පිටරවල් ගැන කතා කරමු

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    20r67tc.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම වෙනිසියුලාවයි, ස්පාඤ්ඤයයි, ඩෙන්මාර්කයයි ගැන දාන්නම් හැබැයි මම ඔය එකකටවත් ගිහිල්ලා නෑ. ඒත් උන් එක්ක වැඩ කරලා තියෙනවා, ඉතින් උන් කියපු විස්තර දාන්න පුලුවන්. එහෙම දාන්න ඔට්ටුනම්,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    මම වෙනිසියුලාවයි, ස්පාඤ්ඤයයි, ඩෙන්මාර්කයයි ගැන දාන්නම් හැබැයි මම ඔය එකකටවත් ගිහිල්ලා නෑ. ඒත් උන් එක්ක වැඩ කරලා තියෙනවා, ඉතින් උන් කියපු විස්තර දාන්න පුලුවන්. එහෙම දාන්න ඔට්ටුනම්,

    දාන්න දාන්න :nerd:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ. හදිසියේ ඇතිවන කැස්සක් නිසාවත් පාරේ කෙළ ගැසිමට නොහැකිය. ආරක්ෂිත කැමරාවක් හෝ පොලිස් නිලදරුවකු ඒ බැව් දුටුවහොත් දඩය ෂුවර්ය. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.පරිසරය සුන්දර කිරීමේ අරමුණින් කපුටන් වෙඩිතබා මරාදැමීම අදටත් සිංගප්පූරුවේ සිදුවෙයි. ඒ පිළිබද දර්ශන මෙතැනින්

    නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...හැම දෙයම මුදලටය. කාගේවත් පිළිසරණක් නැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන්ද , ලංකාවේ තරම් සුභසාධක වැඩසටහන් නැත. ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි. රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත. එහි අරුත සිංගප්පූරු වැසියාට කෝටි ගණනක් ගෙවා හෝ ලබාගත නොහැකි ඇතැම් දේ ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් නොමිලේ භුක්ති විදින බවයි.

    ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ.

    සිංගප්පූරුවේ භෞතික දියුණුව මගේ උපන් බිමේ නැති වුවද එහි ඇති උණුසුම, අපේ යැයි හැගීම කිසිදු රටෙක අපට අත්විදිය නොහැක. භෞතික සාධක මතින් අන් රාජ්‍යයන් අප අභිබවා ගියද අධ්‍යාත්මික වශයෙන් මගේ රටේ ඥාති සමූහයා අන් කවර රටකට හෝ නොදෙවැනි යැයි මම සිතමි. නමුත් හද පෙළන සංවේගය නම් මේ කියන භෞතික දියුණුව මගේ රටට අත්කර දී රට සුඛිත මුදිත කර අපේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට සැබෑ උවමනාවක් නිදහසෙන් පසු බිහි වූ ජනනායකයන් බහුතරයකට නොතිබීමයි. ඒ වෙනුවට තමන්ගේ බඩ වඩා ගන්නා ජඩ දේශපාලන න්‍යායක පිහිට ඔව්හු සෙව්වෝය. දැන් අප පරක්කු වැඩිද ?



    මතු සම්බන්ධයි......

    මම සිංගපුරුවේ අවුරුදු තුනක විතර කාලයක් වැඩ කළා ඒ අනුව මේ ලිපියේ දැකපු සමහර දේවල් නිවැරදි වෙන්න ඕනේ.ගොඩක් දේවල් ඇත්ත.

    හදිසියේ ඇතිවන කැස්ස
    පාරවල් වල කෙළ ගැහුවොත් එහෙමම දඩ ගහන්නේ නෑ . ඒත් හිතා මතා කරපු බවක් දැනුනොත් නම් දඩ ගහයි.පොදු ප්‍රවාහන මාධ්‍ය වලින් ලෝකෙන්ම පළවෙනි තැන සිංගපුරුවට හිමි වෙනවා.(හරියටම එංගලන්තේ තියෙන බස්ම තමා මෙහෙ පාරවල් වල තියෙන්නේ.ඒ විදිහමයි.) කෝච්චියක හෝ බස් එකක හෝ කෑම බීම සපුරා තහනම්. දූරියන් වගේ පළතුරක් තමන් ගාව තියෙනවනම් බස් එකකට නැගීමත් වරදක්.කිසිම පොදු ප්‍රවාහන මාධ්‍යක කිසියම් හෝ සංගීතයක් වාදනය කිරීම සපුරා තහනම්. මගීන්ට අවශ්‍ය නම් තමන්ට පමණක් ඇසෙන පරිදි සංගීතය ශ්‍රවනය කරන්න අවසර තියෙනවා.

    ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීම.
    මෙහෙම දෙයක් නැහැ.ඕන තරම් වයසක අය එකතුවෙලා තැන තැන කථා කර කර ඉන්නවා.හැබැයි රැස්වීම් නම් පවත්වන්න අවසර ගන්න ඕනා ඇති.
    රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.
    මේ වැඩේ නම් කවුරුත් කරන්නේ නෑ. ආණ්ඩුවට බය පක්ෂපාතකම හැම වැසියෙක් ගාවම තියෙනවා.ආණ්ඩුව විවේචනය වෙන්නේ පාර්ලිමේන්තුව තුල විතරයි.

    නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත.
    මේකත් 100% ඇත්ත.පොඩි සහනයක් සිංගපුරු වැසියන්ට තිබුනත් නොමිලේ කිසිවක් නැත.

    ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි.
    මේකත් 100% හරි.

    රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත.

    තට්ටු නිවාස එක එක මට්ටමින් තියෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ වගේ මිදුලක් තියෙන ගෙවල් තියෙනවා .ඒත් මිල ඉතාම අධිකයි. සාමාන්‍ය නිවසක් කෝටි 3.5සිට ඉහලට තියෙනවා. එච්චර වටිනා නිවසක් උනත් අවුරුදු 90කින් ආපසු අයිතිය රජයට හිමි වෙනවා. (99 අවුරුදු බද්දක් )
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම දන්න වෙනිසුලා බුවාගේ රට වෙනිසුලාව උනාට ඌ දැන් ඉන්නෙ ස්පාඤ්ඤයට සංක්‍රමණය වෙලා. උන්ගෙ රටේ තෙල් එහෙම හොඳට තිබ්බ හින්දා මූ තෙල් පැත්තෙන් තමයි ඉගෙනගෙන තියෙන්නෙ ඒත් සම්භාධක අරව මේවා කේස් එක්ක තෙල් වෙළඳාම කඩා වැටිලා සොෆ්ට්වෙයාර් පැත්තට මාරු වෙලා.

    මම උගෙන් ඇහුවා චාවේස් ගැන එහෙම ඌ මෙහෙ කට්ටියට නම් වීරයෙක් එහෙත් එහෙමද කියලා. ඌ කියනවා මෝඩ මිනිස්සුන්ට නම් මිනිහා වීරයෙක්ලු රට ගැන කතන්දර කියලා මිනිස්සුන්ව අල්ලගෙනලු හිටියෙ. රට බංකොලොත් වෙන්නත් ඌ සෑහෙන්න වගකියන්න ඕනෙලු.

    රටට එච්චර බඩුමුට්ටු එන්නෙ නැති නිසා බඩු ජාවාරම් නම් ලොකුවට වෙනවලු. ඒ වගේම දුප්පත් කම හින්දා මංකොල්ල කාරයොත් වැඩිලු. පාරක බැහැලා යන්න බයේ බෑ කිව්වා ඒක උගේ රට උනත්.

    එහෙ උන් කතා කරන්නෙත් ස්පාඤ්ඤ බාසාවමලු. ඒත් ස්පාඤ්ඤෙ එවුන් කතා කරනවට වඩා ඇක්සන්ට් එක වෙනස්ලු. ඒවගේම සමහර වචනත් වෙනස්ලු.

    ඌ දැන් අනික් රටට ගියාට පස්සෙ ආපහු වෙනිසුලා ගියේ නෑලු ආයෙ එන්න වෙයිද දන්නෙ නැති හින්දා. උගෙ දෙමව්පියො තාමත් ඒ රටේ දුක් විඬින එක ගැන දුකෙන් ඌ ඉන්නෙ. පුළුවන් දවසක ගෙන්න ගන්නවාලු. පිටරටින් කවුරුහරි එකෙක් උන්ගෙ රටට ගියොත් ඒ මිනිහා පස්සෙන් ආණ්ඩුවෙ ඔත්තුකාරයෝ එනවලු. ඌ දැන් එහෙ ගියත් එහෙමලු. පස්සෙ එහෙ ඉන්න උගේ දෙමාපියන්ටත් කරදර වෙයිලු, ඒක නිසා යන්නෙ නෑලු.

    උන්ගෙත් ලමයි ලොකු උනාට පස්සෙ දෙමව්පියො හොයන්න එන්නෙ නෑලු. මුන්ගෙ පවුලෙ සහෝදර සහෝදරියො අතර පරතරය ටිකක් වැඩි හින්දා උන් ලොකු වෙද්දිත් පොඩි කට්ටිය ගෙදර හිටියලු, ඉතින් උන් එක එකාව එක්කන් ඉද්දි අවුල් හින්දා තාත්තා කරේ එක එකාට වත්තේ තැන් තැන් වල කොටේජ් එක ගානේ හදලා දීපු එකලු කැමති දෙයක් කරගන්න.

    තව කිව්වා උන්ගේ ආර්ථිකයට දරුණුවටම කෙළවුනේ ඇමරිකාවත් එක්ක තරහට ඇමරිකන් ඩොලර් එක අඩුවෙන් තියාගන්න අතින් ගෙවන හින්දලු.