පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මම විශ්වාස කරන විදිහට අපේ රට ගොඩගන්න පුළුවන් වෙන්නෙ මේ රටේ ඉක්මනින් සහ පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් වයසෙ ඉන්න තරුණයො ගොඩදාලායි. මම කතා කරන්නෙ දැනට අවුරුදු 18ත් 23ත් අතරේ ඉන්න තරුනයො ගැන (වේලිච්ච කෝටු නමන්න බෑ).

    අපි එයාලාට මොන ක්ෂෙත්‍රයෙන්ද ඉදිරියට යන්න ඕන කියන දෙයට හරි මග පෙන්වෙලා ඒ අදාල වෘතීය දැනුම ලබා දෙන්න ඕන.

    ඒක අපිට පුද්ගලික මට්ටමෙනුත් කරන්න පුළුවන් දෙයක්.

    මේ කතාවත් හරි . ඒවුනාට මුලින්ම හැදෙන්න ඕන දේ කෘෂිකර්මය . බලන්න අපේ ඉස්සර රජ දරුවෝ මුලින්ම කරලා තිබ්බෙත් ඒක . මොනවා කරන්නත් මිනිස්සු කාලා බීලා ඉන්න ඕනේ .ඕකට පිළියමක් දෙන්න බැරිනම් වෙන මොනදේ හැදුවත් බෑ . හොඳම උදාහරණය ඉන්දියාව අදුනගෙන තියෙනවා උන්ට තියෙන ලොකුම අභියෝගය කෘෂිකර්මයේ අනාගතය කියලා . අපිට ඒ ප්‍රශ්නේ දැනෙන්නේ නෑ මොකද පිටරටින් කෑම එනකන් වීරෝ පට්ටං ගහගෙන ඉන්නවනේ .උන් ගණන් වැඩි කරොත් අපි වැඩි ගාණට ගන්න ඕනේ . බඩු නැහැ කිව්වොත් බඩගින්නේ .අනිවාර්යෙන් ජනගහන පාලනයක් කරන්න ඕනේ.එක පවුලකට ළමයි 2 විදියට . සිංහල එවුන් නෙමේනේ කොහොමත් වැඩිපුර ළමයි හදන්නේ තම්බිනේ . නැත්තම් ජනගහනය දෙගුණ වෙන කාලය අඩු වෙනවා . ලංකාවේ ඉඩ ප්‍රමාණය වැඩි වෙන්නේ නෑනේ .වෙන්නේ කෘෂිකර්මයට තියෙන ඉඩම් ටිකෙත් ගෙවල් හදන එක .ඒ දේ පොල් වතුවලට දැනටත් වෙලා තියෙන්නේ . ඉතින් පොල් පිට රටිනුත් ගේනවා . කාලයක් ප්‍රධාන අපනයන බෝගයක් .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.

    කියලා වැඩක් නෑ බන්. මගෙත් යාලුවෝ නෑයෝ කීපදෙනෙක් ඉන්නවා. පී ආර් තියෙන. මුන් "මේ රට බේරගන්න හම්බෙන අන්තිම අවස්ථාවයි. අපේ ළමයින්ට රටක් ඕනෙ " කිය කිය මැරෙන්න හදනවා.

    මම් දෙතුන් දෙනෙකුගෙන් ඇහුවා නිකමට වගේ උඹලා ළඟදී එනවද කියලා? උන් අහනවා උඹට පිස්සුද කියලා. ආයෙ ලංකාව දිහා බලන් බත් කන්නෙවත් නෑලු.

    ඔන්න ඕඉකයි ගොඩක් උන්ගෙ තත්වෙ.
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. .

    මේක එහෙම්මම අදාල කරගන්නත් බෑ, ඉගෙන ගත්තු උන් හිටිය කියල , ඒ උගතුන්ගෙන් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තන්, උගතුන්ට තමන්ගෙ කැපැසිටි එකෙන් ප්‍රයොජන ගන්න විදියක් නැත්තන්, අවස්තාවන් දෙන්නෙ නැත්තන් ,මොකද කරන්නෙ,
    දන් බලන්න සංවර්දන නිලධාරී කියල දෙන උපාදි පත්වීම්, එ නිකන් නාස්තියක් , කරන්න වැඩකුත් නැ ගොඩක් අයට , කරන්න දීල තියන වැඩත් ගොඩක් වෙලාවට ඵලදායී නෑ. සමහර ගුරු පත්වීම්, 1 වසර ,2 වසර පන්ති වලට දාල.........
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Machan rata idan rata hadana eka gana katha karana eke awla mokakda? Unuth ratata adarei..

    Habai samahara kalakanni innawa un me hena poor families walin awilla passe kohomahari degeree dala rata gihilla ehe masters karala lankawata thuk nodakin kiyana ewun...unta nam tiyenne wenama puke amaruwak gon hathha..Status penna ganna show ekak denawa a wage heena mane tiyena ewun..

    A wage background ekak tiyena ewun nam oya wage poral talk denawa..

    A unata wena rataka ididdi tamai lankawe watinakama danenne..Wena rataka jeewath wena ekekta heenen unath penne lankawe gahakola ban..Ithin a gana hithankota pattama hithata awlak enawa..

    Awankawa lankawe parisareta adaer karana minissunta athhatama guilty nemei me inna politicians lawa maragena kanna kenhiyak enawa..mokada un kalakannii nisa tamai apita me rata ratawal wala duk widinna wenne kiyala
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    කතාව ඇත්ත මචං, තමන්ගේ ආර්ථික ස්ථාවරය හදාගන්න හරි උසස් ජීවන මට්ටමක් ලඟාකරගන්න හරි නැත්නම් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන රැකියාවක් කරන්න හරි පිටරට ගියාට ඇති ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියන්නේ එහෙම ගිය සමහර එවුන් ලංකාව ඉතාම පහත් කරලා කතාකරන ගමන් ලංකාවේ ඉතිරිවෙලා ඉන්න එවුන් පල් මෝඩයෝ කියල හිතන එකයි.

    එක සැරයක් Aussie වලට ගිය වෙලාවේ මගේ යාලුවෙකුගේත් යාලුවෙකුගේ ගෙදර පාටි එකකට ගියා. ඒකට ආපු ලංකාවෙන් ගිය හැම එකාම නිකන් මෙහෙ ඉන්නේ ගෝත්‍රිකයෝ ගානට තමයි කතාකලේ. මුන්ගේ අම්මලා තාත්තලා තාම ඉන්නේ ලංකාවේ.උන් නිකන් අඟහරු ලෝකෙන් ආව වගේ තමයි පොර ටෝක්ස් දුන්නේ. තමන්ගේ රටට ආදරේ නැති එකා පිටරටකට ආදරේ වෙයිද බං. මට ඇත්තටම අප්‍රසන්න වුනා. ටික වෙලාවක් ඉඳලා මම ආපහු හොටෙල් එකට ආවේ හරිම කලකිරීමකින්.

    අනික අපිට මවලා පෙන්නුවට උන්ව ඒ සංස්කෘතියේ පිලිගන්නේ නැහැ. Discrimination තියනවා. උන් ඒක අපිට පෙන්නන්නේ නැහැ. මම මාසයක් විතර එහෙ හිටියා.මට ඒක හොඳට තේරුනා මචං.

    අනික උඹ කියන දේ හරි. මේ රට කාලකන්නි කරලා තියන්නේ political system එක විසින්. මේක හරි විදිහට හදාගත්තොත් අපි ඔක්කොම ගොඩ. අන්න එතෙන්ට තමයි අපි සමාජයක් විදිහට ලොකු පීඩනයක් ඇති කරන්න ඕනේ. අපි පෙන්නන්න ඕනේ දැන් අපි හිතන විදිහ වෙනස් කියලා.ඒ වෙනසට අනුගත් නොවුනොත් දේශපාලකයෝ වෙන උඹලාත් විසි කරන්න අපි සූදානම් කියලා.
     
    අනික අපිට මවලා පෙන්නුවට උන්ව ඒ සංස්කෘතියේ පිලිගන්නේන්නේ නැහැ. Discrimination තියනවා. උන් ඒක අපිට පෙන්නන්නේ නැහැ. මම මාසයක් විතර එහෙ හිටියා.මට ඒක හොඳට තේරුනා මචං.

    අනික උඹ කියන දේ හරි. මේ රට කාලකන්නි කරලා තියන්නේ political system එක විසින්. මේක හරි විදිහට හදාගත්තොත් අපි ඔක්කොම ගොඩ. අන්න එතෙන්ට තමයි අපි සමාජයක් විදිහට ලොකු පීඩනයක් ඇති කරන්න ඕනේ. අපි පෙන්නන්න ඕනේ දැන් අපි හිතන විදිහ වෙනස් කියලා.ඒ වෙනසට අනුගත් නොවුනොත් දේශපාලකයෝ වෙන උඹලාත් විසි කරන්න අපි සූදානම් කියලා.

    Uba kiyana eka patta athha..A wage ewun innawa unta tiyenawa HEENAMANAYAK...

    Mageth innawa ban un Aussie yaluwo set ekak..Un thama PR eka dalath na inne nikan Citizenshiputh gathha wage :D

    Owa ganan ganna epa mithraya oya wage sillara kola nikana kala beela adala loketa hena pada show pennala marila yanawa

    Oya kiwwa wage rata beraganna eka api ekathu wela karanna one..Me rata sinahala minissu kohomahari dinawanna one..Mokada mechharai inne mulu loketama..

    Math inne rata saho..Ekak tiyenawa ratata adare minissunta me athme nathath labana athme hari hariyanawa mithraya..

    Gala uda ipadila gale paharana ewunta ithin aithi apayama tamai..

    Me ratata thuk nodakin kiyana ewun labana athma wala ipadenne oya ithiopia wage ratawalama tama
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    කතාව ඇත්ත මචං, තමන්ගේ ආර්ථික ස්ථාවරය හදාගන්න හරි උසස් ජීවන මට්ටමක් ලඟාකරගන්න හරි නැත්නම් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට සරිලන රැකියාවක් කරන්න හරි පිටරට ගියාට ඇති ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියන්නේ එහෙම ගිය සමහර එවුන් ලංකාව ඉතාම පහත් කරලා කතාකරන ගමන් ලංකාවේ ඉතිරිවෙලා ඉන්න එවුන් පල් මෝඩයෝ කියල හිතන එකයි.

    එක සැරයක් Aussie වලට ගිය වෙලාවේ මගේ යාලුවෙකුගේත් යාලුවෙකුගේ ගෙදර පාටි එකකට ගියා. ඒකට ආපු ලංකාවෙන් ගිය හැම එකාම නිකන් මෙහෙ ඉන්නේ ගෝත්‍රිකයෝ ගානට තමයි කතාකලේ. මුන්ගේ අම්මලා තාත්තලා තාම ඉන්නේ ලංකාවේ.උන් නිකන් අඟහරු ලෝකෙන් ආව වගේ තමයි පොර ටෝක්ස් දුන්නේ. තමන්ගේ රටට ආදරේ නැති එකා පිටරටකට ආදරේ වෙයිද බං. මට ඇත්තටම අප්‍රසන්න වුනා. ටික වෙලාවක් ඉඳලා මම ආපහු හොටෙල් එකට ආවේ හරිම කලකිරීමකින්.

    අනික අපිට මවලා පෙන්නුවට උන්ව ඒ සංස්කෘතියේ පිලිගන්නේ නැහැ. Discrimination තියනවා. උන් ඒක අපිට පෙන්නන්නේ නැහැ. මම මාසයක් විතර එහෙ හිටියා.මට ඒක හොඳට තේරුනා මචං.

    අනික උඹ කියන දේ හරි. මේ රට කාලකන්නි කරලා තියන්නේ political system එක විසින්. මේක හරි විදිහට හදාගත්තොත් අපි ඔක්කොම ගොඩ. අන්න එතෙන්ට තමයි අපි සමාජයක් විදිහට ලොකු පීඩනයක් ඇති කරන්න ඕනේ. අපි පෙන්නන්න ඕනේ දැන් අපි හිතන විදිහ වෙනස් කියලා.ඒ වෙනසට අනුගත් නොවුනොත් දේශපාලකයෝ වෙන උඹලාත් විසි කරන්න අපි සූදානම් කියලා.

    අපි රවුමට රවුමට ඇවිල්ලා එකම තැනට එන්නේ දේශපාලුවෝ එළවන්න ඕනේ කියලා .මම නම් හිතන්නේ නෑ ඒක මේ ලගකදී වෙයි කියලා .
    ඕනේම රටක අපි මහ ජාතිය නෙමේ නම් discrimination වලට මුහුණ දෙන්න වෙනවා . දැන් ලංකාවේ ඉන්න අපි වතු දෙමලව තම්බින්ව ගණන් ගන්නවද නෑනේ . ඒ වගේ තමා . ඒක වැරදියි නමුත් එහෙම තමා ගොඩක් සමාජ හැදිලා තියෙන්නේ . හැබැයි ජපානේ නම් තත්වේ ටිකක් වෙනස් කියලා දන්න මිනිස්සු කියන්නේ .
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Uba kiyana eka patta athha..A wage ewun innawa unta tiyenawa HEENAMANAYAK...

    Mageth innawa ban un Aussie yaluwo set ekak..Un thama PR eka dalath na inne nikan Citizenshiputh gathha wage :D

    Owa ganan ganna epa mithraya oya wage sillara kola nikana kala beela adala loketa hena pada show pennala marila yanawa

    Oya kiwwa wage rata beraganna eka api ekathu wela karanna one..Me rata sinahala minissu kohomahari dinawanna one..Mokada mechharai inne mulu loketama..

    Math inne rata saho..Ekak tiyenawa ratata adare minissunta me athme nathath labana athme hari hariyanawa mithraya..

    Gala uda ipadila gale paharana ewunta ithin aithi apayama tamai..

    Me ratata thuk nodakin kiyana ewun labana athma wala ipadenne oya ithiopia wage ratawalama tama

    උඹලට ඉන්නේ අමුතු යාලුවෝ :lol::lol::lol:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේක එහෙම්මම අදාල කරගන්නත් බෑ, ඉගෙන ගත්තු උන් හිටිය කියල , ඒ උගතුන්ගෙන් හරියට ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තන්, උගතුන්ට තමන්ගෙ කැපැසිටි එකෙන් ප්‍රයොජන ගන්න විදියක් නැත්තන්, අවස්තාවන් දෙන්නෙ නැත්තන් ,මොකද කරන්නෙ,
    දන් බලන්න සංවර්දන නිලධාරී කියල දෙන උපාදි පත්වීම්, එ නිකන් නාස්තියක් , කරන්න වැඩකුත් නැ ගොඩක් අයට , කරන්න දීල තියන වැඩත් ගොඩක් වෙලාවට ඵලදායී නෑ. සමහර ගුරු පත්වීම්, 1 වසර ,2 වසර පන්ති වලට දාල.........

    මේකට මම 100% එකඟයි මචං, උගතුන්ගෙන් නිසි ප්‍රයෝජන ගන්න ඕනේ. රටක් දියුණුකරන්න අවශ්‍ය පදනම දැමෙන්නේ අධ්‍යාපනයෙන්. සිංගප්පූරුව දියුණු කරපු සැලැස්මේ lee kuan yew අප්‍රකාශිතව ප්‍රමුඛත්වය දුන්නේ අධ්‍යාපනයට. ඒ රටේ භාෂා ගණනාවක් තිබුනත් අධ්‍යාපන මාධ්‍ය කලේ ඉංග්‍රීසි භාෂාව. ලෝකයත් එක්ක ගනු දෙනු කරන්න භාෂාවේ ඇති වැදගත්කම lee දැනගෙන හිටියා.

    එත් අපේ රටේ රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන් SWRD බණ්ඩාරනායක කලේ තමන්ගේ පැලැන්තිය ආරක්ෂා කරගනිමින් පහල පන්තියේ පුරවැසියන්ට ඉහලට නැගීමට තිබෙන අවකාශය සූක්ෂ්මව අහුරා දැමීමයි. CWW කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ගෙන එකට මුලින්ම විරුද්ධ වුනෙත් ඔය බණ්ඩාරනායකම තමයි. අපේ තාත්තලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මධ්‍ය මහා විද්යාලවල ඒ දවස් වල ඉගෙන ගෙන තිබුනේ. අපිට ඒ අවස්ථාව අහිමි වුනා. ලෝකයේ හොඳම දැනුම් ගබඩා තියන්නේ ඉංග්‍රීසියෙන් ලියවුන පොත්පත් තුල කියන එක අවිවාදිතයි.

    අනික මචං, අපේ graduates ලා ගේ දැනුම ගැන කියලා වැඩක් නැහැ. උන් ඉන්නේ නූතන දැනුමට ගව්ගානක් පිටිපස්සෙන්. බහුතරයක් ඉගෙනගන්න කාලේ strike කරනවා මිසක් තමන්ට හම්බ වුන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්නේ නැහැ. ගොඩක් එවුන් out වෙනකොට softskills නැහැ. හරි දැනුමක් නැති නිසා risk එක අරන් වැඩ කරන්න බයයි. confident නෑ.අපේ curriculum රැකියාභිමුඛ නැහැ. update වෙන්නේ ඉබි ගමනින්. ඉතින් එලියට ආපු එවුන්ට රජයේ රැකියා හොයනවා ඇර වෙන විකල්පයක් නැහැ. උන්ව පෞද්ගලික අංශයෙන් accept කරන්නේ නැහැ.

    අනිත් දේ තමයි වෙන රටවල university වලින් පිටවෙන උපාධිධාරීන් Entrepreneurs ලා විදිහට රැකියා රාශියක් ආර්ථිකයට බිහි කරනවා. ලංකාවේ ඕනේ තරම් Management Degree , MBA කරපු එවුන් ඉන්නවා. උන් රජයේ රැකියාවකට රිංගන්න බලාගෙන ඉන්නවා මිසක් තමන්ගේ දැනුමෙන් නව රැකියා උත්පාදනයක් කරන්න ජීවිතේට හිතන්නෙවත් නැහැ.
     
    Last edited:

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Mama nam kiyanne Polonnaruwe govithan karala hamba karan kana minihekui Aussie wala gihilla study karana gaman toilet hodala hari salli hamba karala mahanci wela PR ekadaganna try karana porakui atahre wenasak na...

    Onna oya widihata minissu hama ekatama hama job ekakatama respect karana dawasata tamai me rata hadenne...

    Habai oya samahru innawa mula amathaka wesige puthala tikak..hamoma nemei..

    Hoda kolla innawa ban PR ekath dala mulu paramparawama goda daganna try karana ela kollo..
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම විශ්වාස කරන විදිහට අපේ රට ගොඩගන්න පුළුවන් වෙන්නෙ මේ රටේ ඉක්මනින් සහ පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් වයසෙ ඉන්න තරුණයො ගොඩදාලායි. මම කතා කරන්නෙ දැනට අවුරුදු 18ත් 23ත් අතරේ ඉන්න තරුනයො ගැන (වේලිච්ච කෝටු නමන්න බෑ).

    අපි එයාලාට මොන ක්ෂෙත්‍රයෙන්ද ඉදිරියට යන්න ඕන කියන දෙයට හරි මග පෙන්වෙලා ඒ අදාල වෘතීය දැනුම ලබා දෙන්න ඕන.

    ඒක අපිට පුද්ගලික මට්ටමෙනුත් කරන්න පුළුවන් දෙයක්.

    ඔව්. තරුණයෝ නම්‍යශීලී සහ අවදානමයි අභියෝගයි භාරගන්න ලෑස්ති නිසා රටක ප්‍රගමනයට හොඳින්ම යොදාගන්න පුළුවන් ඔවුන්වයි.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    කියලා වැඩක් නෑ බන්. මගෙත් යාලුවෝ නෑයෝ කීපදෙනෙක් ඉන්නවා. පී ආර් තියෙන. මුන් "මේ රට බේරගන්න හම්බෙන අන්තිම අවස්ථාවයි. අපේ ළමයින්ට රටක් ඕනෙ " කිය කිය මැරෙන්න හදනවා.

    මම් දෙතුන් දෙනෙකුගෙන් ඇහුවා නිකමට වගේ උඹලා ළඟදී එනවද කියලා? උන් අහනවා උඹට පිස්සුද කියලා. ආයෙ ලංකාව දිහා බලන් බත් කන්නෙවත් නෑලු.

    ඔන්න ඕඉකයි ගොඩක් උන්ගෙ තත්වෙ.

    :yes::yes::yes::yes::yes:
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මචං, මම ලිඳෙන් එළියේ ඕනෑතරම් දැකල තියන නිසා තමයි මේක කිව්වේ. උඹ කියපු නූගත් දේශපාලකයන්ට ඔලුව නමාගෙන ඉන්න වෙන කතාව හරියට හරි. ඇත්තම උදාහරණයක් කියන්නම්. මගේ අල්ලපු ගෙදර ඉන්නේ oxford university එකෙන් PhD එකක් ගත්තු senior lecturer කෙනෙක්. හොඳ ගතිගුණ තියන උගත් මනුස්සයෙක්. එත් තාම පාවිච්චි කරන්නේ 2013 විතර හදපු Micro Jeep එකක් . මොකද ලංකාවේ විශ්වවිද්‍යාල වල ගෙවන වැටුපෙන් housing loans වලට එහෙම කැපිලා අතට එන පඩියෙන් වෙන ලොකු දෙයක් කරන්න නොහැකි වීම. නමුත් ගිය පාර පළාත් පාලන චන්දෙන් ආපු ප්‍රාදේශීය සභා මන්ත්‍රියා යන්නේ ලක්ෂ 400 කටත් වඩා වටිනා Landcruiser එකකින්. පඩිය රු.15,000/- යි.මේකා තුන් සැරයක් විතර ප්‍රාදේශීය සභාවේ ඉඳලා තියනවා. OL විතරයි යන්තමට පාස්. පට්ට හොරෙක්. අතේ සතේ නැතුව ඉඳලා දිනුවට පස්සේ කොන්ත්‍රාත් වලින් පගාව අරන් තමයි පොහොසත් වෙලා තියන්නේ. දැන් උන් තමයි ලංකාවේ නූගත් බහුතරයක් පොරවල් විදිහට සලකන්නේ.

    මෙන්න මේ දේවල් වෙනස් කරන්න තමයි මචං ඕනේ. ඒක කරන්නෙ නැතුව අපි ඔක්කොම ලංකාවෙන් පැන්නොත් මේ ජරාජීර්ණ ක්‍රමයම තවත් worst විදිහට වැඩිවෙයි. හැබැයි මම මෑත කාලයේ දැක්ක හොඳ ප්‍රවණතාවයක් තමයි අලුත් සමාජය තුල මේ ගැන විද්වත් කතිකාවතක් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් social media භාවිතය වැඩිවීම තුල මිනිස්සු විවෘතව සහ පුළුල්ව මේ ගැන අදහස් පල කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට රටේ රැදී ඉඳිමින් සක්‍රීයව දායක වෙන්න පුළුවන් නම් මිසක් රටෙන් පැනල ගිහින් මේක කවදාවත් හදන්න බැහැ කියා කියා ඉන්න එක නෙමෙයි නියම විසඳුම.

    උදාහරණයක් විදිහට යුද්ධය ගනින්කෝ. මේක කවදාවත් දිනන්න බෑ කියලා අපි ඔක්කොම වෙන වෙන රටවල් වලට පැනල හිටියා නම් අපිට රටක් ඉතුරු වෙයිද ? පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඒ තුලම රැදී ඉඳිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙනුයි.

    අපේ රටේ හොඳ නැත්තේ systems මිස මිනිස්සු නෙමේ. හරි system එකක් තිබුනානම් මිනිස්සු අනිවාර්යයෙන්ම එකට අනුගත වෙනවා. උදාහරණයක් විදිහට පිටරටවල මිනිස්සු high speed යන්නේ නැත්තේ , බීලා එලවන්නේ නැත්තේ ඒ රටවල් ඒවා මොනිටර් කරන්න හරි සිස්ටම් දාල තියන නිසා . මිනිස්සු බයයි අහුවෙන නිසා. අපේ රටේ වගේ අඳුනන පොලිසියේ ලොක්කෙකුට කතාකරලා බේරිලා යන්න බැහැ. අගමැති වුනත් නීතිය කැඩුවොත් දඩය ගෙවන්න ඕනේ. ඒ නැතුව පිටරට මිනිස්සු හොඳ එවුන් හින්දා නෙමේ. උන් අපිටත් වඩා පට්ට හොරු. නමුත් සිස්ටම් එකට බය නිසා discipline තියනවා. ලංකාවෙත් ඕක කරන්න හොඳටම පුළුවන්. මතකද එක කාලෙක මිනිස්සු පාරේ තැන තැන කුණු දැම්මේ නැහැ. මොකද තමන්ව මොනිටර් වෙන නිසා.

    ඉතින් මචං ඕක කරන්න පිටරටට වෙලා ඉඳන් බැහැ. අපිම තමයි මේ කතිකාවත පුළුල්ව සමාජගත කරන්න වගේම ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න ඕනේ. එතකොට අපිට අපරාධ නැති, නීතිය හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙන, හැමෝටම තම මූලික අවශ්‍යතා සපුරාගත හැකි මට්ටමේ ආදායමක් ලැබෙන, වංචා දූෂණ වලින් තොර , සතුටෙන් ජීවිතය ගෙනියන්න පුළුවන් රටක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරියට නිකන් Scandinavian countries වල වගේ.

    ඒ හින්ද මේක ලිං කටෙන් එළියේ ලෝකය හදාගන්න ලිඳ ඇතුලෙම ඉඳන් කරන්න ඕන දෙයක් .

