පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka

    පැරණි පිටකොටුවේ කාපිරි මුඩුක්කුවේ පුරාවත

    කොළඹ නගරයේ කාර්ය බහුලම තැන වන ‘පිටකොටුව’ යුග ගණනක මතක සුරකින හරි අපූරු බිමකි. ගහක් කොළක් නැති මේ වීදිවල භය භිරාන්ත වූ පෘතුගීසි ලන්දේසින්ගේ ගොඩනැගිලි ලොකු කණුවලට බරවී එහා මෙහා යන මිනිසුන් දිහා බලා සිටින අයුරු හරි අපූරුය. පෘතුගීසි හා ලන්දේසි යුගයේ මේ වීදි අද මෙන් ජනාකීර්ණ නැත. මේ වීදිවල එකල වාසය කර ඇත්තේ පෘතුගීසින් හා ලන්දේසීන්ගෙන් පැවත ආ ධනවතුන්ය.

    පිටකොටුව සෑම පැත්තටම විහිදී තිබූ ගුරු පාරවල් වූ මේ වීදි හැඩ වූයේ කළු ගල් බොරලු ඇතිරීමෙනි. ගස් තුරු ලතා අලංකාර මලින් වසා ගෙන තිබූ මේ වීදිවල ලන්දේසි කාන්තාවන් සවස් යාමයට ඇවිදීමට ප්‍රිය කළ බව බ්‍රෝහියර් ගේ පොතපතේ සඳහන්ය. මේ සුන්දර මනරම් චිත්‍රය ජීවමානව ඇඳෙන්නේ අතීතයේ දවසකය. පිටකොටුව වීදිවල වර්තමානය උඩු යටිකුරුය. මේ වීදිවල අද ඇවිදින අයෙකුට අතීතයේ ඒ මනරම් චිත්‍රය මනසේ ඇඳ ගැනීමට තියා සිතීමත් අසීරුය.


    0PH8zlB.jpg



    එදා පිටකොටුවේ සෑම පැත්තට ම විහිදී තිබූ ගුරු පාරවල් පසු ව කළුගල් පුවරු ඇතිරීමෙන් ලස්සන වුණා. ඒ ඉංග්‍රීසි පාලන කාලයේදි යි. සූරිය ඇතුළු ගස්වැල්වලින් මේ වීදි අලංකාර වුණු බව ඉංග්‍රීසි ලේඛකයන්ගේ කෘතිවලින් පැහැදිලි වෙනවා.

    xrmdkoR.jpg



    එවැනි අලංකාර වීදියක් සහිත පිටකොටුවේ පෙදෙසක කොටුවට යාබද ව පිහිටි තැනක් තමයි කාපිරි මුඩුක්කුව කියන්නේ. අප්‍රිකාවෙන් කැඳවාගෙන පැමිණි කාපිරි ජාතිකයන් සිටි නිසා මේ පෙදෙසට කාපිරි මුඩුක්කුව කියන නම 1900 වනවිට ව්‍යවහාර කර තිබෙනවා. අද නම් මෙහි කාපිරි කිසිවෙක් දකින්න නැහැ.

    svA7YJQ.jpg

    පැරණි පිටකොටුව – En. geneanet.org




    ලංකාවේ කාපිරි​


    අදත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරනවා. 1630 දී මුලින් ම මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් එකතු කරගත් කාපිරි ජනතාව රැගත් නැවක් ලංකාවට ගෙන්නුවේ පෘතුගීසින්. ඒ අය ගෙන්වා ඇත්තේ ලංකාවේ වහල් සේවයට යොදවන්නට යි


    60YUcUa.jpg


    1796 දී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වුණා. ඉන්පසු කාපිරි ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවල යොදවා තිබෙනවා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන වහල් දූපත පිහිටි තැන එකල කාපිරි ජාතිකයන් රඳවා තිබූ ස්ථානය ලෙස සැලකෙනවා.


    KlADkLE.jpg


    කොළඹ කොටුවේ ලංකා බැංකු මූලස්ථානය සහ ඇචිලන් බැරැක්කවලට යාබද ව අතීතයේ ‘කපිර් වෙල්ට්ඩ්’ නම් විවෘත බිමක් පැවතුණු බව ආර්. එල්. බ්‍රෝහියර් සඳහන් කරනවා. ඕලන්ද බසින් කපිර් වෙල්ට්ඩ් යනු කාපිරින් පෙරට්ටුව සඳහා කැඳවූ ස්ථානය යි. බ්‍රිතාන්‍ය ආණ්ඩුව පසුව කාපිරි සේනාංකයක් ඇති කළ බව පැවසෙනවා.


    QKzs6pz.jpg



    එම සේනාංකය වෙනුවෙන් 1875 දී පමණ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බැරැක්ක ඉදි කළ බව ද සඳහන් වෙනවා. එහි එක් මායිමක් ලෙස බේරේ වැවත්, අනෙක් පස ඇතුළු නගරයේ කොටු බැම්ම තිබූ බව ද සඳහන් වන කරුණක්. මේ ස්ථානයට නුදුරින් පිහිටි පෙදෙසක් 1900 පමණ සිට හැඳින්වූයේ කාපිරි මුඩුක්කුව ලෙස යි.




    අලුතින් දැමූ නම්​

    QD0Zs9w.jpg

    රෝහිණී පටුමග- lankadeepa.lk

    කුමාර වීදියෙන් හැරී ගොස් කාපිරි මුඩුක්කුවට පැමිණිය හැකි යි. අදින් දශක කිහිපයකට පෙර සිට කාපිරි මුඩුක්කුව යන නිල නොවන නාමය වෙනුවට මේ ස්ථානය රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙස නම් කර තිබෙනවා.

    කාපිරි මුඩුක්කුවට එක්වූ තවත් පාරක් තිබෙන අතර එය කීර්ති මාවත ලෙස නම්කර තිබෙනවා. පිටකොටුවේ අනෙක් ජනාකීර්ණ වීදි හා සසඳන විට අදත් කෝසල පටුමග එතරම් ජනාකීර්ණ නැති වාහන විශාල වශයෙන් ගමන් නොකරන පෙදෙසක්.

    කුමාර වීදියෙන් හැරී ගොස් කාපිරි මුඩුක්කුවට පැමිණිය හැකි යි. අදින් දශක කිහිපයකට පෙර සිට කාපිරි මුඩුක්කුව යන නිල නොවන නාමය වෙනුවට මේ ස්ථානය රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙස නම් කර තිබෙනවා.

    කාපිරි මුඩුක්කුවට එක්වූ තවත් පාරක් තිබෙන අතර එය කීර්ති මාවත ලෙස නම්කර තිබෙනවා. පිටකොටුවේ අනෙක් ජනාකීර්ණ වීදි හා සසඳන විට අදත් කෝසල පටුමග එතරම් ජනාකීර්ණ නැති වාහන විශාල වශයෙන් ගමන් නොකරන පෙදෙසක්.

    SQ4slYM.jpg

    පුරාණ වහල් දූපත- lankapura.com



    කාපිරි මුඩුක්කුව​

    ‘කාපිරි මුඩුක්කුවේ’ එදා පැවතුණේ එකිනෙකට බද්ධවුණු මුඩුක්කු ගෙවල්. මෙහි පදිංචි වී සිටියේ නගරයේ දුප්පත් ජනතාවක්. ඔවුන් හොඳ අධ්‍යාපනයක් නොලැබූ නූගත් පිරිසක්. වැඩිදෙනෙක් ජීවනෝපාය උපයා ගත්තේ මුට්ට කරගැසීමෙන්. සමහරු නගර සභාවේ කුණු ඇදීමත් කළා.

