පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කප්පම්
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ කට්ටියක් කප්පම් ගන්නවා කියල ත්‍රෙඩ් කිහිපයක් ගියා. කප්පම් කාරයෝ ඊයේ අල්ලලා එත් එක ගැන තාම කවුරුත් ත්‍රෙඩ් එකක් දැම්මේ නැති නිසා මේක දානවා. ආණ්ඩුවෙන් කප්පම් කාරයෝ හොරුන්ට බුරුලක් නැහැ.
පෑලියගොඩ මාළු කඩේ දැවැන්ත මෙහෙයුමක්
කප්පම් කල්ලියක 18ක් දැලේ
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ සිදු කළ දැවැන්ත වැටලීමකින් පෑලියගොඩ නියෝජ්‍ය නගරාධිපති ඇතුළු කප්පම් කල්ලි සාමාජිකයන් දහ අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය දින කීපයේ මාළු සංකීර්ණය තුළ කප්පම් ගත් බවට ලැබුණු තොරතුරු මත පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ සිය දෙනෙකු විසින් පෙරේදා රාත්‍රී සිදු කළ වැටලීමකින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මාළු වෙළෙඳ සංකීර්ණයට කප්පම් කල්ලි ඇතුළුවී වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා බවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරු මත මේ දැවැන්ත වැටලීම සිදු කර ඇත.
පොලිස්පති මහින්ද බාලසුරිය මහතා කැඳවූ ලේකම්වරයා තරාතිරම නොබලා කප්පම් ගැනීමට හවුල් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට පොලිස්පතිවරයාගෙන් ලැබුණ උපදෙස් මත වැටලීම් සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් යෙදවීය. මේ සඳහා විශේෂ කාර්ය බළකායේද සහාය ලබා ගෙන තිබේ.
එක් කප්පම් කල්ලියක් මාළු පෙට්ටියකින් රුපියල් 25 බැගින් කප්පම් ගන්නා බවට තොරතුරු ලැබුණු අතර දිනකට මාළු සංකීර්ණයට එන මාළු පෙට්ටි සංඛ්‍යාව පන්දහසකට ආසන්නය. මාළු පෙට්ටියක් බෑමට කම්කරුවකුට ගෙවා ඇත්තේ රුපියල් 3 ක් පමණක් බවද කියති. මේ අතර පෑලියගොඩ නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ කප්පම් කල්ලිය එක් මාළු ලෑල්ලකින් දිනකට රුපියල් 500 ක් අයකර ගන්නා බවට පැමිණිලි ලැබුණි.
මීට අමතරව තවත් කල්ලි කීපයක් විවිධාකාරයෙන් කප්පම් ලබා ගෙන තිබේ.
මෙතැනින් නතර නොවූ කප්පම් කල්ලි නායකයකු මාළු වෙළෙඳ පොළ අසල ඇති රජයේ ඉඩමක්ද කෑලි කඩා පුද්ගලයකුට ලබාදී තිබේ. එසේ ඉඩම් ලබාගත් පිරිසද පොලිසිය විසින් ඉවත් කරනු ලැබ තිබේ. පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට එල්ල වූ සියලු බාධා ඉවත් කළ බව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා දිනමිණට කීය. මාළු පෙට්ටි බෑම වෙනුවෙන් සම්පූර්ණ ගාස්තුව නාටාමිවරුන්ට ගෙවීමටද ආරක්ෂක ලේකම්වරයා වෙළෙඳ සල් හිමියන්ට උපදෙස් දී තිබේ.
මෙම සංකීර්ණය තුළ සාමකාමී වාතාවරණයක් සඳහා දිනපතා පොලිස් කණ්ඩායම් යොදා තිබේ.
මාළු වෙළෙඳ සංකීර්ණය තුළ මින් ඉදිරියට බාධා කිරීම් හෝ කප්පම් ගැනීම් සිදු වුවහොත් 011 – 2431428 ට දැනුම් දෙන ලෙස සේනානායක මහතා ඉල්ලා සිටී.

- මාළු පෙට්ටියකින් රු. 25ක්
- දිනකට මාළු පෙට්ටි 5000ක්