මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව පිළිඅරගෙන ඒ දේවල් අපි කල යුතුයි කියලා.
ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.
අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.
එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.
මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන් ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් හොඳ ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.
ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.
sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.
මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.





