පිටකො‍ටුවෙන් phone ගන්න එපා

france

Banned
Apr 23, 2011
267
48
0
පිටකො‍ටුවෙන් phone ගන්න එපා

හාවන්ට - ටොයියන්ට ගැලවීමක්‌ නැති
පිටකොටුවේ "fපෝන් කඩ"

phone.jpg

එකිනෙකා පසුකරමින්, කලබලයෙන් දිවයන මිනිසුන්ද, ඒ කලබලය එක්‌වරම කඩපොළක්‌ අසලදී විවේකයට පෙරලන මිනිසුන්ද ගැවසීගත් කොළඹ නගරයේ "මනුස්‌සකමට" හිනාවෙන මුහුණක්‌ දැකිය හැක්‌කේ කලාතුරකිනි. ඒ ද සමීපතමයන් මුණගැසුණු මොහොතක පමණි. එසේ නැත්නම් කොළඹ පිටකොටුවේදී කිසිවෙකුට හෝ "ලීලය" පෑමට යැම ඇඳිවත ද අහිමිවීමට තරම් කරුණකි. ඒ බැව් නොදන්නා "ගොඩයකු" අද සොයාගැන්මට පවා අපහසුය. එසේ වී නම් ඒ ඊයේ පෙරේදාවක උපන්නකු විය යුතුය.

"නැති දෙයක්‌ නෑ" කියන්නට තරම් ප්‍රකට පිටකොටුව තුළ සියලු පාරිභෝගික භාණ්‌ඩ මිලදී ගැනීමේ හැකියාව ඇත. එහෙත් පිටකොටුවෙන් යමක්‌ මිලදී ගත් තැනැත්තකුට බොහෝ විට තමන් පිටකොටුවේ මාර පුත්‍රයන්ට රැවටී ඇති බැව් වැටහෙන්නේ ටික වේලාවක්‌ ගතවූ පසුය. ඒ නිසාම පිටකොටුව පිළිබඳ දන්නා වැඩිදෙනෙක්‌ භාණ්‌ඩ මිලදී ගැනීමට යැමේදී පිටකොටුව අහළ පහළ හෝ මරදාන කිට්‌ටුව "පදිංචිකාරයන්" සේ රඟපාන්නට පුරුදුවී සිටී. එහෙත් ඒ උපක්‍රමය මේ වනවිට යල්පැන ගොස්‌ ඇති එකක්‌ බවට පත්ව ඇත්තේ කෙනකු දුටු පමණින් ඔහු කොළඹ ද - එසේත් නැත්නම් ඈත පිටිසරකද යන්න දුටු පමණින් කීමේ හැකියාව පිටකොටුවේ "වෙළෙඳුන්"ට ඊට වඩා වැඩි නිසාය.

මෙය වඩාත් හොඳින් භාවිතයට ගන්නේ මේ සටහනට ප්‍රස්‌තුත වන පිටකොටුවේ පිහිටි "fපෝන් ෂොප්" (Phone Shop), එසේත් නැතිනම් ගමේ බාසාවෙන් fපෝන් කඩය.

කලකට ඉහතදී පිටකොටුවේ බහුල වශයෙන් දක්‌නට ලැබුණේ ඇඳුම් සාප්පුය. එහෙත් මොබයිල් සංස්‌කෘතිය (Mobile Culture) මෙරට ව්‍යාප්ත වීමේ සීඝ්‍රතාවට සමගාමීව පිටකොටුව පුරා "fපෝන් කඩ" ව්‍යාප්ත වීම සිදුවිණි.

උදෑසන කඩ සාප්පු විවෘත කරතැයි අනුමාන කළ හැකි වේලාසනම හෝරාවේ පටන් fපෝන් කඩ විවෘත වන්නා සේම, ඒ මොහොතේ පටන් ඒවාට රොක්‌වන සෙනඟ කන්දරාවේද අඩුවක්‌ නැත. ඊට පංති බේදයක්‌ නැත. මොන්ටේරෝ රථයක ගමන් කරන පුද්ගලයාගේ සිට ජංගම දුරකථනයක්‌ භාවිත නොකරනවා යෑයි කිව නොහැකි නාට්‌ටාමිවරයකු දක්‌වා පිරිස්‌ ඒ සෙනඟට අයත්ය.

