පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව පිළිඅරගෙන ඒ දේවල් අපි කල යුතුයි කියලා.

    ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
    ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.

    එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.

    මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන් ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් හොඳ ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.

    ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.

    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.

    :yes: :yes: :yes: :love:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ කියන්නේ ජාතික චින්තනය වගේ සංකල්පයක් ද ?

    එහෙම නම් දන්නෙ නෑ මචන්. ඒත් මම අර කියපු වයසෙ අයව හොද මගට අරන් ගොඩ දාන්න පුලුවන් කියන එක මම දන්නවා. මට ඒ සම්බන්ධව යම් අත්දැකීම් තියෙනවා. ඉතින් ඒකට හරි නායකත්වයක් අවශ්‍යයි. හිමිනමක් තමයි ඒ කාර්යට ගොඩක් සුදුසු.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    :D:D:D:D:D
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඇයි හිනාවෙන්නෙ?

    නැ බං. උඹ කියන එක හරි. හිමි නමක් හෝ වෙනත් පරිණත බුද්ධියක් තියෙන වැඩිහිටියෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ.

    :yes::yes::yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට උබේ පොයින්ට් එක තේරෙනවා මචන්. ඒත් ලංකාවෙන් පිටරට ගිය මේ වගේ හොද මිනිස්සුත් ඉන්නවා. මුලු වීඩියෝ එකම බලපන්.

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පිටරට ඉන්න උන්ට කොහෙවත් ඉත්තෑවෝ නෑ මචන්.. ලංකාවේ ඉන්න හරක් ටිකකයි උන් පාලනය කරන කම්බ හරක් ටිකයි නඩත්තු කරන්න..රට ඉන්න උන් උන්ගේන් යැපෙන ලංකාවේ ජීවත් වෙන අයටයි යාලුවොන්ටයි කරන්න ඕන යුතුකම් ටික කරනව. තව රටට කලගුනසලකීම වෙනුවෙන් පන්සල්/පල්ලි අසරණ පවුල් වලට SOS එකට වගේ උදව් කරණව වගේ දේවල් කරනව ඇරෙන්න...
    • ඉස්සෙල්ල හිතපන් මිනිස්සු පිටරට යන්නේ මොකද කියල
      හොඳ ආර්තික සාමජීය පසුබිමක ජීවත් වන්න. උදාහරණයක් විදියට කවුද කැමති පැය විසිහතරෙන් පැය 5ක් පාරේ ඉන්න??
    • ඇයි ඒ මිනිස්සු ලංකාවේ පවුල් අඳුනන අය එක්ක ඉන්න කැමති නැත්ද??
      ඇයි නැත්තේ ඒ මිනිස්සු පට්ට ආසයි.. නමුත් මිනිස්සු කැමතී නිදසේ රස්සවක් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් වාතාවරණයක් ලංකාවේ තියනවද?? ගොඩක් මිනිස්සු ආයේ ලංකාව හොඳවෙනකන් බලාගෙන ඉන්නව එන්න..
    • ඇයි ලංකාවෙ හැදෙන්නේ නැද්ද??
      නෑ ලංකාව හදන්න්න බෑ.. පාලයක ඉඳල එක වසරේ ළමය දක්වා කරන්නේ බොරුව..ඉතින් රටක් හදන්න පුලුවන්ද??
    • ඉතින් චන්දෙකදී මිනිස්සු හරි පාලකයෙක් පත්කරගනී නේ..
      ඒ ක ලංකාව ඇතුලේ යතාර්තයක් වෙන්නේ නෑ. ඒකට 2020 හොඳටම සාක්ශි.. මිනිස්සු දැන දැන වැරදිකාරයෝ පස්සෙ යනකොට තව මොන කතාද??
    • වෙන රටවල ඉන්දන් ලංකාව හදන්න හදන්නේ මොකද??
      උන් ආසයි ලංකාවට ඇවිත් ටිකක හරි කට්ට අඩුවෙන ජීවත් වෙන්න රට හොඳ පැත්තට යනව නම්.. ඒක කරගන්න තමා හදන්නේ
    • ඉතින් රට ඉන්න මිනිස්සු පට්ට හම්බ කිරිල්ලක් හම්බ කරනව නේ..
      ඔව් ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව ඔවි.. නමුත් පට්ට කට්ට කාල හරි රිස්ක් එකක් අරගෙන හරි.. ලංකාවේ රජයේ රැකියා කරන උන් වගේ අයිස් ගහල නෙමේ

    තව ලියන්න නම් ඕන තරම් දේවල් තියනව.. ටිකක් සැරට ලිව්වට සමා වෙයල්ල.. ඕනනම් බැනපල්ල කමක් නෑ
     
    • Like
    Reactions: aneasarayana

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මට උබේ පොයින්ට් එක තේරෙනවා මචන්. ඒත් ලංකාවෙන් පිටරට ගිය මේ වගේ හොද මිනිස්සුත් ඉන්නවා. මුලු වීඩියෝ එකම බලපන්.

    මේක මම දැක්කා. මම post එක දැම්මේ එහෙ ඉඳන් FB එකෙන් රට හදන්න උපදෙස් දෙන එවුන් ගැන විතරයි.

    අනුන් ලවා සිල් රක්කවලා තමන් නිවන් යන්න හදන එවුන් ගැනයි.

    :):):)
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    පිටරට ඉන්න උන්ට කොහෙවත් ඉත්තෑවෝ නෑ මචන්.. ලංකාවේ ඉන්න හරක් ටිකකයි උන් පාලනය කරන කම්බ හරක් ටිකයි නඩත්තු කරන්න..රට ඉන්න උන් උන්ගේන් යැපෙන ලංකාවේ ජීවත් වෙන අයටයි යාලුවොන්ටයි කරන්න ඕන යුතුකම් ටික කරනව. තව රටට කලගුනසලකීම වෙනුවෙන් පන්සල්/පල්ලි අසරණ පවුල් වලට SOS එකට වගේ උදව් කරණව වගේ දේවල් කරනව ඇරෙන්න...
    • ඉස්සෙල්ල හිතපන් මිනිස්සු පිටරට යන්නේ මොකද කියල
      හොඳ ආර්තික සාමජීය පසුබිමක ජීවත් වන්න. උදාහරණයක් විදියට කවුද කැමති පැය විසිහතරෙන් පැය 5ක් පාරේ ඉන්න??
    • ඇයි ඒ මිනිස්සු ලංකාවේ පවුල් අඳුනන අය එක්ක ඉන්න කැමති නැත්ද??
      ඇයි නැත්තේ ඒ මිනිස්සු පට්ට ආසයි.. නමුත් මිනිස්සු කැමතී නිදසේ රස්සවක් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් වාතාවරණයක් ලංකාවේ තියනවද?? ගොඩක් මිනිස්සු ආයේ ලංකාව හොඳවෙනකන් බලාගෙන ඉන්නව එන්න..
    • ඇයි ලංකාවෙ හැදෙන්නේ නැද්ද??
      නෑ ලංකාව හදන්න්න බෑ.. පාලයක ඉඳල එක වසරේ ළමය දක්වා කරන්නේ බොරුව..ඉතින් රටක් හදන්න පුලුවන්ද??
    • ඉතින් චන්දෙකදී මිනිස්සු හරි පාලකයෙක් පත්කරගනී නේ..
      ඒ ක ලංකාව ඇතුලේ යතාර්තයක් වෙන්නේ නෑ. ඒකට 2020 හොඳටම සාක්ශි.. මිනිස්සු දැන දැන වැරදිකාරයෝ පස්සෙ යනකොට තව මොන කතාද??
    • වෙන රටවල ඉන්දන් ලංකාව හදන්න හදන්නේ මොකද??
      උන් ආසයි ලංකාවට ඇවිත් ටිකක හරි කට්ට අඩුවෙන ජීවත් වෙන්න රට හොඳ පැත්තට යනව නම්.. ඒක කරගන්න තමා හදන්නේ
    • ඉතින් රට ඉන්න මිනිස්සු පට්ට හම්බ කිරිල්ලක් හම්බ කරනව නේ..
      ඔව් ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව ඔවි.. නමුත් පට්ට කට්ට කාල හරි රිස්ක් එකක් අරගෙන හරි.. ලංකාවේ රජයේ රැකියා කරන උන් වගේ අයිස් ගහල නෙමේ

    තව ලියන්න නම් ඕන තරම් දේවල් තියනව.. ටිකක් සැරට ලිව්වට සමා වෙයල්ල.. ඕනනම් බැනපල්ල කමක් නෑ

    කිසි අවුලක් නෑ මචං, ජීවිතේ ගොඩ දාගන්නනේ හැමෝම බලන්නේ. නමුත් මම post එකේ කියල තියන දේ හොඳට බලපන්. රට ගිය පමණින් එවුන් පට්ට උගත්, දක්ෂ, සමාජ විඥානය ඇති, ඕනෙම ප්‍රශ්නයකට advice දෙන්න පුළුවන් සුපිරි චරිත වෙන්නේ වත් ලංකාවේ හිටපු පමණින් මෙහෙ ඉන්න ඔක්කොම පට්ට නූගත් , මී හරක්, කිසිම දෙයක් නොතේරෙන, මොනවත් කරගන්න බැරි එවුන්වත් මෙහෙ ඉන්න අන්ත දූෂිත දේශපාලුවන්ට ස්ව කැමැත්තෙන් කඩේ යන එවුන් විතරක්ම වත් වෙන්නේ නැහැ.

    එහෙම එවුන් රට ඉඳන් FB එකෙන් ලංකාව හදන්න හදන එක හරියට mobile phone එකෙන් sex chat කරලා wife ව pregnant කරන්න try කරනවා වගේ. කවදාවත් වෙන්නේ නැහැ.

    :no::no::no:
     
    Last edited:

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    sahathika aththa machan,

    mehedi apita monawa unath mokak hari gemak gahanna puluwan. mama kiyanne waradi widiyata neme.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    බොරු කියන්නේ මොකටද? මමත් කසාද බඳින්න හෙව්වේ Doctor කෙනෙක්ව තමයි. ඒ කාලේ අපෙත් ඔළුවල තියන්නේ ඔය ආකල්පයම තමයි. හැබැයි මගේ යාලු doctors ලා කිව්වා උඹට පිස්සුද බං ඩොකෙක් බඳින්න. උඹට ජීවිතයක් නැතිවෙයි උන්ට night shift වල වැඩ වැටුනහම. අනික හරි stress ජොබ් එකක් නිසා ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා කියලා. උන් මගේ අතිජාතම මිත්‍රයෝ නිසා මමත් එක අහලා මුල් අදහස අතඇරලා දැම්ම. පස්සේ බැඳලා ළමයි ඉන්න කාලේ තමයි තේරුනේ උන්ගේ advice වල වටිනාකම. අනික දොස්තරලාට කරන සේවයට සරිලන පඩියක් හම්බවෙන්නෙත් නැහැ. උන්ට වඩා හොයන ජොබ් කරන එවුන් ඕනෙතරම් ඉන්නවා.

    මගෙත් යාලුවෙක්ගෙ wife කෙනෙක් ඉන්නවා consultant doctor කෙනෙක්. hospital duty වලින් පස්සේ channeling බරගානක් කරලා මහා රැ ගෙදර යන්නේ. මම දන්නේ නැහැ ළමයින්ට අම්මා දකින්නවත් හම්බ වෙනවද කියලා. උනුත් පව් බං .කට්ට කාල ඉගෙනගෙන හරි ආදායමක් හොයා ගන්න තමයි උත්සාහ කරන්නේ. එත් අපි බාහිරින් දකින ජීවිතයට වඩා සැබෑ ජීවිතය වෙනස්.

    ප්‍රශ්නේ බං මම ඔය කියපු doctor ව බැඳපු යාලුවත් මේ දවස් වල දේශපාලන පක්ෂයකට කඩේ යන එක. ඌත් හොඳට ඉගෙන ගත්ත එකෙක්. ඌ තාම තේරුම් අරන් නැහැ මේ system එක අපි වෙනස් කල යුතුයි කියන එක. :oo::oo::oo:

    මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ . හැම කෙනාම කරන්නේ රස්සාවක් . ඒකේ උස්‌ මිටි බාවයක් නෑ . උදාහරණයක් විදියට කුණු ගෙනියන මිනිස්සු ටික උද්ගෝෂණය කරොත් වසල හමාරයි අනික් හැම එකාම . අපිට හැම විදියෙම රක්ෂා කරන අය ඕනේ .එතකොට තමා සමබර වෙන්නේ . හැබැයි ලංකාවේ තරුණ පරපුරෙන් වැඩි දෙනෙක් ත්‍රීවීල් එළවන අය වෙනවා මොකද ලේසියි සල්ලිත් හොඳයි . ටික කාලයක් යනකොට ජල්තර වලටත් සෙට් වෙනවා . හැබැයි මේ ආණ්ඩුවෙන් ඒක නවත්තන්න ගියා . කරගන්න බැරි උනා .
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඔහොම පොර ටෝක් දෙන එවුන් තමයි ...බෝට්ටුවේන් හරි ඔසී යන්න බලන්නේ ...අත්දැකීමෙන් කියන්නේ :lol:

    එවුන් ඊට පස්සේ බෝට්ටුවෙන් Aussie ගිහින් ලංකාවේ අපිට රට හදන හැටි ගැන පොර ටෝක්ස් දෙනවද දන්නේ නැහැ නේද ?

    :no::no::no:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    sahathika aththa machan,

    mehedi apita monawa unath mokak hari gemak gahanna puluwan. mama kiyanne waradi widiyata neme.

    ලංකාවේ කන්න නැතිව මැරෙන මිනිස්සු නැහැ. Singapore වල මම දැකලා තියනවා වයස 70, 80 මිනිස්සු රෑට පාර අයිනේ තියන කෑම කඩ සෝදනවා, ක්ලීන් කරනවා. අහලා බැලුවහම එහෙ අධික ජීවන වියදම නිසා දරුවන්ට තමන්ගේ දෙමාපියන් නඩත්තු කරන්න අමාරුයිලු. අසනීප වුනොත් බෙහෙත් ගන්නත් insurance එක තියෙන්න ඕනේ. ඒවා ගන්න සල්ලි ඕනේ. ඉතින් වයසට ගියත් විශ්‍රාමයක් නැතුව වැඩ කරන්න වෙනවා.

    හැබැයි සමහර රටවල නම් ප්‍රශස්ත මට්ටමේ වැඩිහිටි සුබසාධන වැඩපිළිවෙලවල් තියනවා.

    Last edited:

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    පිටරට ඉන්න උන්ට කොහෙවත් ඉත්තෑවෝ නෑ මචන්.. ලංකාවේ ඉන්න හරක් ටිකකයි උන් පාලනය කරන කම්බ හරක් ටිකයි නඩත්තු කරන්න..රට ඉන්න උන් උන්ගේන් යැපෙන ලංකාවේ ජීවත් වෙන අයටයි යාලුවොන්ටයි කරන්න ඕන යුතුකම් ටික කරනව. තව රටට කලගුනසලකීම වෙනුවෙන් පන්සල්/පල්ලි අසරණ පවුල් වලට SOS එකට වගේ උදව් කරණව වගේ දේවල් කරනව ඇරෙන්න...
    • ඉස්සෙල්ල හිතපන් මිනිස්සු පිටරට යන්නේ මොකද කියල
      හොඳ ආර්තික සාමජීය පසුබිමක ජීවත් වන්න. උදාහරණයක් විදියට කවුද කැමති පැය විසිහතරෙන් පැය 5ක් පාරේ ඉන්න??
    • ඇයි ඒ මිනිස්සු ලංකාවේ පවුල් අඳුනන අය එක්ක ඉන්න කැමති නැත්ද??
      ඇයි නැත්තේ ඒ මිනිස්සු පට්ට ආසයි.. නමුත් මිනිස්සු කැමතී නිදසේ රස්සවක් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් වාතාවරණයක් ලංකාවේ තියනවද?? ගොඩක් මිනිස්සු ආයේ ලංකාව හොඳවෙනකන් බලාගෙන ඉන්නව එන්න..
    • ඇයි ලංකාවෙ හැදෙන්නේ නැද්ද??
      නෑ ලංකාව හදන්න්න බෑ.. පාලයක ඉඳල එක වසරේ ළමය දක්වා කරන්නේ බොරුව..ඉතින් රටක් හදන්න පුලුවන්ද??
    • ඉතින් චන්දෙකදී මිනිස්සු හරි පාලකයෙක් පත්කරගනී නේ..
      ඒ ක ලංකාව ඇතුලේ යතාර්තයක් වෙන්නේ නෑ. ඒකට 2020 හොඳටම සාක්ශි.. මිනිස්සු දැන දැන වැරදිකාරයෝ පස්සෙ යනකොට තව මොන කතාද??
    • වෙන රටවල ඉන්දන් ලංකාව හදන්න හදන්නේ මොකද??
      උන් ආසයි ලංකාවට ඇවිත් ටිකක හරි කට්ට අඩුවෙන ජීවත් වෙන්න රට හොඳ පැත්තට යනව නම්.. ඒක කරගන්න තමා හදන්නේ
    • ඉතින් රට ඉන්න මිනිස්සු පට්ට හම්බ කිරිල්ලක් හම්බ කරනව නේ..
      ඔව් ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව ඔවි.. නමුත් පට්ට කට්ට කාල හරි රිස්ක් එකක් අරගෙන හරි.. ලංකාවේ රජයේ රැකියා කරන උන් වගේ අයිස් ගහල නෙමේ

