එංගලන්තය
04. දේශපාලන වටපිටාව
ඇත්තටම එංගලන්තය අද මේ වගේ තත්වෙක තිබෙන්න ප්‍රදානම හේතුව නිවැරදි දේශපාලන තීන්දු තීරණ සහ ඉතා වැදගත් බුද්ධිමත් ප්‍රතිපත්ති කිව්වොත් වඩා නිවැරදී. මහජනතාව තමයි ඇත්තටම නිවැරදි දේශපාලකයන් පත්කරන්නේ, ඒ අතින් නම් මෙහෙ මිනිස්සු පට්ටම බුද්දිමත් සහ අපේ ලංකාවේ මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉදිරියෙන්. උපතින් උරුම වෙන දේශපාලන පක්ෂ මේ මිනිස්සුන්ට නෑ. ඒ ඒ කාලෙට ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති වලට පමනයි මිනිස්සු සිය මනාපේ දෙන්නේ.
ඡන්ද අපේක්ෂකයා කලුද සුදුද, කොන්ද පන තියෙනවද, හයියෙන් කැගහන්න පුලුවන්ද, සරම අදිනවද, උඩු රැවුල තියේද, රජෙක් වගේද අප්පච්චි කෙනෙක් වගේද ඒවා මෙහෙ මිනිස්සු ගනන් ගන්න දේවල් නෙමේ මචන්ලා. අනික අනිත් කෙනා ඡන්දේ දෙන්නේ කාටද, එකට ඉන්න උන් මරාගන්න දේවල් මෙහෙ නෑ.
ඒ අතින් ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලනය, ගෝත්‍රික මට්ටමක තියෙන්නේ තාම, ඒවා හැදෙන්න අවුරුදු 100ක් වත් යයි. මෙහෙ ඔය ජනධිපතිවරනේට වගේ රැස්වීම් තියෙනවා, ඒවටත් සහභාගී වෙන මිනිස්සු බලන්නේ උන්ගේ ප්‍රතිපත්ති, ප්‍රසිද්දියේ ප්‍රශ්න අහනවා, මේක කරන්නේ කොහොමද? මේවාට තියෙන සැලසුම් මොනවද වගේ දේවල්, අපේ වගේ කියන කියන දේට අප්පුඩි ගහල ගිරිය කඩන් ජය වේවා කියලා කෑ ගහන්න යන්නේ නෑ. දේශපාලනය කියන්නේත් තවත් රැකියාවක් පමනයි මෙහෙනම් ඕංං.....
දේශපාලකයොත් එහෙම තමයි, කියන දේ කරන කරන දේ කියන හොද මහත්මා ගති ඇති මිනිස්සු. ටකරන්, වහල සීට්, බෙදලා මිනිස්සුන්ව අන්දන්නේ, බොරු බේගල් කියලා මිනිස්සු අන්දන්නේ ඒ වැඩ නෑ. කොහොමත් මෙහෙ මිනිස්සු එහෙම අන්දන්නත් බෑ මචන්ලා. ඡන්දේ ලන් වෙද්දී අදාල අපේක්ෂකයා මහජන පුස්තක්කාලෙට එනවා, හම්බෙන්න කවුරු හරි ඇවිත් ඉන්නවනම් කතා කරනවා යනවා එච්චරයි.
ඡන්දේ දවසට ඡන්දේ දැම්මා පාඩුවේ හිටයා වෙනද වැඩ කරගෙනම, ප්‍රතිපල අවාම පරදින එකා පැරදුනා දිනන එකා දිනුවා එච්චරයි. ගහ මරාගන්න පලි ගන්න අනේ ඒ මොකුත් නෑ. හැබැයි පොරොන්දු උන ප්‍රතිපත්ති වලින් එකක් හරි වුනේ නැත්තම් ඊලග පාර ගෙදර තමයි ඉන්න වෙන්නේ, වැද්දක් දෝෂාරෝපනයක් ආවොත් එදාම ඉල්ලා අස්වෙනවා. කොටින්ම කියනවනම් මෙහෙ රට පාලනය කරන්නේ සාමාන්‍ය බුද්ධිමත් මහජනතාව.
ඔය තවම මේ රටවල දේශපාලනය ගැන දන්නේ නැහැ. එක තේරුම් ගන්න ටික කාලයක් යනවා. දේශපාලුවෝ කොහෙත් එකයි. උන්ගේ වාසියට සහ චන්ද ටිකට තමයි කටයුතු කරන්නේ.




Last edited:






, ඉස්සෙලාම තැන හම්බවෙන්නේ ඉතිං bright cases වලටනේ, අපිට ඉතිං ගොඩක් දුරට job එකක් හම්බවෙන්න තියෙන්නේ දුර පලාතක තමයි, දුර පලාතක් වුනාම ඉතිං country side එක තමයි, Brisbane city එක වගේ පහසුකම් නෑ, මිනිස්සු අඩුයි.
ඇමති තියා, අගමැති තියා රටේ