    උඹේ කතාවට එකඟයි මචෝ. කවුරුත් නොකියන ඇත්ත ඕකයි.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Uba kiyana eka patta athha..A wage ewun innawa unta tiyenawa HEENAMANAYAK...

    Mageth innawa ban un Aussie yaluwo set ekak..Un thama PR eka dalath na inne nikan Citizenshiputh gathha wage :D

    Owa ganan ganna epa mithraya oya wage sillara kola nikana kala beela adala loketa hena pada show pennala marila yanawa

    Oya kiwwa wage rata beraganna eka api ekathu wela karanna one..Me rata sinahala minissu kohomahari dinawanna one..Mokada mechharai inne mulu loketama..

    Math inne rata saho..Ekak tiyenawa ratata adare minissunta me athme nathath labana athme hari hariyanawa mithraya..

    Gala uda ipadila gale paharana ewunta ithin aithi apayama tamai..

    Me ratata thuk nodakin kiyana ewun labana athma wala ipadenne oya ithiopia wage ratawalama tama

    :D:D:D:D:D
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Mama nam kiyanne Polonnaruwe govithan karala hamba karan kana minihekui Aussie wala gihilla study karana gaman toilet hodala hari salli hamba karala mahanci wela PR ekadaganna try karana porakui atahre wenasak na...

    Onna oya widihata minissu hama ekatama hama job ekakatama respect karana dawasata tamai me rata hadenne...

    Habai oya samahru innawa mula amathaka wesige puthala tikak..hamoma nemei..

    Hoda kolla innawa ban PR ekath dala mulu paramparawama goda daganna try karana ela kollo..

    එකඟයි මචං, රැකියාවල උස් පහත් බේදයක් තියෙන්න බැහැ. ඔක්කොම රැකියා වැදගත්. කුණු ට්‍රැක්ටරේ එකා වැඩ නොකොළොත් අපිට නහය ඇරගෙන පාරේ යන්න පුලුවන්ද ? හැම රැකියාවකටම ගරුත්වයක් තියනවා. අවාසනාවකට ලංකාවේ තාමත් හිතන් ඉන්නේ දොස්තරලයි, ඉන්ජිනේරුවෝයි, නීතීඥයෝයි තමයි වැදගත් රස්සා කරන්නේ කියලා. ඉස්සර ලංකාවේ රජකාලේ පවා එහෙම හිතුවේ නැහැ. රෙදි හෝදන අය, වලන් හදන අය, කම්මල් වැඩ කරන අය ඒ ඒ කුලවලට වෙන් කලේ වෘත්තීය නොනැසී අඛණ්ඩව පවත්වාගෙන යන්නයි. පස්සේ කාලයේ ඉන්දියාවේ බමුණන්ගේ අභාෂයෙන් කුල බේදය ලංකාවට ආවට පස්සේ තමයි එක එක වෘත්තීන් උස පහත් විදිහට සලකන්න පටන් ගත්තේ.

    පිට රටවල නම් දොස්තරයි ඇටෙන්ඩනුයි රාජකාරියෙන් පස්සේ එකම pub එකේ එක මේසේ දෙපැත්තේ ඉඳන් ෂොට් එකක් දාන්නෙ. ;)

    ලංකාවෙනම් මේ අතින් ඉන්නේ ආචීර්කල්පිත යුගයේ. :sorry::sorry::sorry::sorry::sorry:
     
