මම දැක්කා මේකෙ ත්‍රෙඩ් එකක් තියනවා ආණ්ඩුවෙ යුනි එකකට යන්න බැරි උන නිසා දුකයි කියලා. ඇත්තටම ඌ ප්‍රයිවෙට් හරි යුනි එකකට ගිහිල්ලා ඉගෙන ගෙන තියනවා. ඒත් ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටපු මට ආණ්ඩුවෙ කැම්පස් යන්න බැරි උනා විතරක් නෙමෙයි ප්‍රයිවට් යන්නත් බැරි උනා සල්ලි නැති නිසා. ඒ ගැන මතක් වෙද්දි හරිම දුකයි. ඉගෙන ගන්න ආසාව විතරක් නෙමෙයි හැකියාවත් යම් තරමකට තිබුනා. ඒත් A/L වලින් ගොඩ යන්න බැරි උනා. අපේ රටේ තියන තරගකාරී බව නිසාත් ටියුෂන් යන්න සල්ලි නොතිබුන නිසාත් කැම්පස් හීනය හීනයක්ම උනා. දැන් කියයි ඉස්කෝලෙ ගියානම් ඇති ගොඩ දාගන්න කියලා.ඒත් අපිට එහෙම හොද අධ්‍යාපනයක් ඉස්කෝලෙන් ලැබුනෙ නෑ. ඒ කාලෙ දැන්වගේ අන්තර්ජාල පහසුකම් තිබුනෙත් නෑ. අදටත් ඉගෙන ගත්ත එවුන් දකිද්දි ගොඩක් දුකක් දැනෙනවා මට ඉගෙන ගන්න බැරි උන නිසා. දැන් දන්නෙම නැතිව වයසත් ගිහිල්ලා දැන් 42 ක් වෙනවා. මට උඹලගෙන් දැනගන්න ඕන මේකයි. පිටරටකට ගිහිල්ලා හරි ඉගෙන ගන්න දැන් වයස වැඩිද? ස්ටුඩන්ට් වීසා අරන් ගිහිල්ල ඉගෙන ගෙන එහෙ සෙට්ල් වෙන්න බැරි වෙයිද? පිටරටවල ඉන්න අය හරි මේව දන්න ලංකාවෙ ඉන්න අය හරි පිළිතුරක් දෙන්න. මම වගේ අය ලංකාවෙ ඕන තරම් ඇති ඒ අයටත් තමන්ගෙ ඩ්‍රීම් එක අචීව් කරගන්න උදව් කරන්න.? ලංකාවෙ ඉන්න වයස අඩු අය දැන්ම පුළු පුළුවන් විදියට මේ අමුතු ඇටෙන් පලයල්ලා උඹලවත් සතුටෙන් ඉදපල්ලා. මේ රට හදන්න පුළුවන් පාලකයො පේන මානෙකවත් නෑ.
