Silurian Hypothesis ඩයිනෝසිරස් ශිෂ්ඨචාරයක් තිබිලාද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,428
    100,393
    113


    Silurian Hypothesis 🦖👽

    තාරකා භෞතික විද්‍යාඥයෙක් වන ඇඩම් ෆ්‍රෑන්ක් සහ නාසා වලට අනුබද්ධිත GISS හි (ගොඩාඩ් ආයතනයේ) දේශගුණික විද්‍යාඥයෙක් වන ගාවින් ශ්මිඩ්ට් දෙදෙනා විසින් 2018 වසරේදී International Journal Of Astrology වලට පත්‍රිකාවක් පළ කරනවා.

    මෙකෙදි එයාලා මතු කරන්නේ මොකද්ද කියලා සරලවම කිව්වොත්:

    වර්තමාන මානව ශිෂ්ටාචාරයට පෙර, කාර්මික වශයෙන් දියුණු පූර්ව මානව ශිෂ්ඨාචාරයක් තිබුණ ද ?
    තිබුණා නම් ඒ කොයි කාලයේ ද ?
    එහෙම තිබුණා නම් අද වෙනකොට ඒවල සාක්ෂි සොයා ගැනීමට අපහසු වෙන්න තියන ප්‍රධානම ගැටළු මොනවද ? වගේ කාරණා කීපයක් ගැන උපකල්පනය කරලා තියෙනවා.

    මුලින්ම කියන්න ඕන මේක උපකල්පනයක් පමණයි. මේකේදි එයාලා කොහේවත් කියලා නෑ වසර මිලියන ගණනකට පෙර දියුණු පූර්ව මානව ශිෂ්ටාචාරයක් තිබුණා හෝ ඒවට සාක්ෂි හොයාගෙන තියෙනවා කියලා ✋

    පහුගිය දවස් වල පිටසක්වල ජීවීන් මිනිස් සමාජය තුළ සැරිසැරීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා විද්‍යාධරයන් ගොඩ නගපු උපකල්පනයට ලංකාවේ වගේම ජාත්‍යන්තර මාධ්‍යත් විකෘති කරන ලද ප්‍රවෘත්තියක් ගෙනිච්චා මතකනේ.

    ඒ විද්‍යාඥයන් තුන්දෙනා ඒ උපකල්පනය ගොඩ නගල තියෙන්නේ රජයේ ආයතනය විසින්ම එළියට දාපු පහුගිය කාලය පුරාවට සීඝ්‍ර ලෙස වැඩි වූ හඳුනා නොගත් පියාසර වස්තූන් සහ හඳුනා නොගත් නූතන භෞතික විද්‍යාවට පැහැදිලි කළ නොහැකි සංසිද්ධි මොනවා වෙන්න පුළුවන් ද වගේ කියලා හදපු උපකල්පනයක්. ඒක ජාත්‍යන්තර මාධ්‍ය විසින් සෑහෙන වැරදි ප්‍රචාරයක් දීලා තිබුණා. රාමුවේ ඒක ගැන හොඳ පැහැදිලි කිරීමක් දක්වල තිබුණා පේපර්ස් එක්කම.

    සිළුරියන් උපකල්පනයට ආවොත් මෙතනදි කතා කරන්නේ අවුරුදු මිලියන ගණනක් පෙර අතීතය ගැන.තවත් විදියට කිව්වොත් පහුගිය අවුරුදු මිලියන 440 ක් දක්වා කාල පරාසය ගැන.

    නූතන මානව ශිෂ්ටාචාරය (හෝමෝ සේපියන්) පරිණාමය වෙන්න පටන් අරන් දැනට අවුරුදු ලක්ෂ 3 ක් වෙනවා කියලා තමයි දැනට විද්‍යා සමාජයේ පොදු පිළිගැනීම. ඕකත් ලක්ෂ දෙකක වගේ තිබිලා තව ලක්ෂයක් ආපස්සට ගෙනියන්න පුළුවන් වුණේ අවුරුදු කීපයකට කලින් මොරොක්කෝවෙන් සොයාගත් ෆොසිල සාධක වලින්.

    ඒසා විශාල දීර්ඝ කාලයකදී දියුණු පූර්ව මානව ශිෂ්ටාචාරයක් ඇතිවෙලා, පැවතිලා,විනාශ වෙලා ගියා නම් අපි කොහොමද සාධක මතු කරගන්නේ කියන කතාව තමයි මෙකෙදි මූලිකව මතුකරන කරුණ.

    අවුරුදු මිලියන 20-440 දක්වා කාල පාරසය තුළ දියුණු ජීවී ශිෂ්ටාචාරයක් ඇති වෙලා නැති වෙලා ගියේ නැහැ කියන්න පුළුවන් ද ? මෙකෙදි මේ ගොල්ලෝ ගේන ප්‍රධානම දේ තමයි භූ ගෝලීය වෙනස්කම් හා දේශගුණික වෙනස්කම්.

    ඔය කාල පරාසය තුල ඉතා දියුණු ශිෂ්ටාචාරයක් ඇති වෙලා නැති වෙලා අද වෙනකොට අළුවත් හොයාගන්න බැරි තැනට පත් වෙන්න පුළුවන්.ඒ නිසා අපට භෞතිකමය සාධක සොයා ගැනීම ඉතාම අපහසුයි වගේම අභාව්‍යියි.

    නමුත් පහුගිය වසර මිලියන 25-440 ක දක්වා කාලය තුළ පෘථිවි දේශගුණය ඉහළ යෑම්, ක්ෂණික කාබන් විමෝචනයේ ඉහළ යෑම් ආදිය දියුණු ශිෂ්ටාචාරයක ප්‍රතිපලයන් නිසා විය නොහැකිද වගේ ප්‍රශ්න ගොඩක් මතු කරලා තියෙනවා.

    පහුගිය අවුරුදු තුන් සීයක කාල පරාසය තුල කාබන් විමෝචනය ඉහළ යෑම ග්‍රැෆික් සටහනකට දැම්මොත් බලාගන්න පුළුවන් අපේ මානව ශිෂ්ටාචාරය දියුණු වීම පටන් ගැනීමත් එක්ක රැපිඩ් විදියට කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා.

    ආයෙත් කියන්න ඕන, පහුගිය වසර මිලියන ගණන තුළ සිදු වූ භූ ගෝලීය හා දේශගුණික වෙනස්කම් වලින් කාබන් විමෝචනය ක්ෂණික ලෙස ඉහළ යෑම යම් දියුණු ජීවී ශිෂ්ටාචාරයක් කරන ක්රියාකාරකම් වල ප්‍රතිඵල කියලා හැම වේලාවෙම ලඝු කරන්න බෑ. එහෙම කියන එක සම්පූර්ණයෙන් වැරදි.

    මොකද කෘතිම විදියට මේ විදියට සිදුවෙන දේශගුණික වෙන්වස්කම් ස්වාභාවික සංසිද්ධි වලිනුත් රෙප්ලිකෙට් වෙන්න පුළුවන් සහ එහෙම වෙච්ච අවස්ථා සෑහෙන්න තියෙනවා. මේ ගැන සමබර විග්‍රහයක් මීට මාස කීපයකට පෙර PBS Space Time චැනලයෙන් දක්වල තිබුණා.(රෙකමන්ඩ් කරන හොඳ චැනල් එකක්)

    අනිත් කරුණ භූ විද්‍යාව සහ ෆොසිල අධ්‍යනය. ශිෂ්ටාචාරයන් ගැන සොයාගද්දි ඉතා වැදගත් විෂයක් තමයි paleontology කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පහුගිය අවුරුදු මිලියන 440 ක සිදුවීම් සියල්ල අපි ගවේෂණය කරලා ද තියෙන්නේ කියන එක.

    අගයක් විදියට කිව්වොත් පහුගිය අවුරුදු මිලියන 2.5 ක කාල සීමාවට අයත් භූ වෙනස්කම් සැලකිය යුතු ප්‍රමාණයක් අපි ගවේෂණය කරලා තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා.

    (අවුරුදු 11,500 සිට මිලියන 2.6 දක්වා කාල සීමාව ප්ලයිස්ටෝසීන යුගය, සරලව අයිස් යුගය)

    මෙතනදි කතා කරන්නේ එතනින් එහාට ගිහිල්ල අවුරුදු මිලියන 65-440 වගේ කාල සීමාවක් ගැන.

    ඊළඟ දේ, වර්තමානයේ ගවේෂණය කරන ප්‍රමාණය කියන්නේ පෘථිවි මතුපිටින් 1% කටත් අඩු කොටසක්.

