සමහරු තුල තියෙන සිහිනයක් තමයි රට යන එක. රට ගිහිල්ල හොදින් ජීවත් වෙන එක. හුගත් දෙනෙක් හිතන්නේ රට කියන්නේ සුර පුරයක් කියල. ලංකාව සහ වෙනත් රටක් ගත්තොත් වාසි අවාසි දෙකම තියෙනවා. ඕව හරියට කිරල මැනලා තීරණයක් ගන්න ඕන. සමහර දේවල් තේරෙන්නේ රට ඉදල අවුරුදු 10ක් විතර යනකොට.
මේ කියන්නේ එක පැත්තක් ගැන. පිටරට යනකොට අපි ගේන්නේ bag එකක් හෝ දෙකක්. එකේ වැඩිහරියක් පුරවල රෙදි. මේකෙන් පටන් අරගෙන හොද ගෙයක්, වහනයක්, රස්සාවක් සහ අනිත් දේවල් ලබා ගන්න ඕන. මේක ලේසි පහසු දෙයක් නෙවි. මුලින් සමහරවෙලාවට කටු කන්න බලන් එන්න ඕනේ. ළමයි තනියම හදන්න ඕනේ. මෙහෙ මහන්සිවෙලා උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ. පැය 7 ක් රස්සාවක් කියන්නේ, පැය 7 වැඩ කල යුතයි කියන එක. හුගක් ජෝබ්වල අයිස් ගහන්න බැහැ. ගැනු කෙනකේ කියල වෙනසක් නැහැ. සමහරවෙලාවට job එකේ වැඩකට 100-200 km ඇත තනියම කාර් එකේ ගිහිල්ල එන්න ඕනේ (winter එකේ හිටන්). මෙහෙ අවුරුදු 18-20 ගැනු තමයි truck රියදුරන් , බැකෝ ක්රියාකරවන කට්ටිය විදියට වැඩ කරනවා. සමාජයත් එක්ක හැප්පිලා තමයි අපි රස්සාවක් ගන්න ඕන. අපි කරන්නේ අපේ සුදුසුකම් වලට කවුරුහරි රස්සාවක් හොයල දෙනකම්. මොකක් හරි රස්සාවක් කරලා, ලබෙන දෙයකින් සන්තොසවෙලා ජීවත් වෙන්න නම් රට එන්න එපා. එකට ලංකවා තමයි හොදම. රට කියන්න මහන්සිවෙලා වැඩකරලා උත්සහෙන් ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්.