ආසියාවේ ආස්චර්යය කරා යන්න බැරි මේ වගේ පේමන්ට් කාරයෝ හින්දා තමයි .ඔය කටුනායක පාරේ ආපු විදේශ්රිකයෙක් මේ විදියට පාරවල් වල වෙලදාම් කරනවා දැක්කනම් රටටම හොද නෑ.දැන් ලංකාවේ දියුණු වෙලා වෙරලු , අබ අච්චාරැ කන්නේ ගොඩේ බයියෝ එක්කෝ චුයින්ගම් ව්කුනුවනම් තව කමකුත් නෑ .අර විහාර මහා දේවි පාක් එක ලස්සනට හදලා තියෙනවා එවයේ ඉන්නේ හිගන්නෝ. බලන්නකෝ මෙච්චර දියුණු රටේ හිගන්නෝ ඉන්න විදියක් නෑ. ෂුවර් එකටම වෙන රටකින් ආපු එවුන් වගයක් වෙන්න ඔනේ ලංකාවේ නම කැත කරන්න ආපු විදේශ බලවේග තමයි මේව පිටුපස්සේ ඉන්නේ . දැන් නයිටි රේස් එකක් යන්න ලැස්ති කරලා තියෙන්නේ ඔය අස්සේ ඔය වෙරලු කාරයෝ පාරවල් ගානේ ඉන්න ගියාම හරි කරදරේ .අපේ රට ගැන හිතලා මේ ගත්ත උදාර ක්රියාමාර්ගයට මගේ ස්තුතිය පැලියගොඩ පොලිස් ස්ථානධිපති ඇතුලු සියලු නිල දරැවන්ට පුද කරනවා . ආස්චර්යය කරා යාමේ පෙර ගමන් කරැවන් විමට පොලිසියද ක්රියාකිරිම අප සැමගේ වාසනාවක් .