    ග්‍රාහක ඝට්ටන, ගිනිකදු පිපිරීම් වගේ පාරිසරක සහ දේශගුණික විපර්යාස නිසා පහුගිය අවුරුදු මිලියන 500 ක වගේ දේවල් නූතන පෘථිවි මතුපිට ගවේෂණය කරලා හොයාගන්න බැහැ. ඒක වෙන්න විදියක් නැහැ. මොකද එහෙම දේවල් වල අළුවත් තියෙන්න ලේසි නැහැ.ඔය ඩයිනෝසර ෆොසිල අයත් වෙන්නේ (මිලියන 65 න් එහාට) ඒ කාල සීමාවට. හැබැයි සමස්තයක් හැටියට ඒක ඉතාම සුළු සුළු අගයක්.

    මෙකෙදි එන අනිත් කතාව තමයි ඩ්රෙක් සමීකරණය. Drake Equation එක කියන්නේ යම්කිසි මන්දාකිණියක් තුළ සෞරග්‍රහ මණ්ඩල පිහිටීමක ජීවයක් හටගන්න සුදුසු පරිසරයක ජීවයක් හටගන්න තියෙන සම්භාවිතාව ගැන. Silurian Hypothesis එකේදි Drake සමීකරණය අප්ඩේට් කරන්න වෙන අවස්ථාවක් එහෙමත් තියෙනවා.

    දියුණු පූර්ව මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි නම් එම ජීවීන් නූතන මිනිසාගේ හැඩරුවම විය යුතු නැහැ. ඔය ඩයිනොසර මුහුණ වගේ වුණත් තිබිලා පරිණාමය වෙන්න පුළුවන්. උරඟරුපි කියලා කියන්නේ.

    ( මෙතනදී උරඟරුපි (Human reptilians) කියන ඉලුමනාටි රට බයිලා විකාර කතා එක්ක පටලවා ගතයුතු නැහැ)

    Silurian කියන නම දාලා තියෙන්නේ BBC එකෙන් විකාශය වුණු Doctor Who කියන ප්‍රබන්ධ කතාවේ ජීවීන් වර්ගය ගැන හිතලා මිසක් පදනමක් ඇතිව දාපු නමක් නෙමෙයි.

    මේ උපකල්පනය අඟහරු වගේ ග්‍රහලෝකයකට වුණත් වලංගු උපකල්පනයක්. මෙතන විශේෂ වශයෙන් කියන්න ඕන Silurian Hypothesis එකෙන් කියන්නේ අපිට වඩා තාක්ෂණිකව සහ කාර්මික ලෙස ගොඩක් ඇඩ්වාන්ස් පූර්ව මානව ශිෂ්ටාචාරයක් තිබුණා නම් සොයාගැනීමේ අපහසුතාව ගැන.

    මේ උපකල්පනයත් එක්වරම නොමඟ යවන සුළු අදහස් ඇති කරන්න පුළුවන් මාතෘකාවක් වුණත්, හරියට බැලුවොත් මෙතන ඒගොල්ලො මතු කරන පොයින්ට් එක වැලීඩ් පොයින්ට් එකක්.කැමති අයට හොයලා බලන්න පුළුවන් මාතෘකාවක්.

    පහළ පළවෙනි රූප දෙක නම් අදාළ නැහැ. තුන්වෙනි රූපය පත්‍රිකවෙන් ඇබ්ස්ට්‍රැක්ට් එකෙන් ගත්තු එකක්.

    https://www.facebook.com/share/p/JR1Vn9iib4dg5seA/?mibextid=xfxF2i


    @Edward Kenway මේ එදා අපි අර අහපු සීන් එක. අපිට කලින් බුද්ධිමත් කට්ටියක් හිටියා නන් කියන එක
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නැතුව ඇති නෙහ්
    තිබ්බ නන් අකියිලොජිස්ලට මොනා හරි හම්බෙලා මෙලහකට

    එහෙනන් අර ඇට්ලන්ටිස් වගෙ ගිලිච්ච එක්ක වෙන්න ඇති.
    එකටත් සාක්කි නැනෙ, මන් දන්නෙ නැ ඇට්ලන්ටිස් කොහෙන්ද ආවෙ කියලවත්
    විද්‍යා ප්‍රබන්ද පොතකින් ද





    ඊළඟ දේ, වර්තමානයේ ගවේෂණය කරන ප්‍රමාණය කියන්නේ පෘථිවි මතුපිටින් 1% කටත් අඩු කොටසක්.

    මේක හරිද
    ගැබුරු මුදු පතුලෙන් නන් 1% වෙන්න ඇති
    මතුපිට 1 ට වඩා වැඩි වෙන්න ඔන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,393
    113
    නැතුව ඇති නෙහ්
    තිබ්බ නන් අකියිලොජිස්ලට මොනා හරි හම්බෙලා මෙලහකට

    එහෙනන් අර ඇට්ලන්ටිස් වගෙ ගිලිච්ච එක්ක වෙන්න ඇති.
    එකටත් සාක්කි නැනෙ, මන් දන්නෙ නැ ඇට්ලන්ටිස් කොහෙන්ද ආවෙ කියලවත්
    විද්‍යා ප්‍රබන්ද පොතකින් ද







    මේක හරිද
    ගැබුරු මුදු පතුලෙන් නන් 1% වෙන්න ඇති
    මතුපිට 1 ට වඩා වැඩි වෙන්න ඔන
    No idea මේක නන් මම මේ එහෙමම ගෙඩි පිටින් කොපි පෙස්ට් කරේ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,783
    5,759
    113
    නැතුව ඇති නෙහ්
    තිබ්බ නන් අකියිලොජිස්ලට මොනා හරි හම්බෙලා මෙලහකට

    එහෙනන් අර ඇට්ලන්ටිස් වගෙ ගිලිච්ච එක්ක වෙන්න ඇති.
    එකටත් සාක්කි නැනෙ, මන් දන්නෙ නැ ඇට්ලන්ටිස් කොහෙන්ද ආවෙ කියලවත්
    විද්‍යා ප්‍රබන්ද පොතකින් ද







    මේක හරිද
    ගැබුරු මුදු පතුලෙන් නන් 1% වෙන්න ඇති
    මතුපිට 1 ට වඩා වැඩි වෙන්න ඔන
    අමාරුයි බන් හොයා ගන්න. මොකක් හරි අහම්බයකි න් හම්බ උනොත් තමා. ලෝකේ ගොඩක් දේවල් හම්බ වෙන්නේ අහම්බෙන්. ලංකාවේ උන්ත අනුරාධපුර නටබුන් වලට යටින් තවත් නගරයක නටඹුන් හම්බවෙලා තියනවා. ඒ වගේ තමා. අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    No idea මේක නන් මම මේ එහෙමම ගෙඩි පිටින් කොපි පෙස්ට් කරේ.


    are you serious barack obama GIF by Obama
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,065
    198,504
    113
    Colombo, Sri Lanka
    මේ ඇට්ලන්ටිස් කියන්නෙ ඇත්ත එකක්ද?
    එහෙම හිතන් හොයනවා නේද. තවමත් පැහැදිලි ශාක්ෂියක් නැහැ හැබැයි..... හුගක් දුරට හිතලුවක් වෙන්නත් පුළුවන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    interesting thought experiment එකක්.

    එදා එක ටිකක් වෙනස් නේද? ජිවය පැවතුන කාලය තුල මිනිස්සු වගේ තව ජාතියක් ඉඳල නැති උනාද කියලනේ කතා උනේ. එතැනදී මගේ ප්‍රශ්නේ ජීවය ආරම්භ උන දවසේ ඉඳන් මිනිස්සු වගේ සංකීර්ණ උන් හිටියේ නැති එක.

    video එකේ කියනවා වගේ මේකේ සාධක භාරය හෙන විශාලයි, දැනට අපි දන්න fossile record එක බැලුවොත් ජීවය සරල තැන ඉඳන් ක්‍රමිකව අද තියන තැනට ඇවිත් තියෙන්නේ. ඉතින් ඔකේ අතර මැද හෙන දියුණු ජාතියක් හිටියා කියන්නේ ඒ chain එකට සම්පුර්ණයෙන්ම පිටින් මොකෙක් හරි හිටිය කියන එකනේ.

    මට හිතෙනවා ඊට වඩා ඉඩක් තියනවා (සාපේක්ෂව, නැතුව උනා කියනවා නෙවෙයි) කියල මොනවා හරි ජීවයක් තිබිල ඒක සම්පුර්ණයෙන්ම නැති වෙලා ගිහින් ආපහු පෘතුවියේ ජීවයක් ඇති වෙන්න (ඒ කියන්නේ පටන් ගැනීම් දෙකක්). එහෙම උනා නම් අපිට කලින් හිටපු උන් (civilization එකක් තිබුන හෝ නැතා) අපිට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් නේද?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    Probably there may have been an advance civilization on earth some millions years ago and they may have been wiped put due to either war 🤔 or some natural disaster, and after few millions years, humans may have evolved, who knows 🤷‍♂️