තමන්ගේ ජාතියට ආගමට හානියක් වන විට නැගී සිටිය යුතුයි. නමුත් අගමේ හෝ ජාතියේ නාමයෙන් මනුශ්යත්වයට් නිගා දෙන දේවල් නොකල යුතුය.නමුත් තමන්ට පහර ගසන්නේ නම් පෙරලා පහර දිය යුතුය. බුදු රජාණන් වහන්සේ දේශනා කල වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුන පමනක් අදාල කරගෙන වර්තමානයේ කටයුතු කල නොහැකි බව මගේ හැඟීමයි.නමුත් පහර දිය යුත්තේ පහර ගසන්නාට මිස අන් අයටවත් අන් දෙයටකවත් නොවේ.
ප්‍රශ්නේ වටේ කැරකිලාද, ප්‍රශ්නේ අන්ත දෙකම කියලාද තියෙන්නේ කියල ආයිත් කියවලම බලන්න.ප්‍රශ්නෙකදි ගොඩක් වෙලාවට හරි , වැරදි කියන අන්ත 2 දකින්නයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මචන්. නමුත් ඕනෑම ප්‍රශ්නෙකදි සහ අවස්ථාවකදි ඒ අන්ත 2 ඇරුනහම තවත් මානයක් තියෙනවා. හරි සහ වැරදි, හෝ, හරිවත් වැරදිවත් නොවන අවස්ථා බහුලයි.
ඒ අනුව බැලුවහම දුටුගැමුණු රජතුමා කලේ ඒ කාලෙට ඔබින ලෙස වැඩ කරපු එකයි.
නමුත් ක්‍රමයෙන් මිනිසුන්ගේ දියුණුවත් සමඟ, වැඩ කලයුතු විදියත් වෙනස් විය යුතුයි.
අද මිනිස්සු ගෑනියෙක් වෙනුවෙන් කව්බෝයි ච්ත්‍රපටි වල වගේ වෙඩි තියාගන්නේ නැහැනෙ?
ඒ කියුවේ ඔයා අන්තවාදියෙක් කියලා ද?
ඉතින් ඒක නරකයි ද? ඒක තමයි වෙන්නත් ඕනෙ. වැරදි වැඩක් කලොත් ඒකට දඬුවම් නීතියෙන් ලැබිය යුතු යි. පොලීසිය ඉන්නේ ඒකට තමයි. හැබැයි පුරාවස්තු විනාශ කලොත් දැඩි දඬුවම් පමුනුවන්න ඕනෙ. එතකොට තමයි ඕවා කරන අය ඒවා නතර කරන්නේ. නැතුව පොඩි පගාවක් අරගෙන උන්ව නිදහස් කලොත් ඒ මිනිස්සු ආයෙත් බය නැතුව එම වැඩේම කරනවා. ඒක තමයි වෙන්න ඕනෙ. නැතුව "අවම බලේ" යොදලා උන්ගේ පල්ලි කැඩුවොත් වෙන්නේ අපිත් අපේ දර්ශණය පිටුදකිනවා කියලා කෑ ගහල කියන එක විතරයිනෙ.

brother,වෙන කෙනෙක් මට ගහන්න ආවොත් ආගමක් ජාතියක් හොයන්න කලින් මමත් ගහනවා තමයි.
බුදුබණ මතක් වෙන්නේ නැහැනෙ බං එවෙලෙට මිනිස්සු උනු අපිට. නමුත් මෙතන කථා කලේ එහෙම ගැහිල්ලක් ගැන නෙවෙයිනෙ බං.
මෙහෙම කෙලින්ම අහන්නම් උදාහරණයක් එක්ක: ඔයා කියපු තියරියම භාවිතා කරලා, ප්‍රදේශයේ පංසලේ බුදුපිළිමෙ කැඩුවොත් වෙන ආගමක කට්ටියක් ඇවිල්ලා, මොකද කරන්නේ?
එක අන්තනෝමතික පිරිසක් ඇවිත් කරපු වැඩකට පළිගන්න එයාලගෙත් ආගමීක දෙයක් අනිත් පැත්තට ගිහින් විනාශ කරනවාද?
එහෙම කලොත් ඒ වැඩේට සම්බන්ධ නොවුනු අයට අවැඩක් වෙන්නේ නැද්ද?
එහෙම දෙයක් නොකලොත්, මොකක්ද ප්‍රායෝගිකව කරන්න ඕනෙ?
1.මේ ප්‍රශ්නේ තියෙන්නේ අන්ත 2යි නේ.අන්‍යාගමිකකරණය හරි ද වැරදි ද?? මෙතන මැද උත්තරයක් නෑ.
2.දුටුගැමුණු රජතුමා වැඩ කරපු විදිය අදටත් හරි යනවා. දුටුගැමුණු රජතුමා යුද කරේ අන්තවාදින්ට විරුද්ධවයි.අද්ත් එක එක පෙරමුණු වලින් එන අන්තවාදීන්ට විරුද්ධව සටන් කළයුතුයි. බයිබලේ පස්සේ හැංගුනත් , කුරාණේ පස්සේ හැංගුණත් , සාමෙන් ආවත්, උදව් දෙන විදියට ආවත් අන්තවාදියාගේ අරමුණ එදා අද කියලා වෙනසක් නෑ. අන්තවාදියාට දිය යුතු පිලිතුරේත් වෙනසක් නෑ
3.මම අන්තවාදියෙක් නෙවෙයි. හැබැයි මම නවගුණ වැල ගණන් කර කර ඉන්න උපාසක මහත්තයෙකුත් නෙවෙයි.
4. අවම බලය කිව්වේ අර වගේ නීතිය මෙහෙයවන අය, පාලකයෝ මේ පිලිබදව දැනුවත් කරලා එයාලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න යොමු කරවන එක. නිකං අතපය බැදගෙන සාම කතා කිව්වට, මේ ප්‍රශ්න විසදෙන්නේ නෑ. අර බෝසත් නාගයාට තවුසා දීපු උපදෙස මතකද?? ධාර්මිකව දිවි ගෙව්වට කමක් නෑ, ඉදලා හිටලා හරි පෙනේ පුප්පන්න ඕන. නැත්නම් වටේ පිටේ ඉන්න එවුන් හිතන්නේ මුං මහ නිවටයෝ පිරිසක් කියලා.