පිටසක්වල මමී ඇත්තද?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    IMG_3779.jpeg


    අද දවසේ shocking news එකක් විදියට මෙක්සිකෝවේ හම්බුන alien මමී දෙකක්, මාධ්‍ය හමුවකින් එලි දක්වනවා. මේකෙ වැදගත් දේ තමයි CT scan සහ DNA සාක්ෂි පවා තියෙනවා කියලා claim කිරීම සහ CT scan චායාරූප ලබා දීම.
    මෙවගේ news එකක් ආවම කෙනෙක්ට හිතෙන්න පුලුවන් විද්‍යාත්මකව තහවුරු කරලා කියලා මේ පිටසක්වල නිදර්ශක. ඒ වගේ අවස්තාවක බලන්න නිව්ස් එක එන්න කලින් peer reviewed journal එකක් publish වෙලාද කියලා. විද්‍යාත්මක සොයාගැනීම් මීඩියා වලට ප්‍රසිද්ධ කරන්නේ එහෙම publish කරාට පස්සේ. කලින් කරන්නේ නැත්තේ පරීක්ෂණ වල සනාත භාව්‍ය තහවුරු වෙන්නේ අර process එකෙන් පස්සේ නිසා. මෙව් සිදුවීමෙදී එහෙම කිසිම journal publication එකක් නෑ.
    ඊට පස්සෙ බලන්න මේ ඉදිරිපත් කිරීම කරන්නේ කවුද කියලා. මේක කරන්නේ මෙක්සිකෝවෙ මාද්‍යවේදියෙක් වෙන Jaime Maussan.

    IMG_3780.jpeg


    මෙයා alien සම්බන්ධ scam අති බහුතරයක් කරලා අතේ මාට්ටු වුණ අංක එකේ ප්‍රෝඩාකාරයෙක්. මෙයාගේ උපක්‍රමය තමයි alien, UFO හෝ අත්භූත මමියක චායාරූප හෝ නිදර්ශක පෙන්වලා හිට් එකක් කරන එක. එහෙම කරලා documentry හදලා මිලියන ගණන් හම්බ කරන එක. ටික කාලෙකට පස්සේ මේක scam කියලා ඔප්පු වෙනවා. නමුත් ඒ වෙනකොට ප්‍රසිද්ධිය සහ සල්ලි හොයලා ඉවරයි. Maussan කියන්නේ "අහසේ තරු කියන්නේ පිටසක්වල යානා, ඒකයි ඒවා රෑට ගමන් කරන්නේ" කියලා කියන delusional එකෙක්.
    වරක් ඔහු අත්බූත සත්වයෙක් කියලා බර ගානක් සල්ලි දීලා ගත්ත නිදරශකයක් ප්‍රසිද්ධ කරනවා. පස්සේ ඔප්පු වෙනවා ඒක හම ගහපු ලේන වඳුරෙක් කියලා.
    පස්සෙ මෙයාම තටු තියෙන ප්‍රයිමේටාවෙක්ගේ නිදර්ශකයක් වෙනත් මාධ්‍යවේදියෙක්ට ලබා දීල ප්‍රසිද්ධ කරනවා. Demon fairy කියල මේකව හෙනට ප්‍රසිද්ධ වෙනවා. මේ demon fairy නිදර්ශකයය වවුල් තටු සහ වඳුරෙක්ගේ ඔලුවක් භාවිතයෙන් හදපු ප්‍රෝඩාවක් කියලා ටික දවසකින් ඔප්පු වෙනවා.
    මෙයා ඉදිරිපත් කරන ඒලියන් කෙනෙක් ඉන්න සත්‍ය චායාරූපයක් කියපු එකක, google search කරල එන alien පින්තූරයක් photoshop වලින් දාපු එකක් කියලා තහවුරු වෙනවා
    ඊට පස්සේ මේ පාර වගේම කලින් පාරකත් ඔලුව දිග, ඇඟිලි තුනේ මමී හම්බුනා කියලා කියනවා. මමියේ x ray පරීකෂා කරාම ඇඟිලි තුනේ අත හදලා තියෙන්නේ වැඩිහිටි සහ ළඳරු අස්ථි එකතු කරලා ඉතාම ළාමක විදියට. අඩුම ගානේ articulate surface ඒවාවත් ගැලපෙන්නේ නෑ. හොඳම එක තමයි අත්ල හදන්න අරන් තියෙන එක ලඳරුවෙක්ගේ අස්තියක් tibia bone එක. ඒක කකුලෙ තියෙන දිග අස්තියක් . ඊට පස්සේ ඒකෙ DNA test කරලා බලපු ප්‍රංශ කණ්ඩායමක් තහවුරු කරනවා මේ 100% මිනිස් DNA කියලා.
    ඒක නිසා මේපාර alien mummy ටිකත් Maussan ඇතුළු කණ්ඩායම දක්ෂ ලෙස හඳපු next level ස්කෑම් එකක් කියලා සැකයක් නෑ. ටික දවසකින් ඒක ඔප්පු වෙයි. එතකොට මූ හොඳ ගාණක් හොයාගෙන ඉවරයි. ඒක නිසා news එකක් එනකොට එන source එක කවුද සහ් ඉදිරිපත් කරපු ක්‍රමය මොකක්ද කියලා බල්න්න මුලින්ම. එතකොට scam වලට අහු වෙන්නේ නෑ.

    ප.ලි. - මේක බොරුවක් කියන්න මෙතන evidance දීලා නෑ. නමුත් ඉදිරිපත් කරන කෙනාගේ ඉතිහාසය එක්ක scam එකක් වීමේ probability එක සෑහෙන වැඩි කියලයි කියන්නේ.
    සටහන - herpSL

    https://m.facebook.com/story.php?st...RmR7EWRF5l&id=100088735662757&mibextid=qC1gEa
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,633
    1
    5,948
    113
    වෙන භාෂාවක් කතා කලාට, හැඩ හුරුකමින් වෙනස් උනාට මැක්සිකෝවෙ ඉන්නෙත් ලංකාවෙ ජාතියෙ බඩු.
    ධම්ම්කය ගියා නං කොරොනා පැණි ෆැක්ටරියක් දාගන්න තිබ්බ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,395
    4,025
    113
    වෙන භාෂාවක් කතා කලාට, හැඩ හුරුකමින් වෙනස් උනාට මැක්සිකෝවෙ ඉන්නෙත් ලංකාවෙ ජාතියෙ බඩු.
    ධම්ම්කය ගියා නං කොරොනා පැණි ෆැක්ටරියක් දාගන්න තිබ්බ
    Ow ow

    Huunian ehemath Matharata eha 😂
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මෙයා alien සම්බන්ධ scam අති බහුතරයක් කරලා අතේ මාට්ටු වුණ අංක එකේ ප්‍රෝඩාකාරයෙක්.
    උබම ප්‍රශ්නේ අහලා උබම උත්තරේ දීලනේ. දැන් මොකක්ද ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,918
    16,894
    113
    Colombo
    බලපංකො ඒකෙත් හැටි. හම්බෙන aliens ල ඔක්කොම humonoids ල. (මිසින් රූපෙට සමාන).

    aliens ල humonoid වෙන්නම ඕනෙ නෑ. arrival එකෙ වගෙ octopus වගේ වෙන්නත් පුලුවන්.

    මේක 100% scam.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    කවුද දන්නේ අපි නොදන්න මනුස්ස විශේෂ හිටියද කියලා

    https://www.theguardian.com/science/2010/mar/24/new-human-species-siberia


    මමිය සමහර විට අති දුර් ලභ විකෘතියක් එකක් උපන්න මානවයෙක් වෙන්නත් පුලුවන්.

    මේක උදාහරණයකට ගන්න පුලුවන්

    636574064177437299-AFP-AFP-1303D3.jpg


    photo_261746.jpg


    චීලි රටෙන් හම්බ වුන මමියක්..මුලදි හිතලා තියෙන්නේ පිටසක්වලයෙක් කියලා.ඩී එන් ඒ පරීක්ෂා කලාම මනුස්සයෙක් කියලා ඔප්පු වුනා කියන්නේ...

    https://www.nationalgeographic.com/history/article/chile-mummy-ata-alien-dna
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බලපංකො ඒකෙත් හැටි. හම්බෙන aliens ල ඔක්කොම humonoids ල. (මිසින් රූපෙට සමාන).

    aliens ල humonoid වෙන්නම ඕනෙ නෑ. arrival එකෙ වගෙ octopus වගේ වෙන්නත් පුලුවන්.

    මේක 100% scam.
    ow anika ara congressional hearing eka assema bodiesuth mathu wenawa 😂
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බොරුවක් වගේ කියලද කියන්නෙ
    A wage bn.
    බලපංකො ඒකෙත් හැටි. හම්බෙන aliens ල ඔක්කොම humonoids ල. (මිසින් රූපෙට සමාන).

    aliens ල humonoid වෙන්නම ඕනෙ නෑ. arrival එකෙ වගෙ octopus වගේ වෙන්නත් පුලුවන්.

    මේක 100% scam.




    කවුද දන්නේ අපි නොදන්න මනුස්ස විශේෂ හිටියද කියලා

    https://www.theguardian.com/science/2010/mar/24/new-human-species-siberia


    මමිය සමහර විට අති දුර් ලභ විකෘතියක් එකක් උපන්න මානවයෙක් වෙන්නත් පුලුවන්.

    මේක උදාහරණයකට ගන්න පුලුවන්

    636574064177437299-AFP-AFP-1303D3.jpg


    photo_261746.jpg


    චීලි රටෙන් හම්බ වුන මමියක්..මුලදි හිතලා තියෙන්නේ පිටසක්වලයෙක් කියලා.ඩී එන් ඒ පරීක්ෂා කලාම මනුස්සයෙක් කියලා ඔප්පු වුනා කියන්නේ...

    https://www.nationalgeographic.com/history/article/chile-mummy-ata-alien-dna