බොහෝ විට මේ "fපෝන් කඩ" වලට පැමිණෙන වැඩිදෙනෙක්‌ එන්නේ සිය ජංගම දුරකථනයේ යම් උපාංගයක්‌ අබලන් වූ විට එය සොයාගැනීම පිණිසය. බොහෝ විට ඔහු භාවිත කරන ජංගම දුරකථන වර්ගය ඒ වනවිට භාවිතයේ නොමැති එකක්‌ විය හැක. එහෙත් පිටකොටුවේ fපෝන් ෂොප් වලට එය එතරම් වැදගත් නැත. අවශ්‍ය උපාංගය පාරිභෝගිකයා අතට පත්වන්නට යන්නේ සුළු වේලාවකි. පිටකොටුවේ භාෂාවෙන්ම කියනවා නම් "ඇඩ්‍රස්‌" නැති වූ fපෝන් වර්ගයක උපාංග, අලෙවි කරන්නට ගෙන එන්නේ කෙසේද යන්න වෙනමම විමර්ශනය කළයුතු කාරණයකි.

එහෙත් එයින් ඔප්පු වන්නේ fපෝන් කඩවල, කොයි කාටත් හරියන "හැම දේම" තිබෙන බවය. ජංගම දුරකථනවලට සම්බන්ධ යමක්‌ සොයා මේ වෙළෙඳ සලකට ගොඩවී එය නැතැයි අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. අවශ්‍ය දේ නැතිනම් කඩයේ හිමිකරුවා හෝ කඩයෙන් පිටව පිටතට ගොස්‌ මිනිත්තු පහක්‌ ඇතුළත අවශ්‍ය දේ පාරිභෝගිකයාට ගෙනවිත් දෙයි. හැම fපෝන් වර්ගයක්‌ම සේම ඊට අයත් හැම දේම තිබෙන, fපෝන් කඩවල වසර දෙක තුනක පටන් වැඩි ප්‍රවනතාවයක්‌ දක්‌නට ලැබෙන්නේ චීන නිෂ්පාදන අලෙවියෙයි. වැඩි දෙනෙක්‌ ව්‍යවහාර කරන පරිදි "චයිනීස්‌ fපෝන්" ගැන නොදන්නා කෙනකුට විකිණීමේදී එය නම් දරන ජංගම දුරකථන වෙළෙඳ නාමයටම ඇති එකක්‌ බව ඒත්තුගන්වන්නට ඔවුන් රුසියෝය. බොහෝ විට චීන නිෂ්පාදන එම නම් වලින් යුක්‌තවම චීනයේදී එකලස්‌ කරන ලද ජංගම දුරකථන වීම ඊට බොහෝ සේ උපකාරී වෙයි. පිළිගත් වෙළෙඳ නාමය සහිත "ඔරිජිනල්" ජංගම දුරකථනයකට වඩා දෙගුණයක්‌ හෝ ඊටත් අඩු මිලකට "චයිනීස්‌ fපෝන්" මිලදී ගැනීමේ හැකියාව පිටකොටුවේ fපෝන් කඩවලට පිවිසෙන්නකුට ඇත. ඒ හැරුණු විට කිසිවකුත් අසා නැති, නම්වලින් යුත් ජංගම දුරකථනද, පිළිගත් වෙළෙඳ නාමවලට ළඟින් යන නම් සහිත ජංගම දුරකථන ද මේ fපෝන් කඩවල "ලාබෙට" විකිණේ. එහෙත් ඒ කිසිවකුටත් වගකීම් සහතික නැත.

