පැසිෆික් සාගරය තරණය කිරීමට 51 හැවිරිදි බෙන#

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පැසිෆික් සාගරය තරණය කිරීමට 51 හැවිරිදි බෙන#

    පැසිෆික් සාගරය තරණය කිරීමට 51 හැවිරිදි බෙන් ගමන් අරඹයි

    පැසිෆික් සාගරය තරණය කරන ලොව ප්‍රථමයා වීමේ බලාපොරොත්තුවෙන් ප්‍රංශ ජාතික පිහිනුම් ශූරයෙකු වන බෙන් ලොකොම්ටේ අද (05) සිය ගමන අරඹා ඇති බව වාර්තා වේ.
    මෙම සංචාරයේදී පැසිෆික් සාගරයේ පාවෙමින් තිබෙන දැවැන්ත කසල බිස්ස පසුකිරීමට ද එමගින් ප්ලාස්ටික් දූෂණය සම්බන්ධව ලෝකයේ ඇස් ඇරවීමට ද බලාපොරොත්තු වන බව බෙන් පවසයි.
    ජපානයේ චෝෂි සිට සැතපුම් 5500ක දුරක් ගෙවා ගමනාන්තය වන සැන් ෆ්රැන්සිස්කෝ වෙත පිහිණීමට බෙන් සැලසුම් කර ඇත.
    51 වන වියේ පසුවන බෙන් දිනකට පැය අට බැගින් මාස හයක් පිහිනමින් තම ඉලක්කය සම්පූරණ කර ගැනීමට බලාපොරොත්තු වේ. ඒ අනුව ඔහුට දිනකට සැතපුම් 30ක් පිහිණීමට සිදුවන බව ගනනය කර ඇත.
    මෙම සාගරතරණයට සමගාමීව දේශගුණික විපර්යාස හා සාගර දූෂණය සම්බන්ධව විශේෂ පර්යේෂණයක් සිදුකිරීමට විද්‍යාඥයින් කණ්ඩාමයමක් සූදානම්ව සිටියි.
    (සීඑන්එන් ඇසුරිණි -


    image_6578854627.jpg


    image_2d5514cad3.jpg


    d846e0a914d66e8a8f204f10962b7192.png
     
    Last edited: