක් මුළුල්ලෙහි දේව මනුෂය දෙගතිය හැර අන් අගතියකට නොගියාය.
අහසෙහි දි වුවද කදුමුදුනක දී වුවද පැන් වුවමනා වෙතහොත් ඇයට සැනෙකින් පැන් ලැබෙන්නේය. ඇගේ ශරීරය කිසි විටෙක උෂ්ණයෙන් පීඩාවක් නොවීය. ඕ මෙසේ දීරිඝකාලයක් ඒ පිනෙන් දෙව් මිනිස් සුව විද අප බුදුන් කල මිනිස්ලොව ඉපිද පැවිදිව සව්කෙලෙසුන් නසා රහත්ව නිවන් පුරයට පිවිසියාය. ඕ බුදුසසුනෙහි උදකදායිකා ථේරී යන නමින් ප්‍රසිධ වූවාය.
මේ ඒ ස්ථවරියගේ ප්‍රකාශනයකි.
මේයින් එක් අනූවන කපෙහි යම් ජලය දීමක් කෙලෙම්ද ඒ හේතුවෙන් මේ වන තෙක් කිසි විටෙක දුර්ගතියට නොපැමිණියෙමි. මේ උදකදානයේ ඵලයය යනු එහි තේරුමයි.
Source: http://www.facebook.com

එකනවුතිතෝ කප්පෙ යං දකං අදදිංතදා,
දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං ඵලං.