 

france

Banned
Apr 23, 2011
267
48
0
මේ සියලු දේ අතරතුර ඉතා සූක්‍ෂ්ම අයුරින් පාරිභෝගිකයාගේ පසුම්බියට විඳින ජංගම දුරකථන අලෙවියක්‌ද මෙකී "කඩ"වල සිදුවේ. ඒ භාවිත කරන ලද කල් ඉකුත් වූ නැතිනම් පිටකොටුවේ භාෂාවෙන්ම කිවහොත් "පට්‌ට ගැසූ" සුපිරි වෙළෙඳ නාමවලින් යුත් වටිනා ජංගම දුරකථන අලුත්වැඩියාවකින් පසු, අලුත්ම මුහුණත ආවරණයක්‌, Phone Case එකක්‌ දමා ගනුදෙනුකරුවාට අලෙවි කිරීමයි. මෙහිදී නව පෙනුමකින් යුක්‌තව ඇති දුරකථනය කිසිත් නොදන්නා ගනුදෙනුකරුවකු මිලදී ගන්නේ පිටකොටුවේ fපෝන් කඩ හිමිකරුවන්ට රුපියල් 10,000 කට ආසන්න ලාභයක්‌ ලබා දෙමිනි. එහෙයින් පිටකොටුව පුරා විසිරී ඇති "fපෝන් කඩ" වලින් පිළිගත් වෙළෙඳ නාම සහිත ජංගම දුරකථනයක්‌ මිලදී ගන්නේ නම් එහි ජීව කාලය පරීක්‍ෂා කරන අයුරු දැන සිටීම වැදගත්ය.

මෑතදී එවැනි අලෙවි සලකින් ජංගම දුරකථනයක්‌ මිලදීගෙන තිබූ ජංගම දුරකථන පිළිබඳව යම් පමණක අවබෝධයක්‌ තිබූ අප මිත්‍රයකු එය භාවිත කරන්නට පටන්ගත් දිනයේ සිට පැය දෙකක්‌ තුනක්‌ අතර කාලයකදී "බැට්‌රි ලෝ" වීමේ අර්බුදයකට මුහුණපෑය. නැවත පිටකොටුවට යැම වෙනුවට ඔහු එය වෙනත් පිළිගත් ජංගම දුරකථන අලුත්වැඩියා කරන තැනකට ගෙන ගොස්‌ පරීක්‍ෂා කර බැලීමට පියවර ගත්තේය. එහිදී හෙළිවූයේ දුරකථනය අලුත් නමුත් එහි බැට්‌රිය භාවිත කර ඉවත් කරන මට්‌ටමට ජීව කාලය ඉකුත්ව ඇති බවය.

ඒ පිටකොටුවේ fපෝන් කඩවල සිදුවන තවත් සටකපට අලෙවි ක්‍රමයකි. මෙහිදී බොහෝවිට අලුත්ම ජංගම දුරකථන සමග එන උපාංග ගලවා පැරණි උපාංග සවිකොට එම දුරකථන අලෙවි කරන්නට ඔවුන් කටයුතු කරති. එමෙන්ම ගලවන ලද එම උපාංගයන්, සමහර අවශ්‍යතා ඇතිව පැමිණෙන පාරිභෝගිකයන්ට විකුණා දමති. මෙහිදී බාල තත්ත්වයේ උපාංග සවිකරන ලද ජංගම දුරකථන අඩු මිලට විකිණීමෙන්ද එකී ගලවන ලද උපාංග වෙනමම වැඩි මිලට විකිණීමෙන්ද ඔවුන් වැඩි ලාභයක්‌ උපයති.

අප මුලින් කීවාක්‌ මෙන් ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමට "fපෝන් කඩවල" අලෙවිකරුවන්ට ඇත්තේ මනා ඉවකි. බොහෝවිට පැමිණෙන ගනුදෙනුකරුවා, ජංගම දුරකථන නොව පිටකොටුව පිළිබඳව ද "අන්දොa සංසාරයක්‌" නැත්තෙකු වී නම් ඔහුට හෝ ඇයට දෙවියන්ගේම පිහිටය. එවැන්නකු fපෝන් කඩයකට ගොඩවූ පසු, ජංගම දුරකථනය හෝ ඔහුට අවශය උපාංගය මිලදීගෙන ඉන් පිටතට ඒමේ හැකියාවක්‌ නැත. විවිධ කේවල් කිරීම්, ඇඟට නොදැනෙන "අලෙවි තර්ජන" මවාපෑම් මේ සියල්ල හමුවේ පාරිභෝගිකයා අසරණ වේ. එවැනි "හාවෙකු" දුටුවිට පිටකොටුවේ fපෝන් කඩ හිමියන් අත්හරින්නේම නැත. "හාවා", "දඹාන", "ටොයියා" මේ ආදී නම් වලින් ඔවුන් හඳුන්වන්නේ ජංගම දුරකථන ගැන හෝ පිටකොටුව ගැන මෙලෝ හසරක්‌ නොදන්නා අයයි.

