දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පෙන්වා දුන්නේ පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බවයි.
ඒ අනුව පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවනු ඇති. මෙම තත්ත්වය තුළ උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එබැවින් පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ.
තව කැලෑ ටිකක් ඵළි කරානම් හරි..