    තව ලියන්න නම් ඕන තරම් දේවල් තියනව.. ටිකක් සැරට ලිව්වට සමා වෙයල්ල.. ඕනනම් බැනපල්ල කමක් නෑ

    100% agreed
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Honda.putha; කියලා වැඩක් නෑ බන්. මගෙත් යාලුවෝ නෑයෝ කීපදෙනෙක් ඉන්නවා. පී ආර් තියෙන. මුන් "මේ රට බේරගන්න හම්බෙන අන්තිම අවස්ථාවයි. අපේ ළමයින්ට රටක් ඕනෙ " කිය කිය මැරෙන්න හදනවා. මම් දෙතුන් දෙනෙකුගෙන් ඇහුවා නිකමට වගේ උඹලා ළඟදී එනවද කියලා? උන් අහනවා උඹට පිස්සුද කියලා. ආයෙ ලංකාව දිහා බලන් බත් කන්නෙවත් නෑලු. ඔන්න ඕඉකයි ගොඩක් උන්ගෙ තත්වෙ. said:
    ගොඩක් එවුන් මචං පිටරට වල ඉඳන් suffer කරනවා. සුද්දෝ උන්ගේ සංස්කෘතියට අපිව වැද්දගන්නේ නැහැ. අපිව තුන්වන පන්තියේ පුරවැසියෝ විදිහට තමයි සලකන්නේ. මට මතකයි දවසක් සාකච්චාවකදී අමරදේව මාස්ටර් කිව්වා, හැම විදේශ ප්‍රසංගයකදීම ලංකාවෙන් ගිහින් ඉන්න එවුන් ඉල්ලන්නේ " සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා " කියන ගීතය කියලා . ඒ සින්දුව කීප පාරක් ගායනා කරන්න කියලා ඉල්ලනවලු. ඒක ඇහෙනකොට හැමෝම ඉකි ගගහා අඩනවා ලු. එච්චරට මිනිස්සුන්ට තමන්ගේ හුදකලාව දැනෙනවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඒ වුනාට දෑන් පිටරට ඉන්න ගොඩක් එවුන් හෙන සතුටින් බන් ඉන්නේ ලන්කාවෙන් ගිය එක ගෑන. ලන්කාව එක්ක බලනකොට උන්ගෙ ජීවිත සෑහෙන්න හොදයි. ප්‍රශ්න අඩුයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සුද්දෝ උන්ගේ සංස්කෘතියට අපිව වැද්දගන්නේ නැහැ. අපිව තුන්වන පන්තියේ පුරවැසියෝ විදිහට තමයි සලකන්නේ.

    මේ කතාව නම් සහතික ඇත්ත මචන්.

    මම දැන් අවුරුදු හයක් විතර තිස්සෙ වැඩ කරන්නෙ US මාකට් එකට නිසා මම ඒ දේ අත්දැකීමෙන්ම දන්නවා.

    උන් අපිත් එක්ක හිතලම ලොකු ගැප් එකක් තියන් ඉන්නෙ. උන්ට ඕන අපිව හැමදාම යටහත් පහත් සේවකයො විදිහට තියාගන්න.

    මම සමහර එවුන් එක්ක දැන් අවුරුදු හතරක් විතර තිස්සෙ වැඩ කරනවා. ඒත් උන් කිසිම දවසක මගෙ පුද්ගලික දෙයක් අහලා නෑ. උන්ගෙ පුද්ගලික දෙයක් අහන්න පුලුවන් ලෙවල් එකට අපිට ක්ලෝස් වෙන්නෙත් නෑ.

    මම කරන්නෙ බිස්නස් එකක් නිසා මට ඒක කිසි අවුලක් නෑ. ඒත් උබ කියපු දේ මට හොදටම දැනිලා තියෙනවා.
     
    Last edited: