පැහැදිලි කිරීම් නැති සිද්ධි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...:yes: අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..:rolleyes: ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..:no::angry: රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....:growl:. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.:sorry:..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...:baffled::dull:

    කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..:lol: දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..:P මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..:D එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....:shocked: ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...:eek::sorry: අවන්කවම මේ ත්‍රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...:lol:

    මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...:confused: ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..:rolleyes: මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..:P කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...

    කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..:no: එතකොට තමයි මට දෙලොව රත් වුනේ..මොකක්ද යකෝ මේ වුනේ කියල..මම පස්ස බලන්නේ නැතුව අඩියට දෙකට දුවගෙන වගේ හයියෙන් ගෙදරටම ගියා..එදායින් එදා මම ඔය පාරේ තනියෙන් රෑට යන්නේ නැහැ...ඔය වගේ සිද්දි මම දන්නා දෙතුන් දෙනෙක්ට වෙලා තිබුන..ගෑනියෙක් මහා රෑ ගඟෙන් වතුර ඇදගෙන නානවා දැකල තිබුන කෙනෙක්..තව කෙනෙක් දැකල තිබුන ගෑනියෙක් එනවා ඉස්සරහට...:shocked:

    මට ඒ වෙච්ච සිද්දියට තාම අවන්කවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ...මට හිනා වෙන හඬ ඇහුනා කියන එක සීයට සීයක් විස්වාසයි..:confused::baffled:

    මේ වගේ උබලට වෙලා තියෙන සිද්දි මොනවද?? :D මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමු..ආතල් ත්‍රිල් එකක් තියෙන ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනවා...එහෙනම් පටන් ගමු..:P
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මට උන සිද්දි නම් ඔක්කොම එතනම විසදගෙන තමයි එන්නෙ. ඒක නිසා තාම හොල්මන් නම් මාට්ටු වෙලා නෑ ගස් අස්සෙ හරක්. ඔලුවෙ ඉදන් සරම පොරගත්තු මුස්ලිම් එකෙක් වගෙ උන් නම් සෙට් වෙලා තියෙනවා. හිතට සැකයක් ආවොත් විසදගෙනම තමයි එන්නෙ. එක දවසක් රෑ හරකෙක් බලන්න පැය බාගයක් විතර ඉඩමෙ එහා කොනට මෙහා කොනට ගියා ඇලකින් එහා පැත්තට ගල් ගගහ. :baffled: :baffled: :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට උන සිද්දි නම් ඔක්කොම එතනම විසදගෙන තමයි එන්නෙ. ඒක නිසා තාම හොල්මන් නම් මාට්ටු වෙලා නෑ ගස් අස්සෙ හරක්. ඔලුවෙ ඉදන් සරම පොරගත්තු මුස්ලිම් එකෙක් වගෙ උන් නම් සෙට් වෙලා තියෙනවා. හිතට සැකයක් ආවොත් විසදගෙනම තමයි එන්නෙ. එක දවසක් රෑ හරකෙක් බලන්න පැය බාගයක් විතර ඉඩමෙ එහා කොනට මෙහා කොනට ගියා ඇලකින් එහා පැත්තට ගල් ගගහ. :baffled: :baffled: :baffled:

    mamath sakaya nisa thamai bn okkoma check kare...

    okkoma check karaa...mokekwath hitiye na...

