මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි. මේක අයිති වෙන කැටගරි එක මොකක්ද කියලවත් මට හිතා ගන්න බෑ. ෆස්ට් ටයිම් තමයි මං මේ සිද්දිය වෙන කාට හරි කියන්නේ.
දැනට අවුරුදු හතරකට විතර කලින් මං දකුණු පළාතේ තිබුන මගේ යාළුවෙක්ගේ ගෙදරක ගියා. ඒ ගෙදර පිටිපස්සේ තනිකර කුරුඳු මණ්ඩියක් තියෙන්නේ. කොහොමත් මුළු අවුරුද්දෙම වගේ කුරුඳු තලනවා. මේ සිද්දිය උනේ එක ලඟ දවස් දෙකක. පලවෙනි දවසේ රෑ නිදා ගන්න කලින් චූ පාරක් දාන්න කියලා මං යාළුවගේ ගෙදර පිටිපස්ස පැත්තට ගියා. ඒ වේලාවේ යාළුවගේ ගෙවල් පැත්තට කරන්ට් එක ගිහින් තිබුනේ. මං ඉතින් ෆෝන් එකේ ටෝච් එලියෙන් අහවල් වැඩෙත් ඉවර කරලා ආයි ගේ පැත්තට යන්න හදනකොට නිකමට වගේ කුරුඳු මණ්ඩිය දිහා බැලුවා. කුරුඳු ගස් වල කොණ්ඩුවේ වගේ සීමාවේ ඉඳලා ලොකු ගිණි බෝලයක් වගේ දෙයක් අහස දිහාට පා වෙලා \ climb කරා වගේ කියලා මං දැක්කා. ඒ එළිය හෙන බ්‍රයිට් සුදට හුරු රතු පාටක්. ඒක දැක්ක ගමන් මට මතක් උනේ අර ෆීනීක්ස් කියන කුරුල්ලව. කොහොම හරි ඒ එළිය තප්පර ගානකින් නැති වෙලා ගියා. ආයි දකින්න ලැබුනෙත් නෑ. මං ඒ ගැන අද වෙනකල් කාටවත්ම කිව්වේ නෑ. අඩුම ගානේ ඒ යාළුවට වත් කිව්වේ නෑ. උඹලට මොකක් හරි 'අමුතු' දෙයක් දැක්කට/ ඇහුනට පස්සේ, තමන් ඒ දැකපු හෝ ඇහුන දේ ගැන කාටවත් කියන්න හොඳ නෑ, කට වහගෙන ඉන්න ඕන කියලා හැඟීමක් ඇවිල්ලා නැද්ද? මට නම් ඒ සිද්දිය ගැන ඒ විදියට තමයි හිතුනේ. නිකන් මම දැකපු දේ මොකක්ද කියලා මටම ෂුවර් නෑ වගේ.
එනිවේ, අනිත් දේ උනේ next දවසේ උදේ පාන්දර හතරට වගේ. ඒකත් මං චූ පාරක් දාන්න එළියට ගියාම උනේ. හැබැයි මං උදේ කිසිම දෙයක් දැක්කේ නෑ. මට ඇහුනේ සද්දයක්. ඒක නිකන් හරියට අර ෆිල්ම්ස් වල බෝම්බයක කවුන්ට්ඩවුන් එකේ සද්දේ වගේමයි. ඒත් ඒ සද්දේ එන්න පුළුවන් විදියේ කිසිම දෙයක් ඒ ලඟ තිබුනේ නෑ. මං ඒ සද්දේ ෆෝන් එකෙන් රෙකෝඩ් කර ගත්තා. මේ ලඟක් වෙනකල් ඒ වීඩීයෝ එක ෆෝන් එකෙ තිබුනා.
අද වෙනකල් මං එදා ඒ දැකපු ඇන්ඩ් ඇහුන දේට කිසිම explanation එකක් මට හිතා ගන්න බෑ.
උන්ගේ කුරුදු කැලේ පිටසක්වලයෝ ප්‍රජනනය කරනව ඇතිRepost එකක්. මේක මං දාලා තිබුනේ "හොල්මන් දැකලා තියෙනවද" කියලා අහලා තිබුන නූලක.. මේ කතාව ඒකට වඩා මෙතෙන්ට ගැලපෙනවා..
මට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..
ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..
රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....
. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.
..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...
කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..
මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..
එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....
ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...
අවන්කවම මේ ත්‍රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...
මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..
මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..
කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...
කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..එතකොට තමයි මට දෙලොව රත් වුනේ..මොකක්ද යකෝ මේ වුනේ කියල..මම පස්ස බලන්නේ නැතුව අඩියට දෙකට දුවගෙන වගේ හයියෙන් ගෙදරටම ගියා..එදායින් එදා මම ඔය පාරේ තනියෙන් රෑට යන්නේ නැහැ...ඔය වගේ සිද්දි මම දන්නා දෙතුන් දෙනෙක්ට වෙලා තිබුන..ගෑනියෙක් මහා රෑ ගඟෙන් වතුර ඇදගෙන නානවා දැකල තිබුන කෙනෙක්..තව කෙනෙක් දැකල තිබුන ගෑනියෙක් එනවා ඉස්සරහට...
මට ඒ වෙච්ච සිද්දියට තාම අවන්කවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ...මට හිනා වෙන හඬ ඇහුනා කියන එක සීයට සීයක් විස්වාසයි..
මේ වගේ උබලට වෙලා තියෙන සිද්දි මොනවද??මේ ත්‍රෙඩ් එකේ දාගෙන යමු..ආතල් ත්‍රිල් එකක් තියෙන ත්‍රෙඩ් එකක් වෙයි කියල හිතනවා...එහෙනම් පටන් ගමු..
![]()
------ Post added on Jul 28, 2023 at 5:32 AMමම මහසෝන දැකල තියනො
බුලත්කොහුපිටිය පැත්තෙදි දැක්කෙ
mata nam lokuma scene eka data quota eka. me balanawa me na.පඩිය අරන් දවස් 10 ක් වගේ යනකොට අතේ සතයක් නැ. හිතලා බැලුවම කරපු දේකුත් නැ. හරි හමන් පැහැදිලි කිරීමක් නැ
Female Ata sakilla awilla peg karanawa wage da? Ubata ata katu walata thiyena fetish eka nisa man kiwweMan nan buthayo dekala ne.but aura eka change karala sahenna amuthu dewal wenawa explain karaganna beri.nikan hithana de mawenawa wage dewal wenawa.