පිටකොටුවෙන් phone ගන්න එපා
හාවන්ට - ටොයියන්ට ගැලවීමක් නැති
පිටකොටුවේ "fපෝන් කඩ"
එකිනෙකා පසුකරමින්, කලබලයෙන් දිවයන මිනිසුන්ද, ඒ කලබලය එක්වරම කඩපොළක් අසලදී විවේකයට පෙරලන මිනිසුන්ද ගැවසීගත් කොළඹ නගරයේ "මනුස්සකමට" හිනාවෙන මුහුණක් දැකිය හැක්කේ කලාතුරකිනි. ඒ ද සමීපතමයන් මුණගැසුණු මොහොතක පමණි. එසේ නැත්නම් කොළඹ පිටකොටුවේදී කිසිවෙකුට හෝ "ලීලය" පෑමට යැම ඇඳිවත ද අහිමිවීමට තරම් කරුණකි. ඒ බැව් නොදන්නා "ගොඩයකු" අද සොයාගැන්මට පවා අපහසුය. එසේ වී නම් ඒ ඊයේ පෙරේදාවක උපන්නකු විය යුතුය.
"නැති දෙයක් නෑ" කියන්නට තරම් ප්‍රකට පිටකොටුව තුළ සියලු පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඇත. එහෙත් පිටකොටුවෙන් යමක් මිලදී ගත් තැනැත්තකුට බොහෝ විට තමන් පිටකොටුවේ මාර පුත්‍රයන්ට රැවටී ඇති බැව් වැටහෙන්නේ ටික වේලාවක් ගතවූ පසුය. ඒ නිසාම පිටකොටුව පිළිබඳ දන්නා වැඩිදෙනෙක් භාණ්ඩ මිලදී ගැනීමට යැමේදී පිටකොටුව අහළ පහළ හෝ මරදාන කිට්ටුව "පදිංචිකාරයන්" සේ රඟපාන්නට පුරුදුවී සිටී. එහෙත් ඒ උපක්‍රමය මේ වනවිට යල්පැන ගොස් ඇති එකක් බවට පත්ව ඇත්තේ කෙනකු දුටු පමණින් ඔහු කොළඹ ද - එසේත් නැත්නම් ඈත පිටිසරකද යන්න දුටු පමණින් කීමේ හැකියාව පිටකොටුවේ "වෙළෙඳුන්"ට ඊට වඩා වැඩි නිසාය.
මෙය වඩාත් හොඳින් භාවිතයට ගන්නේ මේ සටහනට ප්රස්තුත වන පිටකොටුවේ පිහිටි "fපෝන් ෂොප්" (Phone Shop), එසේත් නැතිනම් ගමේ බාසාවෙන් fපෝන් කඩය.
කලකට ඉහතදී පිටකොටුවේ බහුල වශයෙන් දක්නට ලැබුණේ ඇඳුම් සාප්පුය. එහෙත් මොබයිල් සංස්කෘතිය (Mobile Culture) මෙරට ව්‍යාප්ත වීමේ සීඝ්රතාවට සමගාමීව පිටකොටුව පුරා "fපෝන් කඩ" ව්‍යාප්ත වීම සිදුවිණි.
උදෑසන කඩ සාප්පු විවෘත කරතැයි අනුමාන කළ හැකි වේලාසනම හෝරාවේ පටන් fපෝන් කඩ විවෘත වන්නා සේම, ඒ මොහොතේ පටන් ඒවාට රොක්වන සෙනඟ කන්දරාවේද අඩුවක් නැත. ඊට පංති බේදයක් නැත. මොන්ටේරෝ රථයක ගමන් කරන පුද්ගලයාගේ සිට ජංගම දුරකථනයක් භාවිත නොකරනවා යෑයි කිව නොහැකි නාට්ටාමිවරයකු දක්වා පිරිස් ඒ සෙනඟට අයත්ය.
බොහෝ විට මේ "fපෝන් කඩ" වලට පැමිණෙන වැඩිදෙනෙක් එන්නේ සිය ජංගම දුරකථනයේ යම් උපාංගයක් අබලන් වූ විට එය සොයාගැනීම පිණිසය. බොහෝ විට ඔහු භාවිත කරන ජංගම දුරකථන වර්ගය ඒ වනවිට භාවිතයේ නොමැති එකක් විය හැක. එහෙත් පිටකොටුවේ fපෝන් ෂොප් වලට එය එතරම් වැදගත් නැත. අවශ්‍ය උපාංගය පාරිභෝගිකයා අතට පත්වන්නට යන්නේ සුළු වේලාවකි. පිටකොටුවේ භාෂාවෙන්ම කියනවා නම් "ඇඩ්රස්" නැති වූ fපෝන් වර්ගයක උපාංග, අලෙවි කරන්නට ගෙන එන්නේ කෙසේද යන්න වෙනමම විමර්ශනය කළයුතු කාරණයකි.
එහෙත් එයින් ඔප්පු වන්නේ fපෝන් කඩවල, කොයි කාටත් හරියන "හැම දේම" තිබෙන බවය. ජංගම දුරකථනවලට සම්බන්ධ යමක් සොයා මේ වෙළෙඳ සලකට ගොඩවී එය නැතැයි අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අවශ්‍ය දේ නැතිනම් කඩයේ හිමිකරුවා හෝ කඩයෙන් පිටව පිටතට ගොස් මිනිත්තු පහක් ඇතුළත අවශ්‍ය දේ පාරිභෝගිකයාට ගෙනවිත් දෙයි. හැම fපෝන් වර්ගයක්ම සේම ඊට අයත් හැම දේම තිබෙන, fපෝන් කඩවල වසර දෙක තුනක පටන් වැඩි ප්රවනතාවයක් දක්නට ලැබෙන්නේ චීන නිෂ්පාදන අලෙවියෙයි. වැඩි දෙනෙක් ව්‍යවහාර කරන පරිදි "චයිනීස් fපෝන්" ගැන නොදන්නා කෙනකුට විකිණීමේදී එය නම් දරන ජංගම දුරකථන වෙළෙඳ නාමයටම ඇති එකක් බව ඒත්තුගන්වන්නට ඔවුන් රුසියෝය. බොහෝ විට චීන නිෂ්පාදන එම නම් වලින් යුක්තවම චීනයේදී එකලස් කරන ලද ජංගම දුරකථන වීම ඊට බොහෝ සේ උපකාරී වෙයි. පිළිගත් වෙළෙඳ නාමය සහිත "ඔරිජිනල්" ජංගම දුරකථනයකට වඩා දෙගුණයක් හෝ ඊටත් අඩු මිලකට "චයිනීස් fපෝන්" මිලදී ගැනීමේ හැකියාව පිටකොටුවේ fපෝන් කඩවලට පිවිසෙන්නකුට ඇත. ඒ හැරුණු විට කිසිවකුත් අසා නැති, නම්වලින් යුත් ජංගම දුරකථනද, පිළිගත් වෙළෙඳ නාමවලට ළඟින් යන නම් සහිත ජංගම දුරකථන ද මේ fපෝන් කඩවල "ලාබෙට" විකිණේ. එහෙත් ඒ කිසිවකුටත් වගකීම් සහතික නැත.