    ekai explanation ekak nathi siddiyak kiyala kiwwe..:sorry: hithaganna baa bn..eka mathak wenakota thama goosebumps enawa
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් ඕව එච්චරම විශ්වාස කරන්නේ නැහැ!
    ඒත් ඔය උඹට එදා වුනා වගේ දෙයක් මට වුනා නම්
    මම නම් දුවනවා ලොවෙත් නැති වෙන්න පණ එපා කියල!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා
    200.gif
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මම නම් ඕව එච්චරම විශ්වාස කරන්නේ නැහැ!
    ඒත් ඔය උඹට එදා වුනා වගේ දෙයක් මට වුනා නම්
    මම නම් දුවනවා ලොවෙත් නැති වෙන්න පණ එපා කියල!
    ලොවෙත් දුවන්නෙපා තොවිලෙකේන් තමයි ඉවර කරන්න වෙන්නෙ. :yes: :yes: :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    මම නම් ඕව එච්චරම විශ්වාස කරන්නේ නැහැ!
    ඒත් ඔය උඹට එදා වුනා වගේ දෙයක් මට වුනා නම්
    මම නම් දුවනවා ලොවෙත් නැති වෙන්න පණ එපා කියල!
    Ananda maitree thero nan ona taram buthayo meet wetcha katha kiyala tiyenawa.egolonta minuswa baya karanna puluwan rupa mawala witarai.physcialy harm karanna be etchara hard body ekak ne suttle bodies tiyenne
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එහෙම සීන් මොකවත්ම වෙලා නැහැ. මම හොල්මන් අවතාර විශ්වාස කරන්නේ නැහැ නේ. එක නිසා වෙන්න ඇති. ඔය හාහ් හාහ් ගාල කෙල්ලක් හිනාවෙන එක ඇහුවම හිනාගියා. ටෝචි එක ගහ උඩට ගහල බැලුව නම් බකමූණෙක් එහෙම දකින්න තිබුන.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Ananda maitree thero nan ona taram buthayo meet wetcha katha kiyala tiyenawa.egolonta minuswa baya karanna puluwan rupa mawala witarai.physcialy harm karanna be etchara hard body ekak ne suttle bodies tiyenne
    අනේ මන්ද බං! බලංගොඩ හිමිත් සමහර වෙලාවට මහ මඤඤන් දේවල් කියල තියෙන්නේ!
    එක වෙලාවක කතරගම දෙවියෝ දැක්කලු.
    තව වෙලාවක සායි බාබා හම්බු වෙලා එයාගෙන් අනාවැකියක් අහගත්තලු.
    තව වෙලාවක හිමාලයේ ඉර්සිවරු ඉන්නවලු අවුරුදු 2000 කටත් වඩා වයස.
    හොඳම එක තමා තමුන්ව මේ ලෝකෙට එව්වේ ඊළඟට බුදුවෙන්න ඉන්න බෝධිසත්වයොලු.
    ඉතින් බං ඒ හිමි ඔය වගේම කතාවක් කියල තිබුනනේ භූතාත්ම ගැනත්!
    උන්ට අතීතයයි, වර්තමානයයි දකින්න පුළුවන් වුනාට අනාගතය දකින්න බැහැ කියල!
    ඒ හාමුදුරුවෝ උගතෙක් වුනත් supernatural පස්සේ ගියා.
    සෝම හිමිත් ඔය කාරණේ සෑහෙන්න විවේචනය කළා.
     
    Ehema nehei kiyanna behe bn.apita terenne nethi wena loka thala tiyenawa.prathikshepa karanna puluwan ewa newe nehei kiyala
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,092
    19,642
    113
    Miami
    අනේ මන්ද බං! බලංගොඩ හිමිත් සමහර වෙලාවට මහ මඤඤන් දේවල් කියල තියෙන්නේ!
    එක වෙලාවක කතරගම දෙවියෝ දැක්කලු.
    තව වෙලාවක සායි බාබා හම්බු වෙලා එයාගෙන් අනාවැකියක් අහගත්තලු.
    තව වෙලාවක හිමාලයේ ඉර්සිවරු ඉන්නවලු අවුරුදු 2000 කටත් වඩා වයස.
    හොඳම එක තමා තමුන්ව මේ ලෝකෙට එව්වේ ඊළඟට බුදුවෙන්න ඉන්න බෝධිසත්වයොලු.
    ඉතින් බං ඒ හිමි ඔය වගේම කතාවක් කියල තිබුනනේ භූතාත්ම ගැනත්!
    උන්ට අතීතයයි, වර්තමානයයි දකින්න පුළුවන් වුනාට අනාගතය දකින්න බැහැ කියල!
    ඒ හාමුදුරුවෝ උගතෙක් වුනත් supernatural පස්සේ ගියා.
    සෝම හිමිත් ඔය කාරණේ සෑහෙන්න විවේචනය කළා.
    IR rays අපේ පංචේන්ද්‍රියට ගෝචර නෑ. හැබැයි විද්‍යුත් උපකරණ වලට ග්‍රහණය වෙනව. ඒ නිසා ඒව තියෙනව කියල අපි දන්නව.. ඒ වගේ අපිට ඇහැට නොපෙනුනත් තියෙන දේවල් මේ ලෝකෙ ඇති