පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඔබ වගේ හිතන මිනිස්සු මේ රටේ අඩුයි සහෝ. හැම එකාම බලන්නේ තමුන්ගේ ගේම කොහොමද ගහන්නේ කියලා . උ තනියෙන් දියුණු වෙලා උන්ගේ ගෑණු , ළමයි දියුණු වෙලා හිටියොත් රටට හෙන ගැහුවත් කමක් නෑ . පිටරටවල ඉන්න මගේ යාළුවො කියලා තියෙනව ලංකාව හොඳ වෙනවනම් ඒ කියන්නේ අපි කතා කරපු ටික තියෙනවනම් උන් හෙට උනත් එන්න කැමතියි කියලා . බලන්න අපි කිහිප දෙනෙක්ට අවබෝධ වෙන දේ ආර්ථික විෂයේ කෙළ පැමිණුනා කියන එවුන්ට තේරෙන්නේ නෑ . එක්කෝ උන් පට්ටපල් හොරු නැත්තම් ඉගෙන ගත්තට ප්‍රඥාව නැති එවුන් .
    පොදු ප්‍රවාහන සේවය සෑහෙන්න දියුණු කරන්න ඕනේ . උදාහරණයක් විදියට කොළඹට උදේට එන වාහනවල එන්නේ එක්කෙනයි දෙන්නයි . හැබැයි ඒ අය එන්නේ හෝමාගම , කොට්ටාව , මහරගම , නුගේගොඩ , කඩුවෙල , මාලබේ , අතුරුගිරිය ,පානදුර , මොරටුව ,කොලොන්නාව වගේ ප්‍රධාන නගරවලින් . ආණ්ඩුවෙන් මේ නගරවල ලොකු ඉඩම් අරගෙන තට්ටු ගාණක රථ ගාලවල් හදලා එතන ඉදන් සුකෝපභෝගී බස් දැම්මනම් කොච්චර මිනිස්සුන්ගේ කාලය මුදල් ඉතිරි වෙයිද ? හිතන්න එක බස් රථයක මිනිස්සු 40 යන්න පුළුවන් නම් පාරට වාහන 30 විතර එන එක අඩුවෙනවා . ඒ වගේම හිතින් තරහ අරගෙන පාරේ යන අය එක්ක බැණ ගන්න ඕනේත් නෑ .

    ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. traffic jam නිසා මිනිස්සුන්ගේ ඵලදායක ශ්‍රම පැය ( productive labour hours ) මිලියන ගණනාවක් දවසකට අහිමි වෙනවා ඇත්ද? කොළඹට එන පාසැල් ළමුන් පිළිබඳව කරපු සමීක්ෂණයකදී එලිවුන කරුණු වලට අනුව ප්‍රධාන පාසල් කිහිපයකට තදාසන්න නගර වලින් එන පාසැල් බස් රථ, වැන් රථ හා වෙනත් වාහන හේතුවෙන් නගරයේ අධික තදබදයක් ඇතිවෙනවා. මේකට පිලියමක් විදිහට කොළඹට තදාසන්න හෝමාගම, මොරටුව, කඩවත, වත්තල, මාලඹේ වගේ නගර වල ප්‍රධාන පාසල්වල ශාඛා ඇති කරන්න පුළුවන් නම් ඔය වාහන කොළඹට එන එක අඩුවෙනවා. දැන් smart class room වගේ නවීන තාක්ෂණික ක්‍රමවේද තියන නිසා අධ්‍යාපනයේ ගුණාත්මකබව රැකගෙන එම පාඩම එම මොහොතේම ශාඛා පාසැලේ උගන්නන්න පුළුවන්. මේක දියුණු රටවල කරනවා මම දැකල තියනවා.

    එක සැරයක් ඉන්දියාවට ගිය වෙලේ මම දැක්ක දෙයක් තමයි office, companies වැඩ පටන් ගන්නේ උදේ 10.00 ට. හවස 6.00 වෙනකන් වැඩ කරනවා. school time එකත් එක්ක අධික වාහන තදබදයක් ඇතිවීම වලක්වගන්න එක තමයි මේකේ අරමුණ.

    මෙන්න මේ ප්‍රතිපත්ති සකස් කිරීමට තමයි මම මුලින් කියපු උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන්ගේ දායකත්වය අවශ්‍ය. උන් ඔක්කොම රට ඇරලා ගියාම ඉතුරුවෙන්නේ කෝච්චියේ මාල කඩපු රත්තරන් වගේ උන්ට චන්දෙ දෙන නූගත් මොට්ටයෝ ටිකක් විතරයි. ඒ වගේ උන්ව ටකරමකට, සිමෙන්ති කොට්ටේකට රවට්ටන්න ලේසියි. ඉගෙනගත්තු වෘත්තිකයෙක් ආර්ථික අතින් ශක්තිමත් නිසා මේ චක්‍රයට අහුවෙන්නේ නැතුව හරි ක්‍රමවේදයකට රටේ දිශාව වෙනස් කරන්න බලපෑම් කරන්න පුළුවන්.

    අවාසනාවකට උන් ඔක්කොම එන්න ඉන්නේ රට හදල දුන්නට පස්සේ. දැන් අපි විතරද හදන්න ඕනේ. උන් ඉන්නේ facebook එකෙන් advice දෙන්න විතරයි.

    ඒකයි මම මුලින්ම කිව්වේ උන් හදන්නේ අපි ලවා සිල් රක්කවලා උන් නිවන් යන්න.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    ලංකාවෙ ගොඩක් එවුන්ට රටේ තියෙන ප්‍රශ්න පෙනෙන්න දැනෙන්න පටන් ගන්නෙ ගෙයක්දොරක් හදාගෙන, වාහනයක් අරගෙන තමන්ගෙ ආර්ථිකය හදාගත්තට පස්සෙයි.

    ඉතින් උබටත් එහෙමම වෙලා එත් උබ එක පිලිගන්න කැමති නෑ. ඒත් උබේ වයිෆ් උබට වඩා අවංකයි.

    උබ මේ පෝස්ට් එක දාන්නෙත් උබෙ හිත හදාගන්න යම්කිසි අස්වැසිල්ලක් විදිහටයි.

    මම තව අනාවැකි දෙකක් කියන්නම් මේ දෙකම හෝ එකක් අනිවාර්යෙන් ඇත්ත හෝ ඇත්ත වෙයි.

    1) උබ තව අවුරුදු දෙකක් ඇතුලත තියෙන ඔක්කොම විකුනලා දාලා රට යනවා.

    2) උබ ලංකාවෙන් පිටරට ගිය එවුන්ට දෝස්මූරේ දැම්මට උබත් ලංකාවට කරලා තීයෙන දෙයක් නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    We will never be satisfied.Even if you go to another country it opens up another whole lot of problems.Nirvana is the only way out.:(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    We will never be satisfied.Even if you go to another country it opens up another whole lot of problems.Nirvana is the only way out.:(

    ඔව් මචන්. අපේ හිත් කොයි වෙලෙත් අරමුනු හොයනවා. ඒකෙ කෙලවරක් ඉවරයක් නෑ. එක තැනකින් නවත්ත ගත්ත එකා තමයි නියම බුද්ධිමතා, නියම ජීවිතය විදින එකා. :cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    ඔව් මචන්. අපේ හිත් කොයි වෙලෙත් අරමුනු හොයනවා. ඒකෙ කෙලවරක් ඉවරයක් නෑ. එක තැනකින් නවත්ත ගත්ත එකා තමයි නියම බුද්ධිමතා, නියම ජීවිතය විදින එකා. :cool:

    :sorry:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    මම තව අනාවැකි දෙකක් කියන්නම් මේ දෙකම හෝ එකක් අනිවාර්යෙන් ඇත්ත හෝ ඇත්ත වෙයි.

    1) උබ තව අවුරුදු දෙකක් ඇතුලත තියෙන ඔක්කොම විකුනලා දාලා රට යනවා.

    2) උබ ලංකාවෙන් පිටරට ගිය එවුන්ට දෝස්මූරේ දැම්මට උබත් ලංකාවට කරලා තීයෙන දෙයක් නෑ.

    නැහැ මචං,

    1) මම මගේ අම්ම තාත්තා දාල කවදාවත් පිටරට පදිංචියට යන්නේ නැහැ.

    2) මම මාසෙකට උඹ හිතන්නේ නැති ගානක් ආණ්ඩුවට බදු ගෙවනවා. ඒක ඵලදායක ලෙස රටේ සංවර්ධනයට නොදෙන බව දැන දැනම.

    මගේ කිසිම guilty feeling එකක් නැහැ මොකද මම නිදහස් අධ්‍යාපනයෙන් විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගත්තු එකෙන් අවුරුදු 20 ක් රටට සේවය කරලා තියනවා. හැබැයි මගේ පුද්ගලික සල්ලිවලින් තමයි පිටරටකදී master එකක් කලෙත් professional qualification හදාගත්තෙත්.ඉගෙන ගත්තත් නැතත් මේ රටේ ඉන්න හැම පුරවැසියෙක්ම ඍජුව හෝ වක්‍රව රජයට බදු ගෙවනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    All things are cyclic patterns.Hoping sri lanka will improve is an illusion within the cycle.How many lifetimes we may have done the same thing.One day world will get distroyed all talks becomes pointless.and the cycle again continues.nirvana is the only true satisfaction.others are merely an cyclic illusion:(
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Kolama; ලංකාවෙ ගොඩක් එවුන්ට රටේ තියෙන ප්‍රශ්න පෙනෙන්න දැනෙන්න පටන් ගන්නෙ ගෙයක්දොරක් හදාගෙන said:
    Kolama; ලංකාවෙ ගොඩක් එවුන්ට රටේ තියෙන ප්‍රශ්න පෙනෙන්න දැනෙන්න පටන් ගන්නෙ ගෙයක්දොරක් හදාගෙන said:
    අමතක කරන්න එපා අපේ රටේ අනාගතය වෙනස් කරන්න සිහින දැකපු 60,000 ක් තරුණයෝ 1988-1989 කාලයේදී මරල දැම්ම හැටි. උන්ගේ දේශපාලන දර්ශනය මං පිලිනොගත්තට , රටේ දිශානතිය වෙනස් විය යුතුයි කියන උන්ගේ ශ්‍රේෂ්ට මතවාදයට මං ගරු කරනවා.

    උඹේ ඔය තර්කයට අනුව නම් උන් ගැලපෙන්නේ නැහැ .මොකද ඒ එකෙක් වත් ආර්ථිකව ස්ථාවර වුනු, ගෙයක් දොරක් තමන්ට කියලා හදාගත්තු , වාහන අරන් හිටපු එවුන් නෙමෙයි.

    මේ රටේ ප්‍රශ්න පෙනෙන දැනෙන ඒවාට සංවේදී වුන , රටට ආදරේ ගොඩක් දෙනා ඉන්නවා. හැබැයි උන් ඔය උඹ කියන සියල්ල සපුරා ලූ අය නම් නෙවෙයි.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    All things are cyclic patterns.Hoping sri lanka will improve is an illusion within the cycle.How many lifetimes we may have done the same thing.One day world will get distroyed all talks becomes pointless.and the cycle again continues.nirvana is the only true satisfaction.others are merely an cyclic illusion:(

    I thought spas is your only true satisfaction. :eek:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අමතක කරන්න එපා අපේ රටේ අනාගතය වෙනස් කරන්න සිහින දැකපු 60,000 ක් තරුණයෝ 1988-1989 කාලයේදී මරල දැම්ම හැටි. උන්ගේ දේශපාලන දර්ශනය මං පිලිනොගත්තට , රටේ දිශානතිය වෙනස් විය යුතුයි කියන උන්ගේ ශ්‍රේෂ්ට මතවාදයට මං ගරු කරනවා.

    උඹේ ඔය තර්කයට අනුව නම් උන් ගැලපෙන්නේ නැහැ .මොකද ඒ එකෙක් වත් ආර්ථිකව ස්ථාවර වුනු, ගෙයක් දොරක් තමන්ට කියලා හදාගත්තු , වාහන අරන් හිටපු එවුන් නෙමෙයි.

    මේ රටේ ප්‍රශ්න පෙනෙන දැනෙන ඒවාට සංවේදී වුන , රටට ආදරේ ගොඩක් දෙනා ඉන්නවා. හැබැයි උන් ඔය උඹ කියන සියල්ල සපුරා ලූ අය නම් නෙවෙයි.

    :sorry:

    k2dDIjD.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැහැ මචං,

    1) මම මගේ අම්ම තාත්තා දාල කවදාවත් පිටරට පදිංචියට යන්නේ නැහැ.

    2) මම මාසෙකට උඹ හිතන්නේ නැති ගානක් ආණ්ඩුවට බදු ගෙවනවා. ඒක ඵලදායක ලෙස රටේ සංවර්ධනයට නොදෙන බව දැන දැනම.

    ඒ කියන්නේ මචන් මගෙ අනාවැකි දෙකම හරි.

    1) උබේ අම්ම තාත්ත නිසා - උබට ලංකාවෙ ඉන්න වෙලා.

    2) රස්සාවක් කරන නිසා - උබට බදු ගෙවන්න වෙලා.

    අම්මා තාත්තා නිසා රට යන්නෙ නැතුව මෙහෙ හිරවෙලා ඉන්න එවුන් දහස් ගානක් ඉන්නවා මචන්.

    ඒ වගේම අදාල මුදලෙන් ඉහල වැටුප් ලබන හැම පුද්ගලික අංශයේ සේවකයෙක්ම අනිවාර්යෙන්ම බදු ගෙවීමට නීතියෙන් බැදිලා ඉන්නවා.

    එහෙම බැලුවාම ලංකාවෙන් පිටරටවල්වලට ගිය එවුන්ට මෙහෙම ප්‍රසිද්ධියේ අපහස කරන්න උබට කිසිම විශේෂ සුදුසුකමක් නෑ. :yes::yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Kolama;ඒ කියන්නේ මචන් මගෙ අනාවැකි දෙකම හරි. said:
    1) උබේ අම්ම තාත්ත නිසා - උබට ලංකාවෙ ඉන්න වෙලා.

    2) රස්සාවක් කරන නිසා - උබට බදු ගෙවන්න වෙලා.
    Kolama;ඒ කියන්නේ මචන් මගෙ අනාවැකි දෙකම හරි. said:
    1) බලපන් මගේ මුලින්ම දාපු post එක. එකේ කියන්නෙත් තමන්ව මේ තත්වයට ගෙනා තමන්ගේ අම්ම තාත්තා තනිකරලා තමන්ගේ ආත්මාර්ථය පිණිස පිටරටට වෙලා ඉන්න උන් ගැන තමයි. මට එහෙම වෙන්න අවශ්‍ය නැති නිසා මම යන්නේ නැහැ.

    කව්රු හරි එහෙම ගියත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක උන්ගේ පෞද්ගලික ආකල්පය.හැබැයි එහෙ ඉඳන් මෙහෙ රට හදන්න පොර ටෝක්ස් දෙන එක තමයි ප්‍රශ්නේ... ඒ ගැනයි මම කතා කලේ.

    හඳ පෙන්නුවාම ඇඟිල්ලේ ඇදේ හොයන්න එපා..:shocked:

    2) මෝඩ කතාවක් මිත්‍රයා. රස්සාවක් කලත් ව්‍යාපාරයක් කලත් තමන්ගේ තක්සේරු ආදායමට අනුව බදු ගෙවන එක රටේ බදු නීතියට අදාලයි. හැබැයි සමහරු ආදායම් හංගලා නියමිත බදු ප්‍රමාණය රජයට ගෙවන්නේ නැහැ. මම නම් මගේ නියම ආදායමටම බදු ගෙවනවා. ඒක රට වෙනුවෙන් කරන සේවයක් නෙමේද ?

    මෙතන කෙස් පැලෙන තර්ක විතර්ක දානවට වඩා හොඳ නැද්ද අපේ රට ගොඩගන්න පුළුවන් හරවත් යමක් යෝජනා කරන එක..;););)
     
    Last edited:

    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    මචං, මම ලිඳෙන් එළියේ ඕනෑතරම් දැකල තියන නිසා තමයි මේක කිව්වේ. උඹ කියපු නූගත් දේශපාලකයන්ට ඔලුව නමාගෙන ඉන්න වෙන කතාව හරියට හරි. ඇත්තම උදාහරණයක් කියන්නම්. මගේ අල්ලපු ගෙදර ඉන්නේ oxford university එකෙන් PhD එකක් ගත්තු senior lecturer කෙනෙක්. හොඳ ගතිගුණ තියන උගත් මනුස්සයෙක්. එත් තාම පාවිච්චි කරන්නේ 2013 විතර හදපු Micro Jeep එකක් . මොකද ලංකාවේ විශ්වවිද්‍යාල වල ගෙවන වැටුපෙන් housing loans වලට එහෙම කැපිලා අතට එන පඩියෙන් වෙන ලොකු දෙයක් කරන්න නොහැකි වීම. නමුත් ගිය පාර පළාත් පාලන චන්දෙන් ආපු ප්‍රාදේශීය සභා මන්ත්‍රියා යන්නේ ලක්ෂ 400 කටත් වඩා වටිනා Landcruiser එකකින්. පඩිය රු.15,000/- යි.මේකා තුන් සැරයක් විතර ප්‍රාදේශීය සභාවේ ඉඳලා තියනවා. OL විතරයි යන්තමට පාස්. පට්ට හොරෙක්. අතේ සතේ නැතුව ඉඳලා දිනුවට පස්සේ කොන්ත්‍රාත් වලින් පගාව අරන් තමයි පොහොසත් වෙලා තියන්නේ. දැන් උන් තමයි ලංකාවේ නූගත් බහුතරයක් පොරවල් විදිහට සලකන්නේ.

    මෙන්න මේ දේවල් වෙනස් කරන්න තමයි මචං ඕනේ. ඒක කරන්නෙ නැතුව අපි ඔක්කොම ලංකාවෙන් පැන්නොත් මේ ජරාජීර්ණ ක්‍රමයම තවත් worst විදිහට වැඩිවෙයි. හැබැයි මම මෑත කාලයේ දැක්ක හොඳ ප්‍රවණතාවයක් තමයි අලුත් සමාජය තුල මේ ගැන විද්වත් කතිකාවතක් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් social media භාවිතය වැඩිවීම තුල මිනිස්සු විවෘතව සහ පුළුල්ව මේ ගැන අදහස් පල කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට රටේ රැදී ඉඳිමින් සක්‍රීයව දායක වෙන්න පුළුවන් නම් මිසක් රටෙන් පැනල ගිහින් මේක කවදාවත් හදන්න බැහැ කියා කියා ඉන්න එක නෙමෙයි නියම විසඳුම.

    උදාහරණයක් විදිහට යුද්ධය ගනින්කෝ. මේක කවදාවත් දිනන්න බෑ කියලා අපි ඔක්කොම වෙන වෙන රටවල් වලට පැනල හිටියා නම් අපිට රටක් ඉතුරු වෙයිද ? පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඒ තුලම රැදී ඉඳිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙනුයි.

    අපේ රටේ හොඳ නැත්තේ systems මිස මිනිස්සු නෙමේ. හරි system එකක් තිබුනානම් මිනිස්සු අනිවාර්යයෙන්ම එකට අනුගත වෙනවා. උදාහරණයක් විදිහට පිටරටවල මිනිස්සු high speed යන්නේ නැත්තේ , බීලා එලවන්නේ නැත්තේ ඒ රටවල් ඒවා මොනිටර් කරන්න හරි සිස්ටම් දාල තියන නිසා . මිනිස්සු බයයි අහුවෙන නිසා. අපේ රටේ වගේ අඳුනන පොලිසියේ ලොක්කෙකුට කතාකරලා බේරිලා යන්න බැහැ. අගමැති වුනත් නීතිය කැඩුවොත් දඩය ගෙවන්න ඕනේ. ඒ නැතුව පිටරට මිනිස්සු හොඳ එවුන් හින්දා නෙමේ. උන් අපිටත් වඩා පට්ට හොරු. නමුත් සිස්ටම් එකට බය නිසා discipline තියනවා. ලංකාවෙත් ඕක කරන්න හොඳටම පුළුවන්. මතකද එක කාලෙක මිනිස්සු පාරේ තැන තැන කුණු දැම්මේ නැහැ. මොකද තමන්ව මොනිටර් වෙන නිසා.