    වතුර ලබාගැනිමට ළිං නොතිබූ අතර වත්තටම තිබී ඇත්තේ එක් පයිප්පයක් පමණයි. මේ නිසා වතුර ගැනීමට සැමවිමට දිගු පෝලිම් පැවතුණා. ව්‍යාපාරික පෙදෙස්වලට ලැබී තිබුණු පහසුකම් මේ වත්තට ලැබී තිබුණේ නැහැ.

    4jKA2su.jpg

    එදා චණ්ඩින්ගෙ රජදහන- divaina.lk


    චණ්ඩින් රජ කළ තැනක්​

    කාපිරි මුඩුක්කුව අතීතයේ පැවතුණේ චණ්ඩින්ගේ රජදහනක් ලෙස යි. 1900 මුල භාගය වනතෙක් එහි වැඩි වරප්‍රසාද හිමි කර ගෙන සිටියේ චණ්ඩින් පිරිසක්. ඔවුන් කප්පම් ගනිමින් වෙනම ආණ්ඩුවක් පරිදි කටයුතු කළ බවයි පැවසෙන්නේ. රාවලින් මත් වී ආයුධ ගෙන සිටි මේ චණ්ඩින්ට ව්‍යාපාරිකයන් පවා කප්පම් ගෙවා තිබෙනවා.

    රා ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුර්ග විලේ අයියා ඒ කාලේ කාපිරි මුඩුක්කුවේ රජ කරපු චණ්ඩින් ලෙස වැඩිහිටියන් පවසනවා.රෙජි අයියා (රෙජිනෝල්ඩ් මෙන්ඩිස්) තමයි කාපිරි වත්තේ ලොකුම චණ්ඩියා. එදා පොලිසිය පවා මේ චණ්ඩි මෙල්ල කිරීමට කටයුතු කර නැහැ.




    කාපිරි මුඩුක්කුවේ පරණ කෝට්​

    කාපිරි මුඩුක්කුවේ සුද්දන්ගෙ කාලෙ ඉඳල ම පැවති වෙළෙඳාමක් තමයි පරණ ඇඳුම් අලෙවිය. අදත් ඒ ව්‍යාපාරය ජයටම සිදුවෙනවා. කුඩා ඉඩක් සහිත කඩකාමරවල ගොඩ ගහලා තියෙන්නේ පරණ ඇඳුම් කමිස, කලිසම්, ටී ෂර්ට්, ෂෝර්ට් ආදියයි.

    GcYsRwI.jpg

    පරණ ඇඳුම් ගොඩගසා ඇති අයුරු – Lankadeepa.lk


    පරණ ඇඳුම් එකතු කරන පුද්ගලයන් ළඟට ඒවි ගේන්නේ පරණ කෝට්කාරයින්. ඔවුන් ගෙවල් ගානේ ගිහින් එකතු කරගෙන එන ඇඳුම් කෝසල පටුමගට රැගෙනවිත් අලෙවි කරනවා. ඒවා මුලින් ම වර්ග කර සෝදා මැද ගන්නවා. ඉන්පසු පරණ ඇඳුම්වලට හොඳ පෙනුමක් එනවා. නවිකරණය කළ පරණ ඇඳුම් තොගයට අලෙවි කරන එක කෝසල පටුමගේ ව්‍යාපාරිකයන්ගේ කටයුත්ත යි.

    2AUqXKD.jpg

    වර්ග කර අලෙවි කරන පරණ ඇඳුම් – divaina.lk

    අතීතයේ පටන් ම පැවති පරණ කෝට් වෙළෙඳාම පරම්පරාවෙන් පරම්පරාවට යන වෘත්තියක් වෙලා. පරණ ඇඳුම් අලෙවි කරන වෙළෙන්දන් කිහිප දෙනෙක් ම පටුමගේ වාසය කරනවා. මේ ඇඳුම් බහුලව අලෙවි වන්නේ හැටන්, මස්කෙළිය, නුවරඑළිය වගේ සීතල පැතිවලට යි.

