ක්‍රම දෙකකට වෙනවා බන්. චිනේ ක්‍රමේ වෙනයි. ණය දෙන විදිය අනුව වෙනයි...උදාහරනෙකට නොරොච්චෝලේ තාප බලාගාරේට දුන්නු ණයදී ෆිගර් එකක් විතරමයි චීනා දුන්නේ. අපි ලොකු ගානක නයකාරයෙක් උනා එක ඩොලර් එකක් නොදැක. ලෝක බැංකුව දෙන ක්‍රමේ වෙනි. එතැනදී වෙන්නේ ෆිගර්ස් හැටියට අපේ ලංකාවේ ගිණුමට ඩොලර් බැර වෙනවා. ඒ හා සමානව ලංකාවේ මහා බැංකුවට පුළුවන් සංසරණයට රුපියල් අච්චු ගහලා බෙදන්න හෝ, ඒ ඩොලර්වලින්ම තවත් රටකට වෙච්ච ණයක් පියවන්න. තව විස්තර ඕනේ නම් මම පැහැදිලි කරන්නම්.
China Method:
ඔය නොරෙච්චෝලේ බලාගාරේ වගේ ප්‍රොජෙක්ට් වලදී ණය දුන්නේ චීනා ප්‍රොජෙක්ට් එකට ප්‍රයිස් එකක් කියනවා.. ඒ එක්කම කියනවා කොන්දේසි ටිකක් මේ ප්‍රොජෙක්ට් එක කරනවානම් චිනාගේ බැංකුවකින් ණය දෙනවා කියලා. ඒ වගේම චිනාගේ රටේ කොම්පැනියක් ප්‍රොජෙක්ට් එක කරන්න ඕනා කියලත් කියනවා. මෙහෙම උනාම ණය කියන එක චිනට ෆිගර් එකක් විතරයි. ඇක්සියම් වගේ බැංකුවක් ණය ෆිගර් එකක් හැටියට ලංකාවේ ආණ්ඩුවට කියනවා. ඒ එක ඩොලර් එකක්වත් ලංකාවට එන්නෙත් නැහැ. චිනේදීම චීන බැංකුව චීන කොන්ත්‍රාත් සමාගමකට කියනවා අන්න අරහේ ලංකාව කියලා රටක් තියනවා, උන්ට කරන්ට් එක නැහැලු.. නොරොච්චෝලේ කියලා ගමක් තියනවා එහෙ පලයව් මෙහෙ තුන් හතර දෙන්නෙක් ඇන්න ගිහින් බලාගාරයක් හදපියව් කියලා. ඒ යන වියදම් ඔක්කොම මෙහෙන් දෙන්නම් කියලා චිනව නැවක පටවලා යන්ත්‍ර සුත්‍ර එක්ක නොරොච්චෝලේ එවනවා. චීනා ප්‍රොජෙක්ට් එක කරනවා බිල දානවා බැංකුවට, බැංකුව කොන්තරාත් එකාට ගෙවනවා. ලංකාවේ ආණ්ඩුව චීන බැංකුවේ ණය ගෙවනවා.
මේ ක්‍රමේ තව අපුරු රහසක් තියනවා. ඒ තමයි කමිෂන් එක. දැන් අපි අත යටින් ගාන කැපුවොත් ලංකාවේදී බ්‍රයිබරි එකට පුළුවන්නේ අපිව අල්ලා ගන්න අල්ලස් ගත්තා කියලා. නමුත් මේ චීන මෙතඩ් එකේ ඒ අවුල නැහැ. බැංකුව ප්‍රොජෙක්ට් එකට ගැන කියනකොට ලංකාවේ දේශපාලුවෝ කියනවා වලුවේෂන් එක පොඩ්ඩක් නග්ගලා ගාන දාන්න මට මෙච්චරක් ඕනා කියලා. චීනා ලෝස් නැහැ. උත් කියන ගාන දානවා. ඒ අමතර මුදල චීනා එහෙම්මම චිනේ වෙන ලංකාවේ දෙස්පාලුවෙකුගේ අකවුන්ට් එකට දාලා මුළු ගාන ප්‍රොජෙක්ට් රිපෝට් එකට දානවා. එතකොට ලංකාව ඇතුලෙදි අපේ දේසපාලුවෝ පාගා ගහලා නැහැ.
සාමාන්‍ය ණය දෙන ක්‍රමේ:
මේ ක්‍රමේ ලෝක සම්මත ක්‍රමේ. අපේ රටට ඒ කියන්නේ ලංකාවට ගිණුමක් තියනවනේ. එක තමයි ලෝක බැංකුව වගේ ණය දෙන මුල්‍ය ආයතන අපිත් එක්ක ගනු දෙනු කරන ගිණුම. මෙන්න මේ ගිණුමට ෆිගර්ස් හැටියට මුදල් ණයක් ඉල්ලුවහම ඒ පිරිවිතරයන් බලලා බැර කරනවා. හරියට අපි බැංකුවකට ගිහින් නයක ගත්තම අපේ අකවුන්ට් එකට දානවා වගේම තමා. හැබැයි මේ ක්‍රමේදී ණය ගත්තේ පාරක් හදන්න නම්, ඒ ණයෙන් පාර හදන්න ඕනා. ඒක අරගෙන ගිහින් කුළුණක් හදන්න, සමෘද්දිය දෙන්න වගේ ගොන් ආතල් දෙන්න බැහැ. මොකද නය දෙන්නේ කොටස් වශයෙන් ඒ වැඩේ කෙරීගෙන යනකොට. ඉතින් ලෝක බැංකුවේ එවුන් ප්‍රගතිය එහෙම බලලා ණය දෙනවා. තවත් සමහර යුරෝපිය රටවල් මේ ණය දෙනකොට සමාජීය සාදකත් බලනවා. ඒ කියන්නේ මුන් මානව හිමිකම් රකිනවද? ජර්නලිස්ට්ලා මරනවද? මිනිස්සුන්ට නිදහස තියනවද? හොරාකනවද? නීතියේ ආදිපත්‍ය තියනවද වගේ කාරනා හොයලා ඒවා නැතිනම් ණය නොදී ඉන්නවා. මොකද විදේශ රටවල් ණය කියලා දෙන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ඒ සල්ලි හරියට ඉන්වෙස්ට් කරන ඒක රටවල ආණ්ඩුවල වගකීමක්. පිස්සන්ට සල්ලි ණයට දීලා ගෙවාගන්න බැරි උනොත් ඒ ආණ්ඩු ඒ රටේ මිනිස්සුන්ට වග කියන්න ඔනානෙ.