පැරිඩෝලියා

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හිතට නැගෙන මූණු රටා

    මොනවා හරි දෙයක් දිහා හරි ෆොටෝ එකක් දිහා හරි බැලුවම මේක මූණක් වගේ කියල උඹලට අනිවාර්යෙන් හිතිලා ඇති!
    මෙහෙම වෙන්නෙ අහම්බෙන් නෙමේ. මිනිස්සු කියන සෝෂල් සත්ව කොට්ටාශය පරිණාමය වෙලා තියෙන්නෙ මූණු අඳුනගන්න පුළුවන් වෙන්න (අනිත් සත්තුන්ටත් අඩු වැඩි වශයෙන් පුළුවන්).
    ඉපදිලා පැය 9 විතර වෙනකොටම පොඩි බබාලා තමන්ගේ පරිසරය අවට තියන රටා වලින් මූණු වගේ පේන රටා වලට වැඩිපුර ආකර්ෂණය වෙන බව හොයාගෙන තියනවා.
    මේක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. මේක පැරිඩොලී තත්වයක්. මේ තත්වය උඩ සමහර මිනිස්සු කන්වින්ස් වෙනවා පරණ රෙදි කෑල්ලක හරි බෝධියක හරි එහෙම නැත්නම් මොනයම් වෙන දේකින් හරි ආගමික ශාස්තෘවරු දෘශ්‍යමාන වෙනවා කියල (පින්වන්ත අයට විතරයි පෙන්නේ කියල ආඩම්බරත් වෙනවා)!!
    :yes:

    1GzHU3a.jpg

    TGnqKob.jpg

    nlyc2Od.png

    DvV9PaE.jpg

    • Like
    Reactions: HSW and Sara531

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඉස්සර අපේ ගෙදර එක කාමරේක මුදුන් බිත්තියක සිමෙන්තියේ පොඩි පලුද්දක ප්‍රේමදාස මහත්තයගේ මූණේ හැඩේ හැදිලා තිබුණා..:rofl:
    අපේ තාත්තා ගෙදර තීන්ද ගාද්දීත් ඒක වැහුවේ නෑ කියහංකෝ..:lol:
    මම තීන්ත ගානකොටත් ඒ පලුද්ද එහෙම්මම තියෙන්න ඇරලා ඒක බේරලා තීන්ත ගෑවා.. අම්මගෙන් බැනුමුත් ඇහුවා තාත්තටයි පුතාටයි දෙන්නටම පිස්සු කියලා..:P
    ඒ ගේ විකුණද්දී තමයි මමම ඒක වහලා දැම්මේ තීන්ත ගාලා..:yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔව් ඉස්සර අපේ ගෙදර එක කාමරේක මුදුන් බිත්තියක සිමෙන්තියේ පොඩි පලුද්දක ප්‍රේමදාස මහත්තයගේ මූණේ හැඩේ හැදිලා තිබුණා..:rofl:
    අපේ තාත්තා ගෙදර තීන්ද ගාද්දීත් ඒක වැහුවේ නෑ කියහංකෝ..:lol:
    මම තීන්ත ගානකොටත් ඒ පලුද්ද එහෙම්මම තියෙන්න ඇරලා ඒක බේරලා තීන්ත ගෑවා.. අම්මගෙන් බැනුමුත් ඇහුවා තාත්තටයි පුතාටයි දෙන්නටම පිස්සු කියලා..:P
    ඒ ගේ විකුණද්දී තමයි මමම ඒක වහලා දැම්මේ තීන්ත ගාලා..:yes:
    අපරාදේ.ඒක පෙන්නලා ගාන වැඩි කරලා විකුණන්ඩ තිබ්බනේ...