    වතු කම්කරු ජනතාවට අලුත් ඇඳුම් මිලට ගන්න ආර්ථික ශක්තියක් නැති නිසා පරණ ඇඳුම් මිලට ගැනීමට පුරුදු වී සිටිනවා. කමිසයක් දෙතුන් සීයකට මෙහිදී මිලට ගන්න හැකියාව ලැබෙනවා. තොග වශයෙන් කෝසල පටුමගෙන් ඇඳුම් ලබා ගන්නා ව්‍යාපාරිකයන් කඳුකරයට ගොස් ඒ ඇඳුම් සිල්ලරට අලෙවි කිරීම සිදුවෙනවා. රුපියල් 1500කට කෝට් එකක් මෙතැනින් මිලදී ගත හැකි යි.





    මූලාශ්‍ර:
    Lankadeepa.lk
    Divaina.lk
    රෝර්මීඩියා
    කොළොම් පුර පුරාවෘත්තය- ආර්. එල්. බ්‍රොහියර්, පරි. පද්මා එදිරිසිං
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    සුපිරි නූල...👍👍
    රෙජි අයියා
    ඔය රෙජී අයිය කියන්නෙ රෙජිනෝල්ඩ් මෙන්ඩිස්...
    එයා තමයි දැන් හොඳ දක්ශ නළුවෙක් වෙලා ඉන්න, ලක්ශ්මන් මෙන්ඩිස්ගෙ තාත්ත....


    කාපෙරි මුඩුක්කුවට එන්ට්‍රන්ස් තිබිල තියෙනව කොටුවෙ මල්වත්ත රෝඩ් එකෙන්...
    මල්වත්ත රෝඩ් එක පැත්තට ඉස්සර ආහාර දෙපාර්තමේන්තුවෙ ගබඩාවෙ ගේට්ටුවක් තිබිල තියෙනව.... දැන් චාමස් කාර් පාක් එක තමයි ඉස්සර ෆුඩ් ඩිපාට්මන්ට් එක...

    කාපෙරි මුඩුක්කුවෙ ඉන්න කොල්ලො ඔය ඩිපාට්මන්ට් එකේ උන් එක්ක හරි හිතවත්...
    මුන් පිට්පොකට් ගහල, හොරකම් කරල කෙලින්ම දුවන්නෙ ගබඩාව ඇතුලට... පස්සෙන් එලවගෙන යන උන්ව ගබඩාවෙ සිකියුරිටි එකෙන් ඇතුලට ගන්නෙ නෑ... අරූ ඉතිං මේ පැත්තෙ ගේට් එකෙන් ඇතුලට ඇවිල්ල අනික් පැත්තෙ ගේට් එකෙන් එළියට එනව....😅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    කාපිරි මුඩුක්කුව ගැන කියද්දි අමතක කරන්නම බැරි චරිතයක් තමයි @2osama . මූ පිළිසිඳ ගත්තෙ ඔය මුඩුක්කුවෙ ඈත කෙළවරේ කලුවරට තියෙන පඳුරක් අස්සෙ.

    දෙකඔසාමගෙ අම්මගෙයි, තාත්තගෙයි පොටෝසුත් මේකට ඇඩ් කරන්න පුලුවන් උනොත් වටිනවා. පොඩි අවුල් 2ක් තියෙනවා. එකක් මුගේ අම්ම හොයාගන්න එක. කොයිවෙලාවෙ කොතන කවුරු එක්ක ඉන්නවද කියල සක්‍රයවත් දන්නෙ නෑ. අනික තාත්ත හොයාගන්න එක. හරියටම දන්නෙ නෑ කවුද කියලා. ගමම එකතු කරන් පොටෝ ගන්න එක තමයි මම රෙකමන්ඩ් කරන්නෙ.