    මම දැක්කා fb එකේ පොස්ට් එකක් යනවා ත්‍රීවීල් එළවන කෙනෙක්ට මොන්ටෙරෝ එකක යන මහාචාර්ය කෙනෙක් බැනලා පොලිසියට යනවා . බලන් ගියාම පොලිසියේ ස්ථානාධිපති ත්‍රීවීල් මනුසසයා . හැබැයි හැපිච්ච තැනදී ඒවා මුකුත් කියන්නේ නෑ . පොලිසියේදී තමයි කියන්නේ මොකද පොලිසිය ඇතුලේ තමයි එයා ස්ථානාධිපති. අර මහාචාර්යටත් එච්චරයි කියලා එයා පැහැදිලි කරනවා .
    හැබැයි මංගල දැන්වීම් බැලුවොත් දැකලා තියෙනවද වෛද්‍ය ,ඉන්ජිනේරු,ව්‍යාපාරික ඇරෙන්න වෙන රැකියා දාලා තියෙනවා ? බොහොම කලාතුරකින් තියෙයි . එතකොට ගොවියන්ට , කුණු ට්‍රැක්ටරේ වැඩ කරන මිනිස්සුන්ට පත්තරේ බලලා ලොවෙත් කසාද බඳින්න බෑ . වෙන විදියකට කිව්වොත් ඒ මිනිස්සුන්ගේ රස්සා රස්සාවල් විදියට සලකන්නේ නෑ .
    අඩු කුලේ මිනිහෙක් කියලා රජ උනේ ශ්‍රීමත් ආදරණීය පියානෝ විතරයි . පොඩි මිනිස්සු ඒ කාලේ කිව්වේ අන්න අපේ කෙනෙක් රජ උනා කියලා . ගම්උදාව ඇරෙන්න ජෙප්පෝ ටික ටයර් උඩ ගිය එක තමා උනේ . උනුත් කොළඹ 7 එවුන් නෙමේනේ . ගම්වල ළමයි තමයි බහුතරයක් .
     
    බොරු කියන්නේ මොකටද? මමත් කසාද බඳින්න හෙව්වේ Doctor කෙනෙක්ව තමයි. ඒ කාලේ අපෙත් ඔළුවල තියන්නේ ඔය ආකල්පයම තමයි. හැබැයි මගේ යාලු doctors ලා කිව්වා උඹට පිස්සුද බං ඩොකෙක් බඳින්න. උඹට ජීවිතයක් නැතිවෙයි උන්ට night shift වල වැඩ වැටුනහම. අනික හරි stress ජොබ් එකක් නිසා ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා කියලා. උන් මගේ අතිජාතම මිත්‍රයෝ නිසා මමත් එක අහලා මුල් අදහස අතඇරලා දැම්ම. පස්සේ බැඳලා ළමයි ඉන්න කාලේ තමයි තේරුනේ උන්ගේ advice වල වටිනාකම. අනික දොස්තරලාට කරන සේවයට සරිලන පඩියක් හම්බවෙන්නෙත් නැහැ. උන්ට වඩා හොයන ජොබ් කරන එවුන් ඕනෙතරම් ඉන්නවා.

    මගෙත් යාලුවෙක්ගෙ wife කෙනෙක් ඉන්නවා consultant doctor කෙනෙක්. hospital duty වලින් පස්සේ channeling බරගානක් කරලා මහා රැ ගෙදර යන්නේ. මම දන්නේ නැහැ ළමයින්ට අම්මා දකින්නවත් හම්බ වෙනවද කියලා. උනුත් පව් බං .කට්ට කාල ඉගෙනගෙන හරි ආදායමක් හොයා ගන්න තමයි උත්සාහ කරන්නේ. එත් අපි බාහිරින් දකින ජීවිතයට වඩා සැබෑ ජීවිතය වෙනස්.

    ප්‍රශ්නේ බං මම ඔය කියපු doctor ව බැඳපු යාලුවත් මේ දවස් වල දේශපාලන පක්ෂයකට කඩේ යන එක. ඌත් හොඳට ඉගෙන ගත්ත එකෙක්. ඌ තාම තේරුම් අරන් නැහැ මේ system එක අපි වෙනස් කල යුතුයි කියන එක. :oo::oo::oo:

    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව්. තරුණයෝ නම්‍යශීලී සහ අවදානමයි අභියෝගයි භාරගන්න ලෑස්ති නිසා රටක ප්‍රගමනයට හොඳින්ම යොදාගන්න පුළුවන් ඔවුන්වයි.

    ඊට අමතරව තරුනයින්ට හරි මග පෙන්වන්න හොද හාමුදුරු නමකගෙ නායකත්වය රටට අත්‍යාවශ්‍යයි.

    සෝම හාමදුරුවන්ගෙ අඩුව මකන්න කිසිම හිමිනමකට තවම හැකි වුනේ නෑ.

    pp-soma.jpg
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඊට අමතරව තරුනයින්ට හරි මග පෙන්වන්න හොද හාමුදුරු නමකගෙ නායකත්වය රටට අත්‍යාවශ්‍යයි.

    සෝම හාමදුරුවන්ගෙ අඩුව මකන්න කිසිම හිමිනමකට තවම හැකි වුනේ නෑ.

    pp-soma.jpg

    උඹ කියන්නේ ජාතික චින්තනය වගේ සංකල්පයක් ද ?