Thanks. Maru pinthura tika. Dakkada Ape weather eka


Thanks. Maru pinthura tika. Dakkada Ape weather eka![]()
අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. කොහොමද මචන් ඉන්නේ ඔහේ. අද මෙහෙ 1C . සිකුරාදා snow කියල දාල තියනවා. ඔහේ snow කරනවද මචන්.

. wind එක එච්චර නැති නිසා අවුලක් නැහැ. car plug නොකරොත් විනාසයි. start වෙන්නේ නැහැ.NI = Northern Ireland
SI = Southern Ireland
UK walata wada nam machan mata Ireland hodai wage. normally calm ratak. issara case thibuna thama. dan ehema awul na.

Thanks. Maru pinthura tika. Dakkada Ape weather eka![]()
ඉන්න වෙනවා අපිට පිච්චි පිච්චි 
බලන්න මෙහෙ Saturday weather forecast එකඉන්න වෙනවා අපිට පිච්චි පිච්චි
![]()
බුදු අම්මෝ. මෙහෙත් summer එකට සමහර වෙලාවට 35 ,40 යනවා. මොනවා උනත් +40 සැපයි -40 වලට වඩා.
.
මොන සැපක්ද? කකුල් දෙකයි මුළු ඇඟයි fan එකක් ඉස්සරහට දාගෙන ඉන්න වෙනවා, දාඩිය පෙරෙනවා හෝ ගාලා, මොන වැඩක් වත් කරන්න හිතෙන්නේ නෑ.
හොඳම වැඩේ රස්නේ වෙලාවට උදෙන්ම යන්න ඕනේ university එකේ library එකට , නැත්නං මොකක් හරි shopping center එකකට, ගිහින් එකේ AC එකේ පිහිටෙන් ඉන්නවා හවස් වෙනකං![]()
ගෙදර AC තිබ්බනම් හරිනේ. මෙහෙ heating තියෙනවා. ගෙදර ඇතුල full comfortable, although outside is -30C.

එහෙම කරලා ගෙදර electricity බිල ආවාම අපේ ඇඟේ temperature එක ඊටපස්සේ 100 C ට නගිනවා![]()
එහෙම කරලා ගෙදර electricity බිල ආවාම අපේ ඇඟේ temperature එක ඊටපස්සේ 100 C ට නගිනවා![]()
is it expensive in australia? I have heard some use solar panels instead.
we turn the ac for the whole summer. It just work when temperature increases 24C.
ඔච්චර අව්ව තියෙන එකේ Solar Panel එකක් අරගෙන ඒකට AC එක ගැහුවා නම් හරිනේ.

ausi wala current bill eka wadida ?විදුලි බිල මාස තුනකට $400 ක් වෙනවා, ඉතිං AC දැම්මොත් ඊටත් වඩා වැඩිවෙයි , හොඳම විසඳුම solar panel එකක් AC එකට ගහන එක තමයි![]()
ausi wala current bill eka wadida ?
ausi wala hugak than ac nee ???

මං ගිහිං තියෙනවා මේ රටවල්/නගර වලට.
ඉන්දියාව, මාලදිවයින, ඩුබායි,කටාර්,ලන්ඩන්,ජර්මනි, බැංකොක්,බහරේන්
ලන්ඩන් වල නං පොඩි හොල්මන් සීන් එකකුත් උනා. ඒ ටික ටයිප් කරලා දාන්නං කෝ.
මම ආසම රට තමයි ඩෙන්මාර්ක්. ගිහිං නෑ එහෙ. කොහොම හරි ඒ ඩෙන්මාර්ක්, ස්විට්සර්ලන්තය වගේ රටක පදිංචි වෙන්න තිබුනා නං කියලා වැඩක් නෑ. වැඩිය මිනිස්සු නැති ස්විට්සර්ලන්තයේ කඳුකර පැත්තක ඉන්න තිබුනා නං මට ඒ ඇති.
අනේ මන්ද එහෙම කියන තරම් දෙයක් නෑ. කිසිම කෙනෙක් මට මේ දක්වා මොනවත් වචනයකින් වත් racist දෙයක් කියල නෑ .
හැබැයි ඉන්දියන් කාරයෝ හැසිරෙන්න දන්නේ නෑ කොහේදී වත්, හයියෙන් කතා කර කර ඉන්නවා ඔහේ කිසි චාරයක් නැතුව .ඒක පේනවා උන්ගේ හැසිරීමෙන්
එහෙම වුනත් ඉන්දියන් කාරයෝන්ටවත් උන් එහෙම මොකුත් කියන්නේ නෑ, ගොඩක් 7/11 අයිති ඉන්දියන් අයට, Aussie customers ල ගොඩක් එනවා ඒවාට![]()
සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ. හදිසියේ ඇතිවන කැස්සක් නිසාවත් පාරේ කෙළ ගැසිමට නොහැකිය. ආරක්ෂිත කැමරාවක් හෝ පොලිස් නිලදරුවකු ඒ බැව් දුටුවහොත් දඩය ෂුවර්ය. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.පරිසරය සුන්දර කිරීමේ අරමුණින් කපුටන් වෙඩිතබා මරාදැමීම අදටත් සිංගප්පූරුවේ සිදුවෙයි. ඒ පිළිබද දර්ශන මෙතැනින්
නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...හැම දෙයම මුදලටය. කාගේවත් පිළිසරණක් නැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන්ද , ලංකාවේ තරම් සුභසාධක වැඩසටහන් නැත. ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි. රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත. එහි අරුත සිංගප්පූරු වැසියාට කෝටි ගණනක් ගෙවා හෝ ලබාගත නොහැකි ඇතැම් දේ ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් නොමිලේ භුක්ති විදින බවයි.
ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ.
සිංගප්පූරුවේ භෞතික දියුණුව මගේ උපන් බිමේ නැති වුවද එහි ඇති උණුසුම, අපේ යැයි හැගීම කිසිදු රටෙක අපට අත්විදිය නොහැක. භෞතික සාධක මතින් අන් රාජ්‍යයන් අප අභිබවා ගියද අධ්‍යාත්මික වශයෙන් මගේ රටේ ඥාති සමූහයා අන් කවර රටකට හෝ නොදෙවැනි යැයි මම සිතමි. නමුත් හද පෙළන සංවේගය නම් මේ කියන භෞතික දියුණුව මගේ රටට අත්කර දී රට සුඛිත මුදිත කර අපේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට සැබෑ උවමනාවක් නිදහසෙන් පසු බිහි වූ ජනනායකයන් බහුතරයකට නොතිබීමයි. ඒ වෙනුවට තමන්ගේ බඩ වඩා ගන්නා ජඩ දේශපාලන න්‍යායක පිහිට ඔව්හු සෙව්වෝය. දැන් අප පරක්කු වැඩිද ?
මතු සම්බන්ධයි......