පිටමාරුව පුංචි ලෝකාන්තෙ

h555iru

Member
Mar 12, 2014
213
16
0
Udubaddawa
පිටමාරුව පුංචි ලෝකාන්තෙ

පිටමාරුව පුංචි ලෝකාන්තෙ

20160902World-1.jpg


ශ්‍රී ලංකාවේ ලෝකාන්ත තියෙන්නේ එකක් වුණාට, පුංචි ලෝකාන්ත තුනක් තියෙනවා. නකල්ස් රක්ෂිතය මැද තියෙන පිටවල පතන කෙළවරේ පුංචි ලෝකාන්තයට අපි දවසක් ඔබව එක්කාගෙන ගියා. අද යන්න සූදානම් වෙන්නේ ලංකාවේ තියෙන තවත් අපූරැ පුංචි ලෝකාන්තයකට. මේකත් ගිය සතියේ කිව්ව අරදුණු ඇල්ල වගේම සැඟවිලා ගිහින් තියෙන අපූරැ ස්ථානයක්. මේක දන්නෝ දන්නේ පිටමාරැව පුංචි ලෝකාන්තය කියලා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට යනකම් ඈතින් ඈතට පෙනෙන සුන්දර දර්ශනය මෙතැනදි දැකගන්න පුළුවන්. මේක තියෙන්නේ බදුල්ලේ පස්සර වුණාට මහියංගනේ තියෙන සොරබොර වැව ඔහොම මෙහෙම තියලා ළඟට පේනවා කිව්වාම හිතාගන්න පුළුවන් නේද මෙතෙන්ට පෙනෙන දර්ශනයේ තරම...
20160902World-2.jpg
ඉතින්, මෙතෙන්ට යන්න තියෙන පාර ගැන කිව්වොත් බදුල්ලෙන් පස්සරට ඇවිල්ලා එතැනින් මඩොල්සිම පාරේ මඩොල්සිම වෙනකම් එන්න ඕනෑ. මඩොල්සිම ඉඳලත් තව කිලෝමීටර් 22ක් විතර යන්න ඕන. යන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට හරියටම පාර කිව්වොත් මඩොල්සිම ඉඳලා ඇකිරිය පාරේ කි.මී. 08 ක් විතර ගියාම හම්බවෙන කුරැවිගොල්ල මංසන්දියෙන් දකුණට තියෙන පිටමාරැව හෙවත් රෝබේරිය පාරේ කි.මී.10 ක් විතර ගියාම කොකාගල වතුයායේ පිහිටි පුංචි ලෝකාන්තයට යන්න පුළුවන්. දැන් මේ පාර දිගටම ඔය කියන වතුයායේ පාලන අධිකාරිය විසින් මඟපෙන්වීමේ පුවරැ හඳලා තියෙනවා. මුළුමාර්ගයම වගේ කාපට් කරලා අපූරැවට තියෙනවා. ඒත් අන්තිම කිලෝමීටර් තුන ගැන නම් කතා කරලා වැඩක් නෑ. ජීප් එකකට වගේ තමයි ඒ පාරේ යන්න පුළුවන්. කාර්, වෑන්, බස් එහෙම නම් කිට්ටු කරන්නවත් බෑ. ළඟ පාතක ගෙයක් දොරක්වත් නෑ. කිලෝමීටර් ගාණක් යනකම් මිනිස් පුලුටක් නෑ.
මේ සියල්ල මැද ස්වභාවදහම නිර්මාණය කරලා තියෙන මේ අපූරැ පුංචි ලෝකාන්තය ගැන කියන්න වචනත් නෑ. මේ පුංචි ලෝකාන්තයට යන අතරමඟ ඔබට දකින්න පුළුවන් කොකාගල කියලා තවත් ගල් පර්වතයක්. මේ ගල් පර්වතය දේශමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතාගේ හැඩරැව වගේ නිසා දැන් මේකට කියන්නේ &ඩී.ඇස්. ගල* කියලා. කොහොම හරි පිටමාරැව පුංචි ලෝකාන්තයේ නැරඹුම් වේදිකාවට ගියාට පස්සේ හොඳ කාළගුණයක් තියෙන දවසකට කිසිම ගැටලුවක් නැතිව අහසේ ඉඳලා මහනුවර, මීගහකිවුල, නාගදීප වැව, මහියංගනය නගරය, ඉස්සෙල්ලා කිව්වා වගේ සොරබොර වැව, බිබිලේ නගරය, මඩකලපුව, අම්පාර, සේනානායක සමුද්‍රය, බදුල්ල, මොණරාගල ආදී ප්‍රදේශවල ඉඳලා ඈත නැගෙනහිර වෙරළ තීරයටම යනකම් ඉතාම දුර්ලභ දර්ශනයක් දැකගන්න පුළුවන්. මේ කියන අපූරැ දර්ශනය බලන්න නම් අප්‍රේල් සැප්තැම්බර් අතර කාලයේ යන්න. මොකද ඔක්තෝම්බර් ඉඳලා මාර්තු වෙනකම් මෙහෙට හොඳටම වැස්ස...


20160902World-3.jpg

20160902World-4.jpg

20160902World-5.jpg

20160902World-6.jpg

20160902World-7.jpg

20160902World-8.jpg

20160902World-9.jpg

20160902World-10.jpg



http://www.saaravita.lk/ticker-slider/453782/පිටමාරුව-පුංචි-ලෝකාන්තෙ