පිටසක්‌වල_ජීවියෙක්‌ද?_පෘථිවි_වැසියෙක්‌ද?

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
පිටසක්‌වල_ජීවියෙක්‌ද?_පෘථිවි_වැසියෙක්‌ද?

අඟල් 6ක්‌ උස මිනිසාගේ අබිරහස තවම හෙළි වී නැත.

atacama-humanoid.png

සම්පූර්ණ උසින් තුනෙන් එකක්‌ පමණ විශාල වූ අසාමාන්‍ය හිස්‌ කබලක්‌ සහිත අඟල් 6 ක්‌ දිග මිනිස්‌ ඇටසැකිල්ලක්‌ මෙයට වසර 10 කට පෙර බ්‍රිතාන්‍යයේ ස්‌ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකට හමුවෙනවා. එය ලැබෙන්නේ දකුණු ඇමරිකාවේ චිලී රටේ අටකාමා (Atacama) කාන්තාරයෙන්.
577632_520240011347341_1691745692_n.jpg

පසුගිය වසර 10 තුළ මේ ඇටසැකිල්ල පිළිබඳව කෙරුණු පර්යේෂණ ආශ්‍රයෙන් විද්‍යාඥයන් නිගමන තුනකට එළැඹුණා. එනම්, එය අටකාමා කාන්තාරයේ වාසය කළ Atacama humanoid හෙවත් අටා නමැති ප්‍රාථමික මනුෂ්‍ය වර්ගයේ කුඩා දරුවකුගේ හෝ වඳුරු පැටවකුගේ හෝ ඇටසැකිල්ලක්‌ විය හැකි බවයි. එහෙත් එහි හිස්‌කබලේ ඇති අසාමාන්‍ය දිග නිසා එය පිටසක්‌වල වැසියකුගේ ඇටසැකිල්ලක්‌ බවට තුන්වන මතයක්‌ ද ගොඩනැගී තිබුණි. පිටසක්‌වලින් පැමිණ මෙහි අතරමං වූ හෝ පෘතුවියේදී මිය යැම නිසා සිරුර මෙහි දමා යැමට සිදුවූ ජීවියකුගේ ඇටසැකිල්ලක්‌ ලෙස මෙය පිළිගැනීම වඩා සාධාරණ බව පර්යේෂකයන් පැවැසුවා.

මේ ඇටසැකිල්ල පිළිබඳ නිෂ්පාදනය කළ විද්‍යා වාර්තා චිත්‍රපටයක්‌ පසුගියදා ප්‍රදර්ශනය කෙරුණා. ඒ චිත්‍රපටයට අනුව විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙය විකෘති වර්ධනයක්‌ තිබූ මිනිස්‌ ඇටසැකිල්ලක්‌ බවයි. වාර්තා චිත්‍රපටයේ නම Sirius

UFO,+UFOs,+sighting,+sightings,+alien,+aliens,+ET,+space,+top+secret,+mj12,+W56,+paranormal,+ovni,+omni,+sirius-atacama-humanoid-alien-picture.jpg

කෙසේ වුණත් පිටසක්‌වල ජීවීන් ගැන විශ්වාස කරන ලෝක ප්‍රජාව කියන්නේ මෙය පිටසක්‌වල ජීවියකුගේ ඇටසැකිල්ලක්‌ම බවයි. වෙනත් ලෝකයකින් පැමිණි ජීවියකුට තිබිය හැකි විශාල හිසක්‌ සහ කුඩා ශරීරයක්‌ මේ ඇටසැකිල්ල ආශ්‍රයෙන් ත්‍රිමාණ පරිගණක රූප ලෙස දැනටමත් ගොඩනගා තිබෙනවා.

වසර 2003 ඔක්‌තෝබර් 19 වැනිදා අටකාමා කාන්තාරයේ ඇති ඓතිහාසික වටිනාකමක්‌ තිබෙන වස්‌තූන් සොයාගෙන විත් විකුණන පුද්ගලයකුවූ ඔස්‌කාර් ටුනෝස්‌ නමැත්තාට මේ ඇටසැකිල්ල හමුවුණා. එය තිබුණේ කතර මැද ක්‍ෂේම භූමියක්‌ ආශ්‍රයෙහි තිබූ අත්හැර දමන ලද නගරයක්‌ වන ලා නෝරියා ප්‍රදේශයේදීය. එංගලන්තයේ ස්‌ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී මේ ගැන පරීක්‍ෂණ මාලාවක්‌ සිදු කර නවතා දමනු ලැබුවා. ඒ නිසි නිගමනයකට එන්නට පර්යේෂකයන්ට නොහැකි වීම නිසයි.

"අටකාමා ඇටසැකිල්ල" ගැන සත්‍ය හෙළි කර ගැනීම භාරව තිබුණේ ස්‌ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය ස්‌ටීවන් ගි්‍රසර් මහතාටයි. ඉන්පසුව දීර්ඝ කාලීනව මේ ඇටසැකිල්ල CAT SCAN පරීක්‍ෂණයට භාජන කෙරුණා. ඊටත් පසුව DNA පරීක්‍ෂණ මාලාවක්‌ කෙරුණා.

7b4a87b0fe64a7513b9b43c24b1fade4.jpg

පිටසක්‌වල ජීවීන් හුදෙකලා කාන්තාර ප්‍රදේශවලට පැමිණෙන බවට දීර්ඝකාලීන පිළිගැනීමක්‌ තිබෙනවා. Sirius චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය 22 වැනිදාට යෙදී තිබූ "මිහිකත දිනයේදී" ඇමරිකාවේ ලොස්‌ඇන්ජලීස්‌ නගරයේදී ප්‍රදර්ශනය කළා.

පර්යේෂකයන් තර්ක කරන්නේ මේ ඇටසැකිල්ලේ තිබෙන DNA මනුෂ්‍ය DNA වලට සමාන බවයි. මේ ජාන පරීක්‍ෂණය සඳහා ලෝකයේ හොඳම ජාන පර්යේෂණ විද්‍යාඥයන් සහභාගි වුණා. Atacama Humanoid යන වචන අන්තර් ජාලයේ ටයිප් කිරීමෙන් Sirus චිත්‍රපටය නැරඹීමට ඔබට අවකාශ ලබා ගැනීමට පුළුවන.·







විස්තර "දියග"කලාපයෙන්.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    මිනිස් සකිල්ලකට සමාන නම්, D.N.A සමාන නම් පිටසක්වලයෙක් වන්නේ කොහොමද ? උ මිනිසෙකුම වන්නේය
     

    blue_in_rio

    Well-known member
  • මිනිස් සකිල්ලකට සමාන නම්, D.N.A සමාන නම් පිටසක්වලයෙක් වන්නේ කොහොමද ? උ මිනිසෙකුම වන්නේය

    එහෙම කියන්නත් බෑනේ කොල්ලෝ....එතකොට පිටසක්වල ජීවීන් ගැන පිළිගන්න කට්ටිය කියයි, එහෙමනම් පෘතුවිවාසීන් පැවතගෙන එන්නෙත්, පිටසක්වල ජීවීන්ගෙන් කියලා....... :P:P:P:P:P