පිටකොටුවේ හාත්පස පිහිටා ඇති මේ සියලු fපෝන් කඩ එසේත් නැත්නම් ජංගම දුරකථන අලෙවිසල් මේ පහත් ක්‍රියාවලියට අනුගත යෑයි අපි අදහස්‌ නොකරන්නෙමු. එහෙත් පසුගිය සති කිහිපය පුරා එවැනි තැන් පිළිබඳ සොයා බැලීමේදී වැඩි වශයෙන් හමුවුණේ එවැනි මට්‌ටමේ අලෙවි සල්ය. ජංගම දුරකථන සතුව තිබිය යුතු ප්‍රමිතිය එවැනි පාරිභෝගික භාණ්‌ඩ අලෙවි කරන්නෙකුට තිබිය යුතු ප්‍රමිතිකරණයන් හා ආචාරධර්ම පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකරන සමාජ වටපිටාවක පිටකොටුව පුරා තව තවත් සමහර අලෙවි සල් බිහිවේ නම් එය අරුමයක්‌ නොවේ.

උදේශ සංජීව ගමගේ
 
  • Like
Reactions: wisal and Sachchaka

MoneyGuru

Banned
Jun 12, 2011
11
3
0
අපෙත් පිටකොටුවෙ කඩයක් තියෙනවා ! පි නම් බලු වැඩ කරන්නෙ නැහැ බන්.. කඩවල් වල අයිති උන්ට හොරෙන් වැඩ කරන උන් තමා ඕවා ගොඩක් වෙලාවට කරන්නෙ බන්
 

france

Banned
Apr 23, 2011
267
48
0
අපෙත් පිටකොටුවෙ කඩයක් තියෙනවා ! පි නම් බලු වැඩ කරන්නෙ නැහැ බන්.. කඩවල් වල අයිති උන්ට හොරෙන් වැඩ කරන උන් තමා ඕවා ගොඩක් වෙලාවට කරන්නෙ බන්

හපොයි උඹත් පට්ට හොරෙක්නේ. මම දැක්ක උඹේ first ත්‍රෙඩ් එක
 

MoneyGuru

Banned
Jun 12, 2011
11
3
0
හපොයි උඹත් පට්ට හොරෙක්නේ. මම දැක්ක උඹේ first ත්‍රෙඩ් එක

මම ඇඩ්මීන්ට අයිස් පැකට් එකක් අරන් දීලා ඒක මකෝ ගත්තා:lol:
 

navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
Good post habai machan pita kotuwe witharak neme MC Liberty plaza walath oya kiyana un pirila maawa eka paarak Liberty eke Qtelco kiyana shop eken anduwa
Duka kiyanna ee magula aaithi eka chineese porak but wadakaranne apema aiyyala mun boru talk daalamage 15000k kaawa adatath mama unta saapa karanawa but un ageeta shop eka karan innawa mama eka dawasak ethanin yaddith dakka kollek kaa gahanawa uuwath andala :(
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙච්චරකල් පාවිච්චි කරපු ඔක්කොම ගත්තේ පිටකොටුවෙන් තමා.. කිසි කරදරයක් වුනේ නැහැ. :D

    මෙච්චරයි කරන්න ඕන -
    1. model එකක් හිතේ තියන් හැම තැනම ඇවිදින්න
    2.ගණන් අහපු ගමන් වහාම පිටවෙන්න
    3. අඩුම ගාන කියපු කඩේට ආයිත් ගිහින් තවත් කීයක් හරි කේවල් කරන්න
    4. phone එක කොනක ඉඳන් පරීක්ෂා කරල ගන්න.


    පුළුවන් තරම් Nokia ම ගන්න. ඒවා හොඳටම sure බඩු