පැල්පතක තනි වී ජීවිතය දිනන්න හීන දකින දිර&#353

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    පැල්පතක තනි වී ජීවිතය දිනන්න හීන දකින දිර&#353

    පැල්පතක තනි වී ජීවිතය දිනන්න හීන දකින දිරිය දුවක්

    ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇතිව තනිවම පැල්පතක ජීවත්වන පාසල් සිසුවියක් පිළිබඳව තොරතුරක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ සිසුවිය ගලේවෙල ප්‍රදේශයේම පාසලක උසස් පෙළ කලා විෂය ධාරාව හදාරන්නීය.

    පියා මියගිය පසු මව වෙනත් කසාදයක් කරගෙන වෙනම ජීවත් වන බවත් සුළු පියා සමඟ ජීවත්වීමේ අපහසුතාව නිසා තමන් පියාට අයිති ඉඩමක කුඩා පැල්පතක් හදාගෙන තනිවම ජීවත් වන්නට පටන්ගෙන වසර ගණනාවක් බවත් ඇය පවසයි.
    නිවාඩු දිනවලදී කුලී වැඩක් කොට සිය මුදල් අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇය පෙලඹී සිටී. අෑ තනිවම ජීවත්වන නිසා ඇයගේ ආරක්ෂාව සඳහා නම් ගම් අනාවරණය නොකිරීමට අප තීරණය කෙළෙමු. මේ සිසුවියට උදව්වක් කරන්නට කිසිවකු සිටී නම් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතා හමුවී එය ඉටුකළ හැකිවනු ඇත.
    මේ දිරිය දියණිය සොයා එම පැල්පතට ගිය අපට දැකගත හැකිවූයේ දිරාගිය පොල් අතු හා මැටි, ටකරන් කීපයකින් සැකසුණු පැල්පතක කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කටයුතු කරන ආකාරයයි. පැල්පත වටා අලංකාරව මල්පැල වවා ඇත. කුඩා පැල්පතේ පිළිවෙළකට තබා ඇති පොත් පත්ය. කටුමැටි බිත්තියේ එල්ලා ඇත්තේ ඇඳුම් කිහිපයකි. බුදුන්ගේ රුව හා සරස්වතී දේවියගේ සහිත කුඩා පෝස්කාඩ් බිත්තියේ සවිකර තිබිණි.
    තම ජීවිතය ගැන මේ දිරිය දියණිය මෙසේ කීවාය. "මම ප්‍රශ්න ගොඩක හිටියේ. මගේ තාත්තා හදිසියේ මැරුණා. අම්මා වෙන කසාදයක් කරගත්තා. මගේ නංගිලා දෙන්නා අම්මා ළඟ ඉන්නේ. මම බාප්පත් එක්ක ඒ නිවසේ ඉන්න කැමැති නැහැ. මට පාඩම් කරන්න බෑ. එතන ප්‍රශ්න ගොඩක්. ඒ නිසා මම තීරණය කළා තාත්තගේ ඉඩමේ පොඩිවට පැලක් හදාගෙන තනියම ජීවත් වෙන්න. දැන් වසර කීපයක් මෙහෙම ඉන්නවා. මට දැන් බයක් දැනෙන්නේ නැහැ. මගේ එකම අරමුණ තමා ගුරුවරියක් වෙලා මම වගේ අසරණ දරුවන්ට උගන්වන එක. මම නිවාඩු දවස්වලට කුලියට උදලුගාන්න, ලූනු හදන්න, වල්පැළ ගලවන්න යනවා. දවසට රු. 700ක් ලැබෙනවා. ඒකෙන් කෑමට හා ඉගෙනීම් වැඩවලට වියදම් කරගන්නවා. සමහර දවස්වලට උයන්නේ නැහැ. සමහර දවස්වලට එක වේලක් උයනවා. ඒක තුන් වේලටම හරි දෙවේලට හරි කනවා. නැත්තම් බිස්කට් එකක් කාල තේ එකක් හදාගෙන බීලා පාඩම් කරනවා.
    මගේ අරමුණ කෑම බීම නෙවෙයි. මම මේ ඉන්න අක්කරයක ඉඩම ලක්ෂ තුන හමාරකට බාප්ප උකස් කරලා. ඒක බේරගන්න ඕනේ. මම ඉගෙනගෙන කොහොම හරි ඒ දේ කරනවා.
    2017-08-09
     
    • Like
    Reactions: matheesh-bandara

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Marama guts thiyana kellek yako...api me kambareta wela thaniyen inna bayai..mewage kellonta hariyanna one aye udinma....salli thiyenawanam defa ara idama beraganna keeyak hari denawa
     
    buwasl

    Member
    Oct 29, 2013
    34
    4
    0
    Pradeshiya saba lekamge phone number eka heta hambenewa katha karala balane ona karane puluwan monada kiyala :)

    බැංකු ගිනුම් අංකය ඉල්ලගෙන දාන්න, උදව්වක් කරන්නම්.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    පැල්පතක තනි වී ජීවිතය දිනන්න හීන දකින දිරිය දුවක්

    ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව ඇතිව තනිවම පැල්පතක ජීවත්වන පාසල් සිසුවියක් පිළිබඳව තොරතුරක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ. මේ සිසුවිය ගලේවෙල ප්‍රදේශයේම පාසලක උසස් පෙළ කලා විෂය ධාරාව හදාරන්නීය.

    පියා මියගිය පසු මව වෙනත් කසාදයක් කරගෙන වෙනම ජීවත් වන බවත් සුළු පියා සමඟ ජීවත්වීමේ අපහසුතාව නිසා තමන් පියාට අයිති ඉඩමක කුඩා පැල්පතක් හදාගෙන තනිවම ජීවත් වන්නට පටන්ගෙන වසර ගණනාවක් බවත් ඇය පවසයි.
    නිවාඩු දිනවලදී කුලී වැඩක් කොට සිය මුදල් අවශ්‍යතා ඉටුකර ගැනීමට ඇය පෙලඹී සිටී. අෑ තනිවම ජීවත්වන නිසා ඇයගේ ආරක්ෂාව සඳහා නම් ගම් අනාවරණය නොකිරීමට අප තීරණය කෙළෙමු. මේ සිසුවියට උදව්වක් කරන්නට කිසිවකු සිටී නම් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්.යූ. නිශාන්ත මහතා හමුවී එය ඉටුකළ හැකිවනු ඇත.
    මේ දිරිය දියණිය සොයා එම පැල්පතට ගිය අපට දැකගත හැකිවූයේ දිරාගිය පොල් අතු හා මැටි, ටකරන් කීපයකින් සැකසුණු පැල්පතක කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කටයුතු කරන ආකාරයයි. පැල්පත වටා අලංකාරව මල්පැල වවා ඇත. කුඩා පැල්පතේ පිළිවෙළකට තබා ඇති පොත් පත්ය. කටුමැටි බිත්තියේ එල්ලා ඇත්තේ ඇඳුම් කිහිපයකි. බුදුන්ගේ රුව හා සරස්වතී දේවියගේ සහිත කුඩා පෝස්කාඩ් බිත්තියේ සවිකර තිබිණි.
    තම ජීවිතය ගැන මේ දිරිය දියණිය මෙසේ කීවාය. "මම ප්‍රශ්න ගොඩක හිටියේ. මගේ තාත්තා හදිසියේ මැරුණා. අම්මා වෙන කසාදයක් කරගත්තා. මගේ නංගිලා දෙන්නා අම්මා ළඟ ඉන්නේ. මම බාප්පත් එක්ක ඒ නිවසේ ඉන්න කැමැති නැහැ. මට පාඩම් කරන්න බෑ. එතන ප්‍රශ්න ගොඩක්. ඒ නිසා මම තීරණය කළා තාත්තගේ ඉඩමේ පොඩිවට පැලක් හදාගෙන තනියම ජීවත් වෙන්න. දැන් වසර කීපයක් මෙහෙම ඉන්නවා. මට දැන් බයක් දැනෙන්නේ නැහැ. මගේ එකම අරමුණ තමා ගුරුවරියක් වෙලා මම වගේ අසරණ දරුවන්ට උගන්වන එක. මම නිවාඩු දවස්වලට කුලියට උදලුගාන්න, ලූනු හදන්න, වල්පැළ ගලවන්න යනවා. දවසට රු. 700ක් ලැබෙනවා. ඒකෙන් කෑමට හා ඉගෙනීම් වැඩවලට වියදම් කරගන්නවා. සමහර දවස්වලට උයන්නේ නැහැ. සමහර දවස්වලට එක වේලක් උයනවා. ඒක තුන් වේලටම හරි දෙවේලට හරි කනවා. නැත්තම් බිස්කට් එකක් කාල තේ එකක් හදාගෙන බීලා පාඩම් කරනවා.
    මගේ අරමුණ කෑම බීම නෙවෙයි. මම මේ ඉන්න අක්කරයක ඉඩම ලක්ෂ තුන හමාරකට බාප්ප උකස් කරලා. ඒක බේරගන්න ඕනේ. මම ඉගෙනගෙන කොහොම හරි ඒ දේ කරනවා.
    2017-08-09

    hmm dukai thamai , athe salli thibbanam mona hari karnana thibba ,