    ඉතින් මචං ඕක කරන්න පිටරටට වෙලා ඉඳන් බැහැ. අපිම තමයි මේ කතිකාවත පුළුල්ව සමාජගත කරන්න වගේම ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න ඕනේ. එතකොට අපිට අපරාධ නැති, නීතිය හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙන, හැමෝටම තම මූලික අවශ්‍යතා සපුරාගත හැකි මට්ටමේ ආදායමක් ලැබෙන, වංචා දූෂණ වලින් තොර , සතුටෙන් ජීවිතය ගෙනියන්න පුළුවන් රටක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරියට නිකන් Scandinavian countries වල වගේ.

    ඒ හින්ද මේක ලිං කටෙන් එළියේ ලෝකය හදාගන්න ලිඳ ඇතුලෙම ඉඳන් කරන්න ඕන දෙයක් .

    respect u මචන් උබේ අදහසට ,උඹ කියන ඔය කතාවට මමත් එකෙන්ම කැමතියි. නමුත් මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමය පතුලට වැටිලා ඉන්න සමාජයක් තුල system change එකක් කිරීම ගොඩක් අමාරුයි බන්. රටේ ඉන්න නුගත් කියන සමාජය අමතක කරපන් එත් හොදට ඉගන ගත්තු හොද ජොබ් කරන උනුත් මේ system එකට කඩේ යනකොට හිතට දැනේනේ පුදුම අප්ප්රියාවක් බන්. මුන් ඔක්කොම තමන් ගැන විතරක් හිතන අනික් උන්ට හෙන ගැහුවත් කමක් නැහැ කියන උන් තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ.
    උඹ කියන හැමෝටම එක නිතියක් හැදුනොත් මිනිස්සුන්ගේ discipline හැදීලා රට හැදෙයි.හැබැයි අපේ හොරා අපිට හොදයි කියන උන් එක්ක කොහොමද බන් මේක කරන්නේ.
    system change එකකට පිටරටක ඉදලා හරි support කරන්නේ එකයි බන් .
     
    උඹ කියන දේ ඇත්ත. ඉගෙන ගත්ත එවුනුත් පවතින ක්‍රමයටම කඩේ යනවා. හැබැයි මේ ගැන වෙනදාට වැඩිය දැනුවත් භාවයක් මිනිස්සු අතර තියනවා. අපි සුභවාදීව හිතමු තව ටික කාලයක් යනකොට මේ අවශ්‍යතාවය මිනිස්සුන්ට තදින්ම දැනිලා political system එක වෙනස් කරන්න pressure එකක් දෙයි කියලා. ඒ දේ වෙන්න නම් දිගටම මේ මතවාදය මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. වෙනස් කරන්න බැරි දෙයක් ලෝකේ නැහැ. වෙනස් වෙන්නේ ඒකට යොදාගන්න ක්‍රමයයි ගතවෙන කාලයයි විතරයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙතන කෙස් පැලෙන තර්ක විතර්ක දානවට වඩා හොඳ නැද්ද අපේ රට ගොඩගන්න පුළුවන් හරවත් යමක් යෝජනා කරන එක..;););)

    මම විශ්වාස කරන විදිහට අපේ රට ගොඩගන්න පුළුවන් වෙන්නෙ මේ රටේ ඉක්මනින් සහ පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් වයසෙ ඉන්න තරුණයො ගොඩදාලායි. මම කතා කරන්නෙ දැනට අවුරුදු 18ත් 23ත් අතරේ ඉන්න තරුනයො ගැන (වේලිච්ච කෝටු නමන්න බෑ).

    අපි එයාලාට මොන ක්ෂෙත්‍රයෙන්ද ඉදිරියට යන්න ඕන කියන දෙයට හරි මග පෙන්වෙලා ඒ අදාල වෘතීය දැනුම ලබා දෙන්න ඕන.

    ඒක අපිට පුද්ගලික මට්ටමෙනුත් කරන්න පුළුවන් දෙයක්.