පිටසක්වල ජීවින් අපව නිර්මාණය කලාද??????
මුළු මහත් විශ්වයේම තියෙන අපූර්වම දෙය විදියට මම දකින්නේ ජීවය.සත්වමය හෝ ශාඛමය වේවා, ක්‍ෂුද්‍ර ජීවින් හෝ මහා ජීවින් වේවා ජීවය කියන්නේ කියල නිම කරන්න බැරි තරම් අපූර්ව දෙයක්. පෘතුවිය මත ජීවය ආරම්භ වුනේ මීට වසර බිලියන 3.5කට විතර කලින්.පෘතුවිය මත ජීවයේ ආරම්භය ගැන කතා කරත්දී පරිනාමවාදය හැරුනාම තිබෙන ප්‍රධානම මතය වෙන්නේ පැන්ස්පර්මියා වාදය.මෙයින් කියවෙන්නේ විශ්වයේ කොතැනක හෝ බිහි වුනු ජීවය පෘතුවියට පැමිණ එයටම ආවේනික මගක ගමන් ගත් බවයි.මෙම මතයට නව අරුතක් එක් කරමින් නවතම ආරක මතවාදයක් විද්‍යාඥයන් කිහිප දෙනෙක් විසින් ඉදිරිපත් කරලා තියෙනවා.
ප්‍රධාන පෙලේ විද්‍යාඥයන් දේපලක් විසින් ඉදිරිපත් කරන මේ මතයට අනුව ජීවයේ ආරම්භයට හේතු වුණු මුල්ම ජීවී අනුව, පිටසක්වල ජීවින් විසින් සැලසුම් කල එකක්.එහි කාර්ය වන්නේ දුර ඈත තරු අතරට ජීවය ගෙන යාම මෙන්ම එහි නිර්මාපකයන්ගේ පණිවිඩයක්ද ගෙන යාමයි.
මේ නවතම මතය ඉදිරිපත් කරන්නේ කසකස්තානයේ අල් -ෆරාබි කසාක් (al-Farabi Kazakh) ජාතික විශ්විද්‍යාලයේ විද්‍යාඥ ව්ලැද්මීර් I. ශෙබාක් (Vladimir I. shCherbak) සහ ෆෙසේන්කොව් (Fesenkov) අභ්‍යවකාශ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයේ මැක්සිම් A.මකුකෝ (Maxim A. Makukov ) යන මහත්වරුන් විසින්.ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන අන්දමට DNA අනුවක පවතින සංකීර්ණ ව්‍යූහය ගණිතමය ආකෘති මගින් පවා පැහැදිලි කිරීම ඉතා අපහසුයි.
ඉකාරස් (Icarus) විද්‍යාත්මක සඟරාවේ පල වුනු ඔවුන්ගේ නව පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දෙන අන්දමට අන්තර්තාරකාමය පණිවිඩයක් සම්ප්‍රේෂණය කිරීමට DNA අනුවක් ඉතා සුදුසු මාධ්‍යක්.මේ විශ්වයේ යම් තැනක සිටින බුද්ධිමත් ජීවින් කොටසක් ඔවුන්ගේ පණිවිඩයක් සහිත Dකියන විදියට යම් කිසි DNA අනු මගින් විශ්වය පුරාම ජීවය ව්‍යාප්ත කළා විය හැකියි.මේ කියන විදියට යම් කිසි බුද්ධිමත් ජීවී විශේෂයක් පෘතුවියේ ජීවය ආරම්භ කල මුල්ම අනුවේ පණිවිඩයක් සටහන් කර තැබුවා නම් එය තවමත් නොනැසී පැවතිය යුතුයි.ආලෝක වර්ෂ දස දහස් ගණනක් ගෙවා මෙහි පැමිණ, තවත් අවුරුදු බිලියන ගණනක් නොනැසී බලා සිටි මේ පණිවිඩය කුමක් විය හැකිද?
මූලාශ්‍රය - http://arxiv.org/ftp/arxiv/papers/1303/1303.6739.pdf
කරුණාකරලා වැරදි තියෙනවා නම් පෙන්වලා දෙන්න.මුලින්ම බනින්නේ නැතිව.
පිටසක්වල ජීවය ගැන දැන ගන්න කැමතිද? එකතු වෙන්න අපිට - http://www.ufonewzlanka.blogspot.com/
බම්ප් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා යාලුවනේ.