ඔබ වගේ හිතන මිනිස්සු මේ රටේ අඩුයි සහෝ. හැම එකාම බලන්නේ තමුන්ගේ ගේම කොහොමද ගහන්නේ කියලා . උ තනියෙන් දියුණු වෙලා උන්ගේ ගෑණු , ළමයි දියුණු වෙලා හිටියොත් රටට හෙන ගැහුවත් කමක් නෑ . පිටරටවල ඉන්න මගේ යාළුවො කියලා තියෙනව ලංකාව හොඳ වෙනවනම් ඒ කියන්නේ අපි කතා කරපු ටික තියෙනවනම් උන් හෙට උනත් එන්න කැමතියි කියලා . බලන්න අපි කිහිප දෙනෙක්ට අවබෝධ වෙන දේ ආර්ථික විෂයේ කෙළ පැමිණුනා කියන එවුන්ට තේරෙන්නේ නෑ . එක්කෝ උන් පට්ටපල් හොරු නැත්තම් ඉගෙන ගත්තට ප්‍රඥාව නැති එවුන් .
පොදු ප්‍රවාහන සේවය සෑහෙන්න දියුණු කරන්න ඕනේ . උදාහරණයක් විදියට කොළඹට උදේට එන වාහනවල එන්නේ එක්කෙනයි දෙන්නයි . හැබැයි ඒ අය එන්නේ හෝමාගම , කොට්ටාව , මහරගම , නුගේගොඩ , කඩුවෙල , මාලබේ , අතුරුගිරිය ,පානදුර , මොරටුව ,කොලොන්නාව වගේ ප්‍රධාන නගරවලින් . ආණ්ඩුවෙන් මේ නගරවල ලොකු ඉඩම් අරගෙන තට්ටු ගාණක රථ ගාලවල් හදලා එතන ඉදන් සුකෝපභෝගී බස් දැම්මනම් කොච්චර මිනිස්සුන්ගේ කාලය මුදල් ඉතිරි වෙයිද ? හිතන්න එක බස් රථයක මිනිස්සු 40 යන්න පුළුවන් නම් පාරට වාහන 30 විතර එන එක අඩුවෙනවා . ඒ වගේම හිතින් තරහ අරගෙන පාරේ යන අය එක්ක බැණ ගන්න ඕනේත් නෑ .
ඒක සම්පූර්ණයෙන්ම ඇත්ත. traffic jam නිසා මිනිස්සුන්ගේ ඵලදායක ශ්‍රම පැය ( productive labour hours ) මිලියන ගණනාවක් දවසකට අහිමි වෙනවා ඇත්ද? කොළඹට එන පාසැල් ළමුන් පිළිබඳව කරපු සමීක්ෂණයකදී එලිවුන කරුණු වලට අනුව ප්‍රධාන පාසල් කිහිපයකට තදාසන්න නගර වලින් එන පාසැල් බස් රථ, වැන් රථ හා වෙනත් වාහන හේතුවෙන් නගරයේ අධික තදබදයක් ඇතිවෙනවා. මේකට පිලියමක් විදිහට කොළඹට තදාසන්න හෝමාගම, මොරටුව, කඩවත, වත්තල, මාලඹේ වගේ නගර වල ප්‍රධාන පාසල්වල ශාඛා ඇති කරන්න පුළුවන් නම් ඔය වාහන කොළඹට එන එක අඩුවෙනවා. දැන් smart class room වගේ නවීන තාක්ෂණික ක්‍රමවේද තියන නිසා අධ්‍යාපනයේ ගුණාත්මකබව රැකගෙන එම පාඩම එම මොහොතේම ශාඛා පාසැලේ උගන්නන්න පුළුවන්. මේක දියුණු රටවල කරනවා මම දැකල තියනවා.
එක සැරයක් ඉන්දියාවට ගිය වෙලේ මම දැක්ක දෙයක් තමයි office, companies වැඩ පටන් ගන්නේ උදේ 10.00 ට. හවස 6.00 වෙනකන් වැඩ කරනවා. school time එකත් එක්ක අධික වාහන තදබදයක් ඇතිවීම වලක්වගන්න එක තමයි මේකේ අරමුණ.
මෙන්න මේ ප්‍රතිපත්ති සකස් කිරීමට තමයි මම මුලින් කියපු උගත් බුද්ධිමත් වෘත්තීයවේදීන්ගේ දායකත්වය අවශ්‍ය. උන් ඔක්කොම රට ඇරලා ගියාම ඉතුරුවෙන්නේ කෝච්චියේ මාල කඩපු රත්තරන් වගේ උන්ට චන්දෙ දෙන නූගත් මොට්ටයෝ ටිකක් විතරයි. ඒ වගේ උන්ව ටකරමකට, සිමෙන්ති කොට්ටේකට රවට්ටන්න ලේසියි. ඉගෙනගත්තු වෘත්තිකයෙක් ආර්ථික අතින් ශක්තිමත් නිසා මේ චක්‍රයට අහුවෙන්නේ නැතුව හරි ක්‍රමවේදයකට රටේ දිශාව වෙනස් කරන්න බලපෑම් කරන්න පුළුවන්.
අවාසනාවකට උන් ඔක්කොම එන්න ඉන්නේ රට හදල දුන්නට පස්සේ. දැන් අපි විතරද හදන්න ඕනේ. උන් ඉන්නේ facebook එකෙන් advice දෙන්න විතරයි.
ඒකයි මම මුලින්ම කිව්වේ උන් හදන්නේ අපි ලවා සිල් රක්කවලා උන් නිවන් යන්න.
Last edited:






