තැනක් මචන්.දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ thread එක නිසා.![]()
ඒක තමයි මටත් ඕන උනේ.
තැනක් මචන්.දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ thread එක නිසා.![]()
මචංලා මම ජපානේට නම් ගිහින් නෑ අපේ අයියලා අක්කලා ඒහේ ඉන්න නිසා මේ ත්‍රේඩ් එක ගෙනියන්න ඔන නිසායි ලියන්නේ......
ජපානයේ දූපත්
ජපානයේ දූපත් හාරදහසකට වඩා තිබෙන නමුත් ප්‍රධාන වශයෙන් දූපත් හතරක් දක්නට ලැබේ
1.හොක්කයිදෝ
2.හොන්ෂු
3.ෂිකොකු
4.ක්යූෂූ
අධ්‍යාපනය
ජපානයේ ළමයින් අවුරුදු 6වනවිට තම අධ්‍යාපනය ආරම්භ කරයි. ජපානයේ පාසල් කොටස් තුනකට බෙදා තිබේ.
ප්‍රාථමික පාසල
මධ්‍යම පාසල
උසස් පාසල
අධ්‍යාපනය.....
වසර 6ක් ප්‍රාථමික පාසලේ ඉගෙන ගනු ලබන අතර මධ්‍යම පාසලේ වසර 3ක් හා උසස් පාසලේ තවත් වසර 3ක් ඉගෙනුම ලබයි. මුළු කාලය වසර 12කි. ජපානයේ ළමයෙකුට අනිවාර්ය අධ්‍යාපන කාලය වසර 9කි. එනම් ප්‍රාථමික පාසල හා මධ්‍යම පාසලයි. ජපානය තුළ පොදු පාසල්, රජයේ පොදු පාසල් හා පෞද්ගලික පාසල් යනුවෙන් පාසල් වර්ග 3කි. පොදු පාසල් වල අනිවාර්ය අධ්‍යාපන කාලය නොමිලේ ලබා දෙයි. පෞද්ගලික පාසල් මුළු පාසල් වාරය තුළදීම මුදල් ගෙවීම සිදු කළ යුතුය. මෙම පාසල් වල ඇතුළත් වීම සඳහා විභාග පවත්වනු ලබයි. පොදු පාසල් වල මෙම විභාගය පවත්වන්නේ නැත. වසර 12ක පාසල් කාලය නිම වීමෙන් පසුව විශ්ව වීද්‍යාලයට ඇතුළත් වී තමන් කැමති අංශයකින් ඉදිරියට යාමට හැකිවේ.
අපේ අයියලා නම් කියන්නේ ගොඩාක් හොද මිනිස්සු ඉන්නේ කියලා ගැනු කස්ටියට ගොඩාක් ගරැ කරනවාලු මිනිහා නම් කියන්නේ ජපානේ ඇවිත් මල් කැඩුවත් කරගැට එනවා කියලායි ......
මම මාසයක් Ire;and වල හිටිය (Belfast, NI වල ). එහෙ නම් මචන් මිනිස්සු මාර අඩුයි. ජනගහනය හෙනම අඩු රටක්. මුස්ලිම් අය ඇත්තෙම නෑ වගෙ. දඹයොත් වැඩිය නෑ. දැන් දැන් තමා දඹයො එන්න අරන් තියෙන්නෙ. අපි ඉන්න කාලෙ එකා දෙන්න හිටිය. මිනිස්සු මාර විඩියට නීතියට වඩ. එ පැත්තෙන් මාරම safe. හැබැයි මචන් රට තනිකරම දුවන්නෙ කෙල්ලොද මන්දා. කොල්ලෙක්ව දකින්නවත් නෑ. කෙල්ලො තමා හවසට බීල පාර්ක් වල කෑ ගහන්නෙ. කොල්ලෙක් කලාතුරකින් තම ඉන්නෙ. ට්‍රාන්ස්පොර්ට් පෑත්තත් සුපිරි. IT පැත්තට නම් ජොබ් තියෙනව සෑහෙන්න. වාහන එහෙමත් ගනන් අඩුයි. එත් Insurance එක දාගන්නයි තව road tax මගුලක් ගෙවන්න ඔන. ඔය දෙකට ටිකක් යනව.
ජපානෙ ගැන පොඩි දෙයක් මතක්වුනා
ජපානෙ මිනිස්සු හුඟක් වෙලාවට මිත්‍රශීලී ජාතියක්,ඒ වගේම හරිම උනන්දුයි කම්මැලි නැහැ. වැඩිහිටි අය පවා ඔය වගා ගොවිතැන් වගේ දේවල් කරනව සාමාන්‍යයෙන් තමන්ගෙ ඉඩම ඉස්සරහ තියෙන පාර එහෙම සුද්ද කරගන්න එක, නඩත්තු කරන එක වගේ දේවල් අයිති පාර දෙපැත්තෙ අයට. ජපානෙ හුඟක්ම තමන්ගෙ මව් භාෂාවට ගරු කරනව, එහෙ ඉන්ග්‍රීසි දන්න අය ඇත්තෙම නැති තරම්. ගෙවල්වල ඉන්න හැම කෙනෙක්ම තමන්ගෙ ප්‍රදේශයෙ අන්‍යෝන්‍යාධාර සමිති වගේ ඒවට බැඳිලා තියෙන්නෙ. එයාලා ප්‍රදේශයෙ ඉන්න හැම කෙනෙක්ගෙම දුකේදි සැපතෙදි එකතුවෙනව. ඇඳුනුම් කම නැතත් හැමෝම පුලුවන් විදියට ඒවට සහභාගිවෙනව ඒක නිසා අපරාධ වගේ දේවලුත් අඩුයි..හැබැයි පොලීසියනම් හැම තැනකම ඉන්නව. ඒත් ලන්කාවෙ වගෙ ගොලැයි හොරු නෙමෙයි. එහෙම පොලීසිය හිටියට සාමාන්‍ය මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වයට හානියක් වෙන්නෙ නැහැ
ජපානෙ පියාගෙ දේපල උරුමෙ ලැබෙන්නෙ වැඩිමහල් පුතාට.දුවල ඉන්නවනම් එයාලව පිටට බඳලා දේනවා. ඒ වගේම වැඩිමහල් පුතාට අමතරව වෙන පුතාල ඉන්නවනනම් එයාලවත් පිටට බඳල දෙනව. එතනදි බඳින පවුල කෙල්ලො විතරක් ඉන්න පවුලක් වෙන්න ඕන. එහෙම බඳිනකොට දෙවැනි/ පුතා තමන්ගෙ වාසගම වෙනස් කරගන්න ඕන. එතකොට කෙල්ලගෙ පැත්තෙ දේපල උරුමෙ බෑණට ලැබෙනව. නාගරික පැතිවල මේ තත්වෙ දැන් අඩුයි
මතු සම්බන්ධයි
ඇමරිකාවේ තමුන්ගේ ගෙදර ඉස්සරහ පාර අයිනේ මිනිස්සුන්ට යන්න හදල තියන කොටස පිරිසිදු කිරීම ගෙදර පදිංචි උදවිය විසින් සිදුකර යුතුයි. තමුන්ගේ ගෙදර ඉස්සරහ අපිරිසිදු උනොත් දඩයක් ලැබෙනවා. ඒ වගේම හිම වැටෙන කාලෙට හිම public walkaway එකේ හිම ඉවත් කිරීමත් ගෙදර උදවිය විසින් අනිවාර්යෙන් කලයුතුයි. එහෙම කරන්නේ නැතුව ඉඳල කව්රුහරි ලිස්සල වැටුනොත් ගෙදර එකාට තමයි නඩුව වැටෙන්නේ. ඊට අමතරව summer එකට ගෙදර මිදුලේ තණකොළ වැවිල තිබ්බොත් එකටත් දඩයක් ලැබෙනවා. fall එකට ගස්වල කොළ වැටුනාම ඒවත් සියල්ල එකතුකරලා කුණු ලොරියට පැටවිය යුතුයි. ගෙදර මිදුල නඩත්තු කරන්නේ නැතුව උන්නොත් දඩ කොලේ අනිවාර්යයි.
Belfast කියන්නෙ North Ireland නෙ. ඒක හින්ද වෙන්න ඇති මිනිස්සු අඩු. ඉස්සර ඕක බෝම්බ පුපුරන ත්‍රස්ත ක්‍රියා අනන් මනන් ජල්තර ඔක්කොම සිද්ද උන නගරයක්. ඕක අයිති UK වලටනෙ. IRA කාරයො ඉස්සර පොලිස් කාරයො වැඩ ඇරිල එහෙම එනකොට වෙඩි තියල මරනවලු. තාමත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නෙ ඕක හින්ද වෙන්න ඇති.
මොනවද මචන් 7/11 කියන්නෙ?

Comoros
මචන් මම අද ගහපු photo 2කින්ම වැඩේ පටන් ගන්නම්
![]()
![]()
මේක පාසලක් කියල හිතන්නවත් පුලුවන්ද බන් මම අද ගියේ කොල්ලෙක්ගේ school fees ගෙවන්න මාසෙට Rs 5000ක් විතර අපේ රටේ තියෙන නිදහස් අධ්‍යාපනයට මල් තියල වදින්න ඕන බන්
පහුගිය දවසක පොලීසියට ගියා සීන් එකකට පොලීසියේ ලොක්කා එක්කන් එන්න අපේ වාහනයෙන් යන්න ඕන උන් inquiry වලට එනවටත් ගෙවන්න ඕන
Hospital එකට ගියත් බෙහෙත් ගන්න සල්ලි ගෙවන්න ඕන බන් Operation එකක් කරන්නවත් කිසිම දෙයක් නෑ බන් Docters කියල එන්න උන්ට ඇති Degreeකුත් නෑ ලංකාවේ nurse වගේ උන්ගෙන් තමා බෙහෙත් ගන්න ඕන
mama canadawe inne. Mee lagadi ice storm 1 thibuna. menna picture ekak damma. Oya tree eke badila thiyenne ice![]()
මචන් මම මුලින්ම Comoros ගියෙ 2011 දෙසැම්බර් ඒ යනකොට ලංකාවේ අය 4 දෙනයි හිටියේ ඒත් දැන් 60ක් විතර ඉන්නවා ලංකාවෙ company එකක් Project එකක් කරනවා එහේ උන්ට මාලු අල්ලන්න කියලා දීලා බෝට්ටු හදල දීලා අල්ලන මාලු එකතු කරල ටින් කරලා රට යවන seen එකක් USD Doller මිලියන 22.5ක project එකක්
මේක ගිණිකන්දක් තියෙන දූපතක් ගඟක් දොළක් වැවක් තියා ස්වාභාවික වතුර බිංදුවක් නෑ ඔක්කොම උන් නාන්නේ මුහුදු වතුර හරි නැත්නම් වහින කාලෙට එකතු කරන වතුරෙන් ඒක නිසා මුන් නාන්නේ අඩුවෙන් බොන්න ගන්නේ පොලොවට බට ගහලා ගන්න වතුරෙන්
මිනිස්සු බොක දාන්නේ මූදට මුන්ගේ ලග තියෙන ජීවන සුවදට ගහන්න සුවදක් තවත් නෑ මේ මිනිස්සු මුස්ලිම් වුනාට අපේ රටේ මිනිස්සුන්ට වඩා හොදයි හොරකමක් මිනීමැරුමක් ගැන අහන්න ලැබෙන්නෙවත් නැති තරම් උදවුවක් කරන්නෙ බොක්කෙන්ම තමන්ගේ වැඩේ පාඩු කරගෙන හරි උදවු කරනවා අනෙක් අයට, අපේ ලග වගේ ලොකු බලාපොරොත්තු මෙයාලට නෑ අද දවසේ තිබුනොත් කනවා නැත්නම් නිකන් ඉන්නවා
මිස්සුන්ගේ ජීවන රටාව ගැන විස්තරයක් මම දාන්නම් මචන් ඉස්සරහට
මචන් us වල ඉස්කෝල කොහොමද(ළමයින්ට). health care free naha neda? job security ? racism? I would like to come to US, since weather is good. I think in new york and main cities the houses + living cost are expensive
Canada is like a communist country. Government takes taxes up to 40% and on the other hand, give us free healthcare + child assistant + pension for seniors etc.
Vancouver is a good place to live with nice weather but very congested and busy life + extremely expensive. I personally do not like busy life. Here although very cold during winter, life is relaxed and have plenty of time to be with your children
පට්ටම ෆොටෝස් ටිකක් මචන්.දකිද්දි ආසාවෙ බෑ.ඉතුරු ටිකත් දාපන්.
උබ tunel වල ෆොටෝස් ගත්තෙ නැද්ද?
තව පොඩි ප්‍රශ්නයක්.උබ කෝච්චි ස්ටේශන් දාලා තිබ්බට රේල් පාරවල් නෑනෙ.ඒවා කොහෙද තියෙන්නෙ?
මචන් tunnels වල videos තියනවා . ඒවා youtube එකට දාගන්න වෙලාවක් ලැබුනේ නැහැ මචන්. මෙන්න මම youtube එකෙන් දෙකක් ගත්ත. මේකම තමයි මගේ cam එකේ තියෙන්නෙ.
බැල්ටිමෝර්
නිව්යෝර්ක්
කෝච්චි යන්නේ පොලොව යටින් මචන්. subway system එක නිව්යෝර්ක් වල 99% ක් ම දුවන්නේ පොලොව යට.
මේ තියෙන්නේ subway map එක.
![]()
මෙන්න වීඩියෝ එකක් subway ගැන
නිව්යෝර්ක් වල John F Kennedy ගුවන්තොටුපොළට යන්න තියෙන්නේ Air Train කියල කෝච්චියක් . ඒක දවසේ පැය 24 ම කෝච්චි 3ක් 4ක් Sutpin Bouluward ඉඳන් ගුවන්තොටුපොළ වටේ යනවා හැම turminal එකකම නවත්තනවා. මේකේ තියන විශේෂත්වයනම් මේ කෝච්චිය ගමන් කරන්නේ රියදුරෙක් නැතුව. මෙන්න තියනවා වීඩියෝ එක. බලන්න.