පිටරට ඉන්න උඹලා වයසට ගියාම අපහු එනවද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැංකු වල සල්ලි දැම්මට පොලියක් නොලැබෙන එක නම් ඇත්තයි. ඒ උනාට තමන්ගේ විශ්‍රාම දිවිය සැප පහසුවෙන් ගත කිරීමට තරම් ආදායමක් ලැබෙන ආයෝජන කරලා නැති නම්, රජයේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න වෙනවා. කිසිම ආදායමක් නැති ජෝඩුවකට විශ්‍රාම වැටුප සතියකට A$ 711 (ගෙවන්නේ සති දෙකකට ඩොලර් 1422 හැටියටයි) ක්. ටැක්ස් නැතිව ලැබෙන ඒ මුදල සහ විශ්‍රාමික වරප්‍රසාද එකතු උනාම සුව පහසු දිවියකට හොඳටම සෑහෙනවා. එහෙම නැතිව අතේ තියන සල්ලි ඉවර වෙලා හිඟා කන්න වෙන්නේ නම් නැහැ. නාකි මිනිසුන්ට කරන්න දෙයක් නැහැ කියන එක නම් හිනාවට කාරණයක්. වැඩියෙන්ම විනෝද වෙන්නෙත්, වැඩියෙන්ම සංචාරය කරන්නෙත් Grey Nomads ලෙස හඳුන්වන නාකි මිනිසුන් තමයි.
    ඌ සංවර්දිත රටවල් ගැන හිතං ඉන්නේ ලංකාවේ ප්‍රයිවට් තැන්වල වැඩකරලා 55පැන්නම උකට පයින්ගහලා මැරෙන්න අතෑරලා දාන මානසිකත්වයෙන්. උන් දන්නේ නෑ රටවල්වල ඉන්න උන් ලීගලී ගහන ගේම්. කියලා දෙන්නෙත් නෑ ඉරිසියාවේ පැලෙයි කියලා බයයි. :lol: :lol: :P
    නාකි වුනාම සීතල තමයි අවුල. ඒත් ඉතින් හීටර්ස් තියෙනවනේ. ඒ ටිකේ එලියට බහින්නේ නැතිව ඉන්නවා

    ඔව් ඔව් 65 පැන්නම පාරේ මැරිලා යන්න බැරිව තමයි ලංකාවට එන්නේ. හැබැයි මං නං එන්නේ නෑ :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    එහෙම අය ඒ රටවල් වල සැප දාලා ලංකාවට එන්නෙ නෑ බන්. උන් මැරිලා ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නෙත් ඒ රටවල් තමයි. හැබැයි මොනා උනත් ලංකාව ඉපදුන රටනෙ කියන එක ඔළුවෙ තියෙනවා. ඉපදුන රටට කරන දෙයක් නෑනේ කියන ගිල්ටිය එක්ක ජීවත් වෙන්න අමාරු නිසා සෝශල් මීඩියා වල රට ජාතිය ආගම සංස්කෘතිය රැක ගන්න ෆුල් ටයිම් බොක්කෙන්ම බැහැලා වැඩ කරනවා. ඒ අයට තමයි කරුණා අම්මාන් පරපුරේ ජාතික වීරයො කියන්නෙ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම අය ඒ රටවල් වල සැප දාලා ලංකාවට එන්නෙ නෑ බන්. උන් මැරිලා ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නෙත් ඒ රටවල් තමයි. හැබැයි මොනා උනත් ලංකාව ඉපදුන රටනෙ කියන එක ඔළුවෙ තියෙනවා. ඉපදුන රටට කරන දෙයක් නෑනේ කියන ගිල්ටිය එක්ක ජීවත් වෙන්න අමාරු නිසා සෝශල් මීඩියා වල රට ජාතිය ආගම සංස්කෘතිය රැක ගන්න ෆුල් ටයිම් බොක්කෙන්ම බැහැලා වැඩ කරනවා. ඒ අයට තමයි කරුණා අම්මාන් පරපුරේ ජාතික වීරයො කියන්නෙ.
    වැඩකරන්න ගියපු මිනිස්සු එනවා. මොකද උන් එහේ දරුමල්ලෝ ලංකාවේ ගෙවල් දොරවල් ලංකාවේ.එතින් එන්නම වෙනවා.
    සෙට්ල් වෙන්න ගියපු මිනිස්සු පවුල් පිටින් ගිහින් පදින්චිවෙන්නේ. අම්මා තාත්තා සහෝදර සහෝදරියොත් ඇද්දට පස්සේ ඉතුරුවෙන්නේ කුහක නෑයෝ ටික විතරයි. උන් ටික බලන්න ඕනනං අවුරුද්දකට දෙකකට සැරයක් යනවා එකෙක්ට ටිකක් වැඩියෙන් සලකනවා ගෙවල් දොරවල් හොයලා බලනවට. ආයේ මැරෙනකන් රට තමයි. තියෙන සල්ලි වලින් සැපක් ගන්න ඉඳලා හිටලා මාසයක් ලංකාවට යනවා. එච්චරයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    OW EHEMA THAMAI NETHNAM WAHAL KAMA KARA KARA INNA WENNE.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මොන අවුල තිබ්බත් ලංකාවට ගොඩක් ආදරෙයි. ආවම යන්න හිතන්නේ නැ...

    අනේ මන්දා ලංකාවේ වියදම නම් පොඩ්ඩක් වැඩි බන් දැන් බැලුවම එළවලු විතරයි අඩු මට නම්
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    මගේ තත්වය බොහොම කෙටියෙන්.
    ‘ආපසු ඒමක් නැත’ කසාද බැඳලා ගෑණිත් එක්ක ගියාට පස්සෙ මැරෙන කන්ම ගෑණි එක්කම තමා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔහොම යන බහුතරය එන්නේ නෑ. බොරුවාට කියනවා එනවා කියලා..
    එහෙම එන අය කලින් හොයන්න පුලුවන්, එයලා ලංකවේ invest කරනවා side එකෙන්..
    මෙහෙ ඒවා විකුණලා සල්ලි අදින්නේ නෑ..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම යන බහුතරය එන්නේ නෑ. බොරුවාට කියනවා එනවා කියලා..
    එහෙම එන අය කලින් හොයන්න පුලුවන්, එයලා ලංකවේ invest කරනවා side එකෙන්..
    මෙහෙ ඒවා විකුණලා සල්ලි අදින්නේ නෑ..
    ගනං වැඩි වුනත් ඉන්න රටින් ගෙයක් දෙකක් දාගන්න එක ලේසියි බං. රට රටවල ගෙවල් දාගත්තම හොයන්න බලන්නයි ටැක්ස් ගෙවන්නයි, රෙන්ට් එකට දුන්නම උන්ගේ අවුල් විසදන්නයි ප්‍රශ්න කෝටියයි. ගොඩක් උන් ලංකාවේ දේපොළ විකුණන්නේ බලාගන්න බැරිකමට. ගෙයක් වහලදාල ගියා කියන්නේ ඇඩ්‍රස් නෑ. ලංකාවේ අපේ ළඟ ගෙදරක් ඔහොම වහල ගිහිල්ලා බඩු ඔක්කොම උස්සං ගිහින් අන්තිමට උළුවහු දොරජනෙල් ඉඳලා ගලවන් හියා

    මම අර නාඩි මගුලක් ඇහුවා ඉස්කෝලේ යන කාලේ. වැඩේ වෙන්නෙම ඒ විදියට. මේ ළඟදී මතක්වෙලා ඇහුවා. ආයේ හිතන් ඉන්න විදියටම කියල තියෙනවා. 70දී ඕනනං මවු රටට යන්න පුළුවන් කියලා තියෙන්නේ. කාල වරෙන්කෝ. 70දී ඕනවුනොත් නවතින්න එයි. :lol: :lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බැංකු වල සල්ලි දැම්මට පොලියක් නොලැබෙන එක නම් ඇත්තයි. ඒ උනාට තමන්ගේ විශ්‍රාම දිවිය සැප පහසුවෙන් ගත කිරීමට තරම් ආදායමක් ලැබෙන ආයෝජන කරලා නැති නම්, රජයේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න වෙනවා. කිසිම ආදායමක් නැති ජෝඩුවකට විශ්‍රාම වැටුප සතියකට A$ 711 (ගෙවන්නේ සති දෙකකට ඩොලර් 1422 හැටියටයි) ක්. ටැක්ස් නැතිව ලැබෙන ඒ මුදල සහ විශ්‍රාමික වරප්‍රසාද එකතු උනාම සුව පහසු දිවියකට හොඳටම සෑහෙනවා. එහෙම නැතිව අතේ තියන සල්ලි ඉවර වෙලා හිඟා කන්න වෙන්නේ නම් නැහැ. නාකි මිනිසුන්ට කරන්න දෙයක් නැහැ කියන එක නම් හිනාවට කාරණයක්. වැඩියෙන්ම විනෝද වෙන්නෙත්, වැඩියෙන්ම සංචාරය කරන්නෙත් Grey Nomads ලෙස හඳුන්වන නාකි මිනිසුන් තමයි.

    මගේ පොයින්ට් එක මේක තමයි. මාසෙට $2844 (රුපියල් ලක්ෂ 4 වගේ) කියන්නේ ඔසී වල ලොකු ගානක් නෙමෙයි නේ. ඉතින් සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් කාටවත් කරදරයක් නොවී. හැබැයි ඔය ගාන කොහේ හිටියත් හම්බෙනවා නන්, ටිකක් ලාබ රටකට යන එක වැසි නැද්ද? ලංකාවේදී වගේ නන් සුපිරියට අතට පයට servant කෙනෙක් වගේ උනත් තියාගෙන ඉන්න පුළුවන් නේ ඔය ගානෙන්.
     
    • Like
    Reactions: JohnSnow

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868

    Some westerners migrate to places like Thailand...If they're single the'll also end up with a 25 yo girlfriend. 😁
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගේ පොයින්ට් එක මේක තමයි. මාසෙට $2844 (රුපියල් ලක්ෂ 4 වගේ) කියන්නේ ඔසී වල ලොකු ගානක් නෙමෙයි නේ. ඉතින් සාමාන්‍ය විදියට ඉන්න පුළුවන් කාටවත් කරදරයක් නොවී. හැබැයි ඔය ගාන කොහේ හිටියත් හම්බෙනවා නන්, ටිකක් ලාබ රටකට යන එක වැසි නැද්ද? ලංකාවේදී වගේ නන් සුපිරියට අතට පයට servant කෙනෙක් වගේ උනත් තියාගෙන ඉන්න පුළුවන් නේ ඔය ගානෙන්.
    ඔව්, ඔයා කියන කාරණය මමත් පිලිගන්නවා.
    මේ කියන සති දෙකකට ලැබෙන මුදල මාසයකට පරිවර්තනය කලාම ඒක 2844 නොවෙයි, 3081 විය යුතුයි. ඒ මුදලත් ලොකු මුදලක් නොවන එක ඇත්තයි. නමුත් මේ රටේ විශ්‍රාමිකයන්ට ලැබෙන වෙනත් පහසුකම් විශාල ගණනාවක් තියනවා. උදාහරනෙකට කියනවානම් ඕනෑම මිල අධික බෙහෙතක් සඳහා විශ්‍රාමිකයෙක් ගෙවිය යුත්තේ ඩොලර් 6 පමණ සුළු මුදලක්. වාර්ෂික වාහන ලියාපදිංචිය 1/3 පමණ අඩුයි. ඉන්ෂුවරන්ස් මිල අඩුයි. ගෙදර කවුන්සිල් බිලත් ඒ වාගේම අඩුයි. විශ්‍රාමිකයන්ගේ ටැක්සි ගාස්තු, පොදු ප්‍රවාහන ගාස්තු ඉතාම අඩුයි. මේවා ගැන පෙර සුදානමක් ඇතිව විශ්‍රාම යන පුද්ගලයෙකුට තමන්ට ඉතාම ගැලපෙන ජීවන තත්වයකට සූදානම් වීම අපහසු දෙයක් නොවෙයි. ලංකාවේ EPF එකට සමානව මෙහෙ තියන Superannuation එකත් තම සේවා කාලය නිමා වන විටම ලැබෙනවා. එය ආයෝජනය කර යම් මුදලක් උපයා ගැනීමේ හැකියාවත් තියනවා. ඒ හැර විශ්‍රාම යාමට සුදානම් වන විටම තමන්ගේ විශ්‍රාම දිවියේදී වඩාත්ම කැමති විනෝදාංශය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපුරාගෙන (හොලිඩේ හෝම් එකක් / මෝටර්හෝම් එකක් / කැරවෑන් එකක්, ගෙවතු වගාව එන්ජෝයි කරන කෙනෙක් නම් ලොකු ඉඩමක් සහිත ගෙදරක්, අලුත් 4WD එකක් ආදිය) ඉන්නවානම් මේ කියන මුදලෙන් ඔස්ට්‍රේලියාවෙදීමත් හොඳ ජීවන තත්වයකින් විශ්‍රාම ජීවිතය ගත කරන්න පුළුවන්.
    ඔස්ට්‍රේලියාව කියන්නේ සුරපුරක් කියලා මම කියන්නේ නැහැ. ලංකාවේ තියන සමහර හොඳ දේවල් මෙහෙ නැහැ. නමුත් හොඳ /නරක දෙක වෙන වෙනම සලකා බැලුවාම, ලැබෙන ආදායම සහ ඒ ආදායමෙන් ලබා ගත හැකි පහසුකම් වලටත් වඩා, නිදහසේ සාමකාමීව ජීවත් වීමට උචිත පරිසරයක් මෙහෙ තියන බවනම් ස්ථිරයි.
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මෙහෙ ඉද්දි එන්න හිතෙනවා, හැබැයි ලංකාවට නිවාඩුවකට ආවම උනත් ආයේ යන්න හිතෙනවා. රටේ අවුලක් නෙවෙයි, නීතිය, දේශපාලනේ, මිනිස්සු නිසා. රටක් වශයෙන් ගත්තොත් ලංකාව තරම් හිතට හරියන තැනක් වෙන කොහෙවත් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි පාස්පෝට් එක මාරුකරගැනීමේ වටිනකම. මේ කමෙන්ට් එක බලන උඹ පරම්පරාගත සල්ලිකාරයෙක් නෙවෙයිනම්, මේ වෙනකොට 100000-150000 ට වඩා ආදායමක් ලබන්නේ නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් පිලිවෙල රටකට පැනපල්ල. හරි රටකට පැන්නොත් මැරෙනකං සැප තමයි.
    සීයලා මුත්තලා කාලේ ඉඳන් දියුනුවෙමින් පවතින රටක් නිසා උඹලා මුත්තලා වෙනකනූත් ලංකාව දියූනූවෙමින් පවතියි කියලනං ශූවර්. හැමදාම කියනව වගේ රට ගොඩයන්නේ නැතිඑකේ තනිතනිවවත් ගොඩපලයල්ලා.
     
    Yana thanakata hari widiyata palayalla kiyala thamai kiyanna wenne.
    Naththan issarahata yanna inna untath aba saranai.
    Ausi wage nan papua new gunea wala kandawuru wala thamai laginna wenne horen gihin.
     
    • Like
    Reactions: JohnSnow

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yana thanakata hari widiyata palayalla kiyala thamai kiyanna wenne.
    Naththan issarahata yanna inna untath aba saranai.
    Ausi wage nan papua new gunea wala kandawuru wala thamai laginna wenne horen gihin.
    යන එකා මීටරෙන් ඉන්නවනං කොහේ කොහොම ගියත් ගොඩදාගන්නවා.
     
    Sen-lu

    Well-known member
  • මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි පාස්පෝට් එක මාරුකරගැනීමේ වටිනකම. මේ කමෙන්ට් එක බලන උඹ පරම්පරාගත සල්ලිකාරයෙක් නෙවෙයිනම්, මේ වෙනකොට 100000-150000 ට වඩා ආදායමක් ලබන්නේ නැත්තං හම්බෙන පලවෙනි චාන්ස් එකෙන් පිලිවෙල රටකට පැනපල්ල. හරි රටකට පැන්නොත් මැරෙනකං සැප තමයි.
    සීයලා මුත්තලා කාලේ ඉඳන් දියුනුවෙමින් පවතින රටක් නිසා උඹලා මුත්තලා වෙනකනූත් ලංකාව දියූනූවෙමින් පවතියි කියලනං ශූවර්. හැමදාම කියනව වගේ රට ගොඩයන්නේ නැතිඑකේ තනිතනිවවත් ගොඩපලයල්ලා.
    And මේ ත්‍රෙඩ් එකෙන් ඉරිසියාකාර කුහක සිංහල්ලු කී දෙනෙක් expose උනාද, ඕකනෙ අපේ උන්ට හරියන්නේ නැත්තෙ ඉරිසියා කර කර ඉන්නව මිසක් දෙයක් ගැන හොයල බලල තමන්ගෙ දියුණුවට action එකක් ගන්නේ නැ.