එහෙනන් අර ඇට්ලන්ටිස් වගෙ ගිලිච්ච එක්ක වෙන්න ඇති.
කන්නිමහර සුමංගල හාමුදුරුවො පරිවර්තනය කරපු සංසාර මන්දිර (original - Many Mansions) කියන පොතේ තියෙන්නෙ එඩ්ගා කේසි කරපු කියවීම් සහ අතීත ආත්මභාව වල කරපු කර්ම වල විපාක මතු ආත්ම වල ලැබෙන හැටි. ඒකෙ කියල තියෙනවා ඉතිහාසෙ එක එක යුග වල ඉපදිලා එකට කර්ම රැස් කරගත්ත මිනිස්සු නැවත නැවත එකට ඉපදෙන්න ඉඩක් තියෙනවා කියලා. රෝම ශිෂ්ඨාචාරෙ, කුරුස යුද්ධ කාලෙ, ප්‍රංශ විප්ලවය කාලෙ, ඊජිප්තු ශිෂ්ඨාචාරෙ වගේම ඇට්ලන්ටිස් වලත් ඉපදුන අය ආයෙ ආයෙ එකට ඉපෙදෙනවලු රැලි වගේ. රෝම රැල්ල එකට, ඇට්ලන්ටිස් රැල්ල එකට වශයෙන්. ඇට්ලන්ටිස් සෑහෙන දියුණුවට තිබිලා මිනිස්සුන්ගෙ විනයක් නැතිකම අසීමිතව ඉඳුරන් පිනවීමේ ආසාව නිසා නෂ්ඨ වුනා කියල කියල තියෙනවා. ඇට්ලන්ටිස් තිබිල තියෙන්නෙ වර්තමාන අත්ලන්තික් සාගරයෙ ඇමරිකාව අප්‍රිකාව අතර ලු. බර්මියුඩා මියාමි කිට්ටුව තියෙනවා බිමිනි කියල ට්‍රොපිකල් පැරඩයිස් ටයිප් දූපතක්. ඒක ඇට්ලන්ටිස් වල තිබ්බ උසම කඳු මුදුණලු.
ඊජිප්තු ශිෂ්ඨාචාරෙ එක්ක දකුණු ඇමරිකන් මායා ඉන්කා ශිෂ්ඨාචාර යම් යම් සමාන ලක්ෂණ පෙන්නන්න හේතුවත් මේ නැවත ඉපදීම් කියල දක්වල තියෙනවා. ඊජිප්තුවෙ හිටිය දැනුමැති ඩයල් අර අනිත් ශිෂ්ඨාචාර වල නැවත ඉපදිලා, ඒ දැනුම ඔස්සේ ඒ ශිෂ්ඨාචාර ගොඩනැගුවා කියන කතාව කියන්නේ. අපි යම් ආත්මභාවයක ආසාවෙන් උනන්දුවෙන් කරන වැඩකින් රැස් කරගන්න දැනුම ඊළඟ ආත්මෙටත් ගිහින්, ඒ ආසාවෙ ප්‍රමාණය මත ඉබේම හෝ වෙන පොඩි බාහිර කරුණකින් ට්‍රිගර් වෙලා කන්ටිනිව් වෙනව කියල කියන්නෙ.
සමහරවිට ඊජිප්තුවට ඇට්ලන්ටිස් වලට දැනුම ආවෙ ඊට කලින් තිබුණ ඇඩ්වාන්ස්ඩ් ශිෂ්ඨාචාරයක ඉපදිලා හිටිය අයගෙන්ද කියන්න බෑ.
දකුණු ඇමරිකන් මෑත කාලීන ශිෂ්ඨාචාර වල නටබුන් වලට පහලින් ඊට වඩා ඉතාම දියුණු ලෙස නිර්මාණය කරපු ඉදිකිරීම් වල නටබුන් තියෙනවලු. මායා ඉන්කා උන් නිකන් ගලුයි මැටියි වලින් බඳපු බැමි තියෙද්දි ඊට යට ස්ථරවල තියෙනවලු පට්ටම ප්‍රිසිෂන් එකකින් හරි හතරැහැට කපපු කළුගල් එකට පුරුද්දලා හදපු ගොඩනැගිලි කොටස්. සමහර අලුත් ඒව ඉදිකරල තියෙන්නෙ අර පරණ හොඳට හදපු ගොඩනැගිලිවල පාදම් උඩින්මයි කියල කියනව.
ඒ වගේම අසීමිත ලෙස ඉඳුරන් පිනවන අයට වගේම අසාධාරණ ක්‍රියා කරන අයට ඉදිරි ආත්ම වල ඒවට ඵලවිපාක ලැබෙනව කියලත් කියල තියෙනවා.