ඔටිසම් දරුවන් සිටින දෙමාපියන්ගේ වගකීම කුමක්ද?
මෙවැනි ක්‍රියාකාරකම් තියෙන දරුවෙකුට කොයිම වෙලාවකවත් ගහන්න එපා. සැරවැර කරන්න එපා. එයාට ආදරය ලබා දෙන්න. ඔටිසම් දරුවකු ගේ මනස වැඩෙන්නේ ඉතාමත් සෙමින්. ඒ වැඩ වලට ඔයාලා කේන්ති ගන්න එපා. එවැනි දරුවන් අනිත් ළමයින් අතරින් කොන් කරන්න එපා. හැකි සෑම විට ම සමාජ ගතකරන්න. ඔවුන් සමග සෙල්ලම් කරන්න. කුඩා කුඩා වචන ඔවුන්ගේ කටින්ම ලබාගැනීමට උත්සාහ දරන්න.
ඔටිසම් දරුවන් සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ඔටිසම් සඳහා නිසි ප්‍රතිකාර ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. එහෙත් විවිධ රටවල්වල ඒ සඳහා විටමින් වර්ග සහ මොළේ සෛල වර්ධනය කිරීමට අවශ්‍ය විවිධ එන්නත් වර්ග භාවිතා කරනවා. නිවැරදි චිකිත්සක ප්‍රතිකාර මඟින් ද ඔටිසම් අවදානම වළක්වා ගත හැකියි. දරුවාගේ සන්නිවේදන හා අන්තර් ක්‍රියා කුසලතා වර්ධනය කිරීම, හැසිරීම් සම්බන්ධයෙන් ඇති ගැටළු සහගත තත්වයන් සකසා ගැනීම , ස්වාධීන පුද්ගලයකු වශයෙන් සමාජයට මුහුණදීමට දරුවා පුරුදු පුහුණු කරවා ගැනීම වැදගත් වෙනවා.
සාමාන්‍යයෙන් දරුවෙක් දුටුව පමණින් අපට ඔහු ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් ද යන්න නිගමනය කරන්න බැහැ. ඒ නිසා ඔබේ දරුවාගේ අසාමාන්‍ය හැසිරීම් රටා පවතින්නේ නම් ඒ සඳහා සුදුසුකම් ලත් ෛද්‍යවරයකු වෙත දරුවා රැගෙන යන්න. වෛද්‍යවරයා විසින් එළඹෙන නිගමනයන්ට අනුව ඒ සඳහා වෛද්‍යවරයා විසින් නියම කරන ලද සායන වෙත දරුවා රැගෙන යන්න
@SLK_sri