මට මේක අද කයියක් ගහගෙන ඉද්දි මතක් වුන සිද්ධියක් ගුපියනේ..මේක වුනේ 2018 වගේ...
අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..
ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..
රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....
. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.
..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...

කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..
දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..
මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..
එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....
ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...
අවන්කවම මේ ත්රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...
මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...
ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..
මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..
කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...
කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..
එතකොට තමයි මට දෙලොව රත් වුනේ..මොකක්ද යකෝ මේ වුනේ කියල..මම පස්ස බලන්නේ නැතුව අඩියට දෙකට දුවගෙන වගේ හයියෙන් ගෙදරටම ගියා..එදායින් එදා මම ඔය පාරේ තනියෙන් රෑට යන්නේ නැහැ...ඔය වගේ සිද්දි මම දන්නා දෙතුන් දෙනෙක්ට වෙලා තිබුන..ගෑනියෙක් මහා රෑ ගඟෙන් වතුර ඇදගෙන නානවා දැකල තිබුන කෙනෙක්..තව කෙනෙක් දැකල තිබුන ගෑනියෙක් එනවා ඉස්සරහට...
මට ඒ වෙච්ච සිද්දියට තාම අවන්කවම කිසිම පැහැදිලි කිරීමක් නැහැ...මට හිනා වෙන හඬ ඇහුනා කියන එක සීයට සීයක් විස්වාසයි..

මේ වගේ උබලට වෙලා තියෙන සිද්දි මොනවද??
මේ ත්රෙඩ් එකේ දාගෙන යමු..ආතල් ත්රිල් එකක් තියෙන ත්රෙඩ් එකක් වෙයි කියල හිතනවා...එහෙනම් පටන් ගමු..
අපේ ගෙදරට යන්න පාරක් තියෙනවා ගඟක් අයිනකින්...ෂෝර්ට් කට් එකක් වගේ..
ඔතනින් ගියොත් ඉක්මනින් යාගන්න පුළුවන්...හැබැයි ඔය පාරේ ලයිට් නෑ..
රෑ වෙනකොට කට්ට කළුවරයි,,,මිනිස්සුත් නෑ ගොඩක් වෙලාවට...බල්ලෝ ඉන්නවා....
. ගඟත් ලේසි පහසු ගඟක් නෙමෙයි.
..ඔය ගඟේ මගේ ඇස් දෙකට මිනි 3ක් පාවෙනවා දැකල තියෙනවා ,,,ඔයිට අමතරව එකී මෙකී නොකී තරම් මිනි පාවෙලා තියනවා ඕකේ....මම දන්න උනුත් ඔකේ ගිලිලා මැරිලා තියනවා මඩේ එරිල..ඒ වගේ ආතල් තැනක් ඔතන...

කොහොමහරි ඔය මොනවා උනත් මම නම් ඔතනින් රෑ ජාමෙත් යනවා ඉතින් ගොඩක් රෑ වෙලා නැත්තම්..
දවසක් යාලුවෝ එක්ක සෙට් වෙලා ගෙදර එනකොට 11.30ට වගේ ඇති..
මම පයින්ම ඇවිත් ඔය පාරට හැරිලා එන්න ගත්ත....මොන මිනි පාවුනත් ඔකේ යනකොට හිතට එහෙම බයක් එන්නෙත් නැහැ..
එදත් කොහොම හරි ටිකක් ඇවිදන් යනකොට මගේ කන ගාවින් ම වගේ, මගේ පිටි පස්සෙන් කෙල්ලෙක් "හහ් හහ් හහ්..." කියල මහා හයියෙන් හිනා වෙනවා ඇහුනා....
ඒ කියන්නේ සිරාවටම ඇත්තම හිනා වෙන හඬක් ඇහුනේ...මාව ගැස්සිලා ගිහින් මගේ මයිල් ස්මයිල් වුනා...
අවන්කවම මේ ත්රෙඩ් එක කොටන මොහොතේත් ඒ සිද්දිය මතක් වෙනකොට මයිල් ස්මයිල් වෙනවා...
මම එවෙලම පිටිපස්ස හැරිලා බැලුවා,,,මොකෙක්වත් පෙන්න නෑ...
ෆෝන් එකේ ටෝර්ච් එක ගහගෙන ගියේ,,,ගඟ දෙපැත්තේ තියනවා ලොකු රූස්ස ගස්...ඕවයේ කපල් එහෙම ඉන්නවා..
මම එතන ගහට ගහල බැලුව මොකෙක්වත් ඉන්නවද කියල,,ඒ මහා රෑ කොහොමත් ඉන්න විදිහක් නෑ නේ..
කවුරුත් නෑ..ඒ ගමන ගඟේ කණ්ඩියේ පහලට වෙන්න බෑවුමේ මොකෙක්වත් ඉන්නවද කියල බලන්නත් නැවතිලා ටෝර්ච් එක ගහල බැලුව...නිකන් හිතං මේ ඔක්කොම මගේ මයිල් ස්මයිල් වෙලා තියෙද්දී කරේ.....මගේ වෙලාවට මම පොඩ්ඩක් බීල හිටපු නිසා එවෙලේ ලොකු ගටක් තිබුනා...හැබැයි හික් වෙන්න බය වෙලා හිටියේ,,,මම ඕව විස්වාස නොකරන නිසා සැකය දුරු කරගන්නයි ඔක්කොම චෙක් කරේ...කෙල්ලෙක් තියා බල්ලෙක් වත් නෑ..