පැරඩයිස් - චිත්‍රපටය

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    1722019981177.png


    ජාතන්තර සම්මාන දිනූ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් සිනමා නිර්මාණය ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්‍රාස් ටෝකීස් සමාගම මගින් ලබන මස 07 වැනිදා ලොව පුරා තිරගත කිරීමට නියමිතය.
    ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ චිත්‍රපටයක් ඉන්දියාවේ ඉහළ පෙළේ සමාගමක් මගින් ලොවට ඉදිරිපත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම චිත්‍රපටය මලයාලම් භාෂාවෙන් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂී කරුණකි.
    පැරඩයිස් චිත්‍රපටයේ මංගල දැක්ම ඔක්තෝබර් 07 වැනිදා කොරියාවේ වූසාන් නගරයේ දී ප්‍රදර්ශනය කෙරේ. බූසාන් අන්තර්ජාතික සිනමා උළෙලේ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වනුයේ ඉන්දියා හා ශ්‍රී ලංකා එකම නියෝජනය ලෙසය.
    මලයාලම් නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් ප්‍රධාන චරිත මවන පැරඩයිස් චිත්‍රපටයට මෙරට රංගන ශිල්පීන් වන මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක රංගනයෙන් දායක වෙති. පැරඩයිස් චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී රූගත කරන ඇති අතර නිෂ්පාදනය කරනු ලැබුවේ කේරළයේ චිත්‍රපට සමාගමක් වන නිව්ටන් සිනමා ආයතනය විසිනි.

    4K ටොරන්ට් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න