අද දවසේ shocking news එකක් විදියට මෙක්සිකෝවේ හම්බුන alien මමී දෙකක්, මාධ්‍ය හමුවකින් එලි දක්වනවා. මේකෙ වැදගත් දේ තමයි CT scan සහ DNA සාක්ෂි පවා තියෙනවා කියලා claim කිරීම සහ CT scan චායාරූප ලබා දීම.
මෙවගේ news එකක් ආවම කෙනෙක්ට හිතෙන්න පුලුවන් විද්‍යාත්මකව තහවුරු කරලා කියලා මේ පිටසක්වල නිදර්ශක. ඒ වගේ අවස්තාවක බලන්න නිව්ස් එක එන්න කලින් peer reviewed journal එකක් publish වෙලාද කියලා. විද්‍යාත්මක සොයාගැනීම් මීඩියා වලට ප්‍රසිද්ධ කරන්නේ එහෙම publish කරාට පස්සේ. කලින් කරන්නේ නැත්තේ පරීක්ෂණ වල සනාත භාව්‍ය තහවුරු වෙන්නේ අර process එකෙන් පස්සේ නිසා. මෙව් සිදුවීමෙදී එහෙම කිසිම journal publication එකක් නෑ.
ඊට පස්සෙ බලන්න මේ ඉදිරිපත් කිරීම කරන්නේ කවුද කියලා. මේක කරන්නේ මෙක්සිකෝවෙ මාද්‍යවේදියෙක් වෙන Jaime Maussan.
මෙයා alien සම්බන්ධ scam අති බහුතරයක් කරලා අතේ මාට්ටු වුණ අංක එකේ ප්‍රෝඩාකාරයෙක්. මෙයාගේ උපක්‍රමය තමයි alien, UFO හෝ අත්භූත මමියක චායාරූප හෝ නිදර්ශක පෙන්වලා හිට් එකක් කරන එක. එහෙම කරලා documentry හදලා මිලියන ගණන් හම්බ කරන එක. ටික කාලෙකට පස්සේ මේක scam කියලා ඔප්පු වෙනවා. නමුත් ඒ වෙනකොට ප්‍රසිද්ධිය සහ සල්ලි හොයලා ඉවරයි. Maussan කියන්නේ "අහසේ තරු කියන්නේ පිටසක්වල යානා, ඒකයි ඒවා රෑට ගමන් කරන්නේ" කියලා කියන delusional එකෙක්.
වරක් ඔහු අත්බූත සත්වයෙක් කියලා බර ගානක් සල්ලි දීලා ගත්ත නිදරශකයක් ප්‍රසිද්ධ කරනවා. පස්සේ ඔප්පු වෙනවා ඒක හම ගහපු ලේන වඳුරෙක් කියලා.
පස්සෙ මෙයාම තටු තියෙන ප්‍රයිමේටාවෙක්ගේ නිදර්ශකයක් වෙනත් මාධ්‍යවේදියෙක්ට ලබා දීල ප්‍රසිද්ධ කරනවා. Demon fairy කියල මේකව හෙනට ප්‍රසිද්ධ වෙනවා. මේ demon fairy නිදර්ශකයය වවුල් තටු සහ වඳුරෙක්ගේ ඔලුවක් භාවිතයෙන් හදපු ප්‍රෝඩාවක් කියලා ටික දවසකින් ඔප්පු වෙනවා.
මෙයා ඉදිරිපත් කරන ඒලියන් කෙනෙක් ඉන්න සත්‍ය චායාරූපයක් කියපු එකක, google search කරල එන alien පින්තූරයක් photoshop වලින් දාපු එකක් කියලා තහවුරු වෙනවා
ඊට පස්සේ මේ පාර වගේම කලින් පාරකත් ඔලුව දිග, ඇඟිලි තුනේ මමී හම්බුනා කියලා කියනවා. මමියේ x ray පරීකෂා කරාම ඇඟිලි තුනේ අත හදලා තියෙන්නේ වැඩිහිටි සහ ළඳරු අස්ථි එකතු කරලා ඉතාම ළාමක විදියට. අඩුම ගානේ articulate surface ඒවාවත් ගැලපෙන්නේ නෑ. හොඳම එක තමයි අත්ල හදන්න අරන් තියෙන එක ලඳරුවෙක්ගේ අස්තියක් tibia bone එක. ඒක කකුලෙ තියෙන දිග අස්තියක් . ඊට පස්සේ ඒකෙ DNA test කරලා බලපු ප්‍රංශ කණ්ඩායමක් තහවුරු කරනවා මේ 100% මිනිස් DNA කියලා.
ඒක නිසා මේපාර alien mummy ටිකත් Maussan ඇතුළු කණ්ඩායම දක්ෂ ලෙස හඳපු next level ස්කෑම් එකක් කියලා සැකයක් නෑ. ටික දවසකින් ඒක ඔප්පු වෙයි. එතකොට මූ හොඳ ගාණක් හොයාගෙන ඉවරයි. ඒක නිසා news එකක් එනකොට එන source එක කවුද සහ් ඉදිරිපත් කරපු ක්‍රමය මොකක්ද කියලා බල්න්න මුලින්ම. එතකොට scam වලට අහු වෙන්නේ නෑ.
ප.ලි. - මේක බොරුවක් කියන්න මෙතන evidance දීලා නෑ. නමුත් ඉදිරිපත් කරන කෙනාගේ ඉතිහාසය එක්ක scam එකක් වීමේ probability එක සෑහෙන වැඩි කියලයි කියන්නේ.
සටහන - herpSL
https://m.facebook.com/story.php?st...RmR7EWRF5l&id=100088735662757&mibextid=qC1gEa

