පැල්මයිරාව මැකිය නොහැක

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    පැල්මයිරාව මැකිය නොහැක

    විනාශ කලත් මැකිය නොහැකි පැල්මයිරාව

    ISISලට තවත් බලකොටුවක් අහිමි උනා කියලා උදැසනම අහන්න ලැබුනා. ISIS ත්‍රස්ථයන් මිනිස් ඝාතන කරන අතර ඉතිහාසයත් ඝාතනය කරමින් තමයි යන්න හදන්නේ. ඔවුන් අතින් විනාශ වුන පුරාවස්තු ප්‍රමාණට අපමණයි. ඒ නිසා මතක් වුන වෙලාමේ පැල්මයිරාව ගැන ලියන්න හිතුනා.

    සමහර යාලුවන්ට පැල්මයිරාව නුපුරුදු වෙන්න පුලුවන්. නමුත් පැල්මයිරාව ලෝක ඉතිහාසයේ තැබු සටහන් නම් අමරණියයි. නමුත් එය වටිනාකම නොදත් පිරිසක් අතින් විනාශ වීම නම් දුකක්.

    පැල්මයිරා නගරය පිහිටා තියෙන්නේ සිරියානු කාන්තාරය මැද. කාන්තාරයක් මැද තියන ක්ෂේම භුමියක් කිව්වොත් නිවැරදියි. එබැවින් අතරමැදි ගිමන් හලක් බවට පැල්මයිරාව පත්වුනා. රෝම අධිරාජ්‍යයට අයත් කොටසක් ලෙස තමයි පැල්මයිරාව ඔඩානතස් කියන ප්‍රදේශිය පාලකයෙක් යටතේ පාලනය වුනා. රෝමයට එතරම් බියක් තිබ්බේ නැ මේ ප්‍රදේශ වලින් කැරැලි ඇතිවෙයි කියලා. ඒකට හේතුව ටිකක් දිග නිසා වෙන ලිපියකින් කියන්නම්.

    y29UOdH.jpg


    QX4HWfS.jpg


    ඔඩානතස් රජු තම දෙවැනි විවාහයේ යුවතිය කරගන්නේ සෙනොබියා නම් ලාබාල කාන්තාවක්. මෙම විවාහයෙන් ඔවුන්ට පුත්‍රයෙක් ලැබෙනවා. විවාහයෙන් ටික කලකට පසු ඔඩානතස් රජුත් හා රජුගේ පලමු විවාහයේ ඔටුන්න හිමි කුමරාත් මිය යනවා. ඉතිහාසයේ සමහර තැන් වල මෙම දෙපලගේ මරණ මිනිමැරුමක් බවත් සදහන් වෙනවා. කෙසේ වෙතත් ඔඩානතස් රජුගේ අභාවයෙන් පසු දෙවැනි විවාහයේ පුත්‍රයාත් ලාබාල නිසා සෙනෝබියා භාරකාර රැජින බවට පත්වෙනවා.

    XxRqiDR.jpg


    මේ අතර කාලයේ රෝමය ගෝල් දේශය එක්ක යුද්දෙකට පැටලෙනවා. තමන්ට නිදහස් වෙන්න තියන වෙලාව මේක කියලා හිතපු සෙනෝබියා රැජින තම නිදහස් සටන අරබනවා. තම කලාපයේ සිටින රෝමානු හමුදා වලට එරෙහිව ඇය සටන් කරනවා. ඇය විසින් ඊජිප්තුව ආක්‍රමණය කර රෝම පාලකයා මරා දමනවා. එමෙන්ම තුර්කියේ විශාල ප්‍රදේශයක තම බලය තහවුරු කරගන්නවා. ඇය පැල්මයිරා අධිරාජ්‍ය හදන්නේ මෙන්න මෙහෙමයි. සෙනෝබියා රැජින, තම හමුදාවන් සමග යුධ පෙරමුණට නොබියව ගිය බවත් සදහන් වෙනවා.

    නැගෙනහිර තත්ත්වය දරුණු වනු දුටු රෝමන් හමුදා නැවත පැල්මයිරාවට පැමින උපක්‍රමශිලිව, වසර තුනක් පැවැති පැල්මයිරා අධිරාජ්‍ය බිද දමා සෙනෝබියා රැජින සිරබාරයට ගන්නවා. සෙනෝබියා රැජින වද දෙමින් මාර්ග වල ඇදගෙන ගිය බව වාර්තා වුනත්, ඇගේ මරණය ගැන තියන තොරතුරු විවාදාත්මකයි. ඇගේ රෑමත් බව නිසා ඇගේ දිවි ගැලවුනු බව විටෙක සදහන් වෙනවා.

    B4539xL.jpg


    mFtc4Hb.jpg


    CH1dqWK.jpg


    රෝමන් බලය පරදා ගොඩනැගුනු පැල්මයිරා අධිරාජ්‍යය අද වන විට ඉතිහාසය නොදත් පිරිසක් අතින් විනාශ වි අවසන්.
    නමුත් පැල්මයිරා විභුතිය උණ්ඩයකට දෙකකට යටපත් කල නොහැක.
    දුක නම් අනාගතය සදහා තවත් වීර කතාවක් පමණක් ඉතිරි වීමයි.

    -රොෂින් ප්‍රනාන්දු


    ජනේලය
     
    • Like